හැටන් නැෂනල් බැංකුවේ කොළඹ සිට නුවර
එළිය දක්වා මුදල් රැගෙන ගිය
අබාන්ස් ආරක්ෂක අංශයේ නිලධාරී
කණ්ඩායමක් ගමන් ගත් වාහනයේ
රියැදුරු අනෙක් පිරිස ටේලර්
යන්ත්‍රවලට මුදල් දමන අතර තුර
රුපියල් හයකෝටියක වඩා මුදල්
රැගෙන පලා යමින් සිටි අතර තුරදී
එස්.ටී.එෆ්. ලුහුබැඳ අල්ලා ගනී.
හැටන් නැෂනල් බැංකුවේ ට්‍රේලර්
යන්ත්‍ර වලට මුදල් දැමීම සඳහා
කොළඹ සිට නුවරඑළිය දක්වා
මුදල් රැගෙන අබාන්ස් ආරක්ෂක
අංශයේ නිලධාරීන් කණ්ඩායමක්
ගමන් කළ රථයේ රියදුරු හැටන්
නගරයේ දී එචි.එමි.බි. ටේලර්
යන්ත්‍රයට මුදල් දමන අතරතුර
මුදල් රැගෙන ගිය වෑන් රථයේ තිබු
මුදල් ද රැගෙන පලා යමින් සිටි
රියදුරු සමග රුපියල් හය කෝටි
හැත්තෑ හතර ලක්ෂ දහනමදහස්
හත්සීයක මුදලක් ද එම පුද්ගලික
ආරක්ෂක අංශය හා සම්බන්ධ
වෙමින් වාහනයට සවිකර තිබු
චන්ද්‍රිකා දත්ත උපකරණය මගින්
වාහනය ගමන් කරන මාර්ගය
නිරීක්ෂණය කරමින් ඇදහැලෙන
මහ වර්ෂාමැද මහත් පරිශ්‍රමයක් දරා
නුවර හැටන් මාර්ගය රේන්දපොල
යන ස්ථානයේදී අල්ලා ගැනීමට
සමත්වි තිබේ .
පොලිස් විශේෂ කාර්ය බලකායේ
අණදෙන නිලධාරි නීතිඥ වරුණ
ජයසුන්දර මහතාගේ නියෝග හා
උපදෙස් පරිදි මහනුවර සේනාංකය
කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරී රත්තෙපිටිය
මහතාගේ මග පෙන්වීම හා උපදෙස්
යටතේ විශේෂ කාර්ය බලකාය
නුවරඑළිය කඳවුරේ කදවුර
අණදෙන නිලධාරි පොලිස්
පරීක්ෂක හේරත් ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් පලාගිය රියදුරා හා
වෑන්රථය අත්අඩංගුවට ගෙන ඇත.
එම රියදුරා යුද හමුදාවේ සේවය
කරමින් සිටිද්දි ඉන් පලාගිය අයෙකු
බවට අනාවරණය වූ අතර
අත්අඩංගුවට ගන්නා ලැබු මුදල්,
සැකකරු හා වෑන් රථයද
කැප්පෙටිපොළ පොලිස් ස්ථානයට
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
භාර දී ඇත.
මේ අතර පොලිස් කාර්ය බලකායේ
දෛනික වැටලීම්වලදී වාලච්චේන
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
වාලච්චේන පොලිස් වසමේ කිරාන්
ග්‍රාමසේවා කොට්ඨාසය,
වනදරාමුල්ල, කරුන්කල්ලයාඩි
ප්‍රදේශයේදී විදේශීය රටක
නිෂ්පාදිත බෝර12 වර්ගයේ
ගිනිඅවියක් සහ බෝර 12 හිස්
පතුරොම් කොපු දෙකක්
අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
පානමුර පොලිස් වසමේ නාරන්දේ
ගෙදර මුල්අඩියාවලදි මේ ගිනි අවිය
අත්අඩංගුවට ගෙන ඇත.
