29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්කොල්කටා නයිට් රයිඩර්ස් පළමු ජය ලබයි

කොල්කටා නයිට් රයිඩර්ස් පළමු ජය ලබයි


මෙවර IPL කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) රාති‍්‍රයේ සමත්වුණා.

ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුළු 07කින් පරාජය කරමින්. අබුඩාබිහි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 04 ක් දැවී ලකුණු 142 ක් රැස් කිරීමට සමත්වුණා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම එම ඉලක්කය පසුකර ගියේ 18 වන පන්දුවාරයේදීයි. බිඳ වැටුණු කඩුළු සංඛ්‍යාව 03 ක්. පන්දු 62කදී නොදැවී ලකුණු 70 ක් රැස්කළ ශුබන් ගිල් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා. 

IPL තරගාවලියේ තවත් තරගයක් සාජාහිදී අද (27) පැවැත්වෙනවා. ඒ, රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතරයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments