පොලිස් විශේෂ කාර්ය බලකාය
සංවිධානාත්මක අපරාධ මර්දන
ඒකකය1හි නිලධාරීන්ට ලැබුණු
තොරතුරකට අනුව නිලධාරී
කණ්ඩායමක් (31) ජාඇල
පොලිස් වසමේ දඹුව , කොටුගොඩ
ස්ථානයේ වැටලීමක් සිදුකර අයිස්
මත්ද්‍රව්‍ය ග්‍රෑම් සීයක් ළඟ තබාගෙන
සිටි අයකු අත්අඩංගුවට ගෙන
තිබේ. එහිදි ජංගම දුරකතනයක්ද
සොයාගෙන ඇත. මුලස්ථාන
විශේෂ මෙහෙයුම් අංශය මගින්
හෙරොයින් ග්‍රෑම් අටක් හා
අත්බෝම්බ දෙකක් සමග
අත්අඩංගුවට ගෙන මීට පෙර
බන්ධනාගාර ගත කළ අයෙකී.
මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම්
ඒකකයේ (කොළඹ කලාපයේ)
නිලධාරීන්ට ලැබුණු තොරතුරකට
අනුව නිලධාරි කණ්ඩායමක් (31)
ගල්කිස්ස පොලිස් වසමේ
ආර්පිකෝ ආයතනය ඉදිරිපිට
මාර්ගයේ අත්තඩිය, දෙහිවල යන
ස්ථානයේදී වැටලීමක් සිදුකර අයිස්
මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයයි, මිලිග්‍රෑම්
හත්සිය අසූවක් ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදි යතුරු පැදියක් හා ජංගම
දුරකතනයක්ද සොයාගන තිබේ.
එමෙන්ම පුලියන්කුලම කඳවුරේ
නිලධාරීන්ට ලැබුණු තොරතුරකට
අනුව නිලධාරි පිරිසක් වව්නියාව
පොලිස් වසමේ මුන්නිමුරප්පු
ප්‍රදේශයේ වැටලීමක් සිදුකර කේරළ
ගංජා ග්‍රෑම් 3,700ක් හා
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
තිබේ. ගෝනහේන කඳවුරේ
නිලධාරීන්ට ලැබුණු තොරතුරකට
අනුව නිලධාරී කණ්ඩායමක් සීදුව
පොලිස් වසමේ සුදර්ශන මාවතේ
කටුනායක ස්ථානයක වැටලීමක්
සිදුකර නීති විරෝධිව මෙරටට
ගෙනත් තිබු දුම්වැටි එක්දහස්
දෙසීයක්. ගෝනහේන කඳවුරේ
නිලධාරී තවත් වැටලීමක් සිදුකර
ගම්පහ පොලිස් වසමේ සීදුවපාර්,
උඩුගම්පොල ස්ථානයක වැටලීමක්
සිදුකොට නීති විරෝධි මත්පැන්
මිලිලීටර් තිස්තුන්දහස් හත්සිය
පනහක්, ගෝඩා මිලි ලීටර්
එක්ලක්ෂ හැත්තෑහයකදහසක් ,
තඹ දඟරයක්, ගෑස් ලිපක්, ගෑස්
සිලින්ඩරයක් අත්අඩංගුවට ගෙන
ඇත.
මේ අතර ගම්පොළ කඳවුරේ
නිලධාරීන්ට ලැබුණු තොරතුරකට
අනුව දවුලගල පොලිස් වසමේ
කැටකුඹුර ලීමගහකොටුව යන
ස්ථානයක වැටලීමක් සිදුකර
බලපත්‍ර රහිතව කසළ තේ
කිලෝග්‍රෑම් 1,752.2ක
තොගයක් ගබඩාකාර ගෙසි සිටි
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන සඳහා දවුලගල
පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
තලවකැලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එම නගරයේ දුම්රිය මාර්ගය අසල වැටලීමක් සිදුකොට මාවා ග්‍රෑම් 55.6ක් සමග වයස අවුරුදු දාඅටක අයකු අත්අඩංගුවට ගෙන ඇත. කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එම නිලධාරී පිරිසක් රත්නපුර පොලිස් වසමේ තිබ්බොට්ට, මාරපන වේ ගඟ තුල වැටලිමක් සිදුකර අනවසරයෙන් පතල් කැණීම් කරනු ලැබු ස්ථානයක් වටලා අයක් අත්අඩංගුවට ගෙන තිබේ රත්නපුර මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය වෙත භාරදීමෙන් පසු එම පුද්ගලයා ට රුපියල් 5,000.00ක ස්ථානීය දඩයක් නියම කිරිමෙන් පසු එම මුදල ගෙවීමෙන් පසු නිදහස් කර ඇත.භාණ්ඩ ස්වර්ණාභරණ අධිකාරිය භාරයට ගෙන ඇත. මෙහිද කම්ප්‍රෙෂර් එකක්,ඇම්.15ක් වයර් අඩි විස්සක් සොයාගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේ සෝදිසි රාජකාරි නියුතු නිලධාරී කණ්ඩායමක් රැඳවියන් සෝදිසි කරනු ලබන ස්ථානයේදී රැඳවියෙක් කලිසම් සාක්කුවක සිම්පතක් සඟවාගෙන සිටියදී සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර ජේලර්වරයකු වෙත භාරදී තිබේ.