29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්SLT-MOBITEL සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්වී ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස්...

SLT-MOBITEL සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්වී ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් කණ්ඩායමට උපහාර පුදයි.

ජාතිකතොරතුරුහාසන්නිවේදනතාක්‍ෂණවිසඳුම්සම්පාදකවන SLT-MOBITEL, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමගඑක්වී,ඉතාලියේදී පැවති 2021රෝදපුටු ලෝක කුසලාන තරගාවලියේදීදක්ෂතාදැක්වූ ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් කණ්ඩායමට උපහාර පිදීමට කටයුතු කළේ ය. මේ සඳහා විශේෂ උත්සවයක් පසුගියදා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී SLT-MOBITEL විසින් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුටම රු. 1,000,000 බැගින් පිරිනමන ලද අතර, කණ්ඩායමේ පුහුණුකරුට රු. 250,000 ක මුදලක් පිරිනමන ලදි.

තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යසංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම උත්සවයේ ත්‍යාග ප්‍රදානයට එක්වූ අතර, SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ සහ SLT-MOBITEL හි නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

2021 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ  ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් කණ්ඩායමට සුරේෂ් ධර්මසේන, ලසන්ත රත්නවීර සහ ඩී.එම්. ගාමිණි යනක්‍රීඩකයන්ඇතුළත් වූඅතර, කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජගත් වැලිකල මහතා කටයුතු කළේය. තරගාවලිය තුළදී බ්‍රසීලය, බෙල්ජියම සහ පෝලන්තය පරාජය කරමින් 6 වන ස්ථානය දිනාගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත් විය.

SLT-MOBITEL දිගු කාලයක පටන් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශාලමෙහෙවරක්ඉටුකර තිබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ආත්ම විශ්වාසය වර්ධනය කරගනිමින්, රටට ගෞරවයක් රැගෙන ඒමට හැකි පසුබිමක් නිර්මාණයකර දීමමෙහිමූලිකඅරමුණ වී ඇත. විවිධක්‍රීඩාවන්සඳහාඅනුග්‍රාහකත්වයලබාදීම සහක්‍රීඩාවේ දියුණුව උදෙසා විවිධ වැඩසටහන් සංවිධානය කිරීම ඇතුළුක්‍රම රාශියක් ඔස්සේ SLT-MOBITEL මෙලෙස ක්‍රීඩා ක්ෂේත්‍රය සවිබල ගන්වන අතර, රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ට ජාත්‍යන්තර තලයට පිවිසීම සඳහා අවස්ථාව ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය සකස් කර ඇති සැලසුම් වලටද තම පූර්ණ සහයෝගය ලබාදෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments