මත්ද්‍රව්‍ය අඩංගු ගුලි පනහක් පමණ සිය උදරයේ සඟවාගෙන පැමිණි අයෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඊයේ(31) උදෑසන 10.30 ට පමණ, එමිරේට්ස් ගුවන් සේවයේ අංක EK650 ගුවන් යානයෙන්, කෙන්යාවේ සිට මෙරටට පැමිණ ඇත. එහිදි රේගු නිලධාරීන් වයස අවුරුදු 39 ක් වූ කෙන්යානු ජාතිකයෙක් ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිටවී යෑමේ දී සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ අත්අඩංගුවට ගන්නා ලැබු සැකකරු ගුවන් තොටුපළ පරිශ්‍රයේ ඇති ශරීර පරීක්ෂණ යන්ත්‍රය මගින් පරීක්ෂා කිරීමේ දී එම සැකකරු තම උදරයේ සැක කටයුතු දෙයක් සඟවා ඇති බව නිරීක්ෂණය විය. එහිදි වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී මෙම සැකකරු තම උදරයේ කොකේන් මත් ද්‍රව්‍ය අඩංගු ගුලි සඟවා ගෙන ඇති බව පිළිගත්තේය. එවැනි මත් ද්‍රව්‍ය අඩංගු ගුලි 50 ක් පමණ සැකකරු උදරයේ සඟවා ගෙන තිබෙන බව නිරීක්ෂණය කර ඇති අතර, එයින් මත් ද්‍රව්‍ය අඩංගු ගුලි 06 ක් ගුවන් තොටුපල තුල දීම සැකකරු පිටතට ගෙන තිබේ. පසුව, ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ නඩු භාණ්ඩ රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශය වෙත බාර භාර දී ඇත. මේ වන විට තවත් ගුලි 15 පිටතට ගෙන ඇති බවද වාර්තාවේ.