ගෝනහේන කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් ගණේමුල්ල පොලිස්
වසමේ චන්දන
උයන,පරකන්දෙණිය, ඉඹුල්ගොඩ
යන ලිපිනයේදී ජීව උණ්ඩ සහ
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ
වරදට අයකු අත්අඩංගුවට ගෙන
ඇත. මුලතිව් කඳවුරෙ නිලධාරී
කණ්ඩායමක් කිලිනොච්චිය
පොලිස් වසමේ කනකපුරම්
ප්‍රදේශයේදී ව්‍යාජ ලෙස සකස්
කරන ලද අංක තහඩු වාහනවලට
සවිකිරීමේ ස්ථානයක් අයකු
අත්අඩංගුවට ගෙන ඇත. අම්පාර
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
තීරුබදු නොගෙවා ආනයනය කළ
විදේශීය රටක නිෂ්පාදිත
ගෝල්ඩ්ලීෆ් වර්ගයේ දුම්වැටි
තොගයක් ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට වැඩිදුර විමර්ශන
කටයුතු සඳහා කල්මුණේ පොලිස්
ස්ථානයට වෙත භාරදී තිබේ.
විශේෂ මෙහෙයුම් අංශයේ 1හි
නිලධාරී කණ්ඩායමක් කැලණිය
පොලිස් වසමේ
බොල්ලෑගල,ගෝනවල,සුමල්
ග්‍රොසරි වෙළෙඳ සැල තුල තීරුබදු
නොගෙවා මෙරටට ගෙන්වන ලැබු
රජයේ අවවාදය රහිත චීනයේ
නිෂ්පාදිත ගෝල්ඩ් පර්ල් වර්ගයේ
දුම්වැටි දෙසිය හතළියක් සමග
අයකු අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් එම පොලිස් වසමේ මිරිස්වැල්පොත, නෙරළුකන්ද ප්‍රදේශයේ නීති විරෝධි ලෙස වගාකර තිබු ගංජා හේනක් සහ ගංජා පැළ තවානක් අත්අඩංගුවට ගෙන තිබේ. බුත්තල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් තණමල්විල පොලිස් වසමේ අරබේගම, කරපිංචා ලන්ද ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස වගා කර තිබු ගංජා ගස් 13ක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 11හි නිලධාරී කණ්ඩායමක් මීගමුව පොලිස් වසෙම් ගුණරත්න මාවතේ කුරණ මීගමුව පිහිටි ස්ථානය ඉදිරිපට බලපත්‍ර රහිතව විදේශීය මත්පැන් ළඟ තබාගෙන සිටීම හා මිල ප්‍රදර්ශනය කිරීම හා විකිණීම යන වැරැදිවලට පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ එම පොලිස් වසමේ තරාල ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් හා ඒවා නිෂ්පාදනය කිරීමට යොදාගන්නා ගෝඩා සහ උපකරණ ළඟ සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ගොන්හේන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් පමුණුගම පොලිස් වසමේ නවවෙනි පටුමග, පුබුදුගම උස්වැටකෙයියාව යන ස්ථානයේ කසිප්පු හා එවා පෙරීමට ගන්නා උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගැනීම.තලවාකැලේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් දිඹුලපතන පොලිස් වසමේ බෝගහවත්ත ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව ඉරණ ලැබු දැව ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පස්සර කඳවුරේ නිලධාරී කණ්ඩායමක් ඇටම්පිටිය පොලිස් වසමේ, සපුගස්වත්ත නෙළුව බණ්ඩාරවෙල ස්ථානයේදී තහනම් කෘෂි රසායනික ද්‍රව්‍යයක් වන ග්ලයිපොසෙට් අඩංගු වල්නාශක ග්‍රෑම්100යි පැකට් හතළිස අටක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මාන්කූලම් කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මන්කූලම් පොලිස් වසමේ පනික්කන්කූලම් රක්ෂිතයේ පදිනෙට්ටම්පෝර ප්‍රදේශයේ බලපත්‍ර රහිතව වැලි කැණීම් කර ට්‍රැක්ටර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පරයානාලන්කූලම් කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මඩුපොලිස් වසමේ තම්පනේකුලම් කැලැබද ප්‍රදේශයේ දි බලපත්‍ර රහිතව වැලිකැණීම් කර ට්‍රැක්ටර් රථ දෙකකට පටවමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.