26.9 C
Sri Lanka
Friday, August 15, 2025
HomeTOPමහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමිගේ දුකසැප අගමැති මහින්ද රාජපක්ෂ මහතා විමසයි.

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමිගේ දුකසැප අගමැති මහින්ද රාජපක්ෂ මහතා විමසයි.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(30) දින පෙරවරුවේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති සාහිත්‍ය චක්‍රවර්තී අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් බැහැ දැක උන්වහන්සේ ගේ සුවදුක් විමසා බැලුවේය.

අට පිරිකර පූජා කළ අග්‍රාමාත්‍යතුමා මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළේය.

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියෝ ද මෙහි දී අග්‍රාමාත්‍යතුමාට ප්‍රශංසා පෙරදැරිව අනුශාසනා කළහ. උන්වහන්සේ සහ අග්‍රාමාත්‍යතුමා අතර සුහඳ කතාබහක් පැවතිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments