26.9 C
Sri Lanka
Friday, August 15, 2025
HomeTOPපෙර පාසැල් ගුරුවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවධානයක්.

පෙර පාසැල් ගුරුවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවධානයක්.

විශේෂයෙන් පෙර පාසල් දරුවන් සඳහා දෑත් සේදීමට සහ ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම සඳහා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් මේ වන විට රට පුරා ක්‍රියාත්මකව පවතී
ඒ හා සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති පෙර පාසල් 223 කට අවශ්‍ය එම උපකරණ බෙදා දීමේ එක් අදියරක් එරාවුර් පට්ට්‍ර ප්‍රාදේශයේ ලේකම් කාර්යාලයේ දී (01) දින පැවැත්විය.

පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන හා ගෘහාශ්‍රිත සත්ත්ව පාලනය හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය පැවැත්විණි.

එහිදි අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා කියා සිටියේ ඉදිරියේදී පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ ඔවුන්ගේ සේවා කාලය අවසානයේදී විශ්‍රාම වැටුපක් ලබා දීම සම්බන්ධයෙන් පෙර පාසල් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සමග සාකච්ඡා කරන බවයි.
වසර දෙකකට ආසන්න කාලයක් පුරා ප්‍රාථමික ශ්‍රේණි වල දරුවන්ට මෙන්ම පෙර පාසල් දරුවන්ට නිසි අධ්‍යාපනයක් හෝ පූර්ව ළමා විය සංවර්ධන කිරීම කල නොහැකි තත්වයකට පත්ව තිබුණේ කොවිඩ් වසංගතය නිසා මුළු රටටම නීරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පැවති නිසාය නමුත්, යම්තාක් දුරකට කොවිඩ් වසංගත පාලනය කර ඇති පසුබිමක පෙර පාසල් මෙන්ම ප්‍රාථමික පන්ති ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්, පෙර පාසල් බාරව කටයුතු කරන නිළධාරීන් ඇතුළු පෙර පාසල් ගුරුවරියන් පිරිසක් එක් වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments