22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeක්‍රීඩා පුවත්T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර...

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර (04) පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර අද (04) පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 189ක් රැස් කළේය.

කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර තිබුණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 68ක් රැස්කළ අතර පැතුම් නිශ්ශංක ලකුණු 51ක් රැස්කළේය.

පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අන්ඩ්‍රෙ රසල් කඩුලු 2ක් දවා ගත් අතර ඩ්වේන් බ්‍රාවෝ එක් කඩුල්ලක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 169ක් පමණි.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නිකලස් පූරන් ලකුණු 46ක් රැස් කළ අතර ෂිම්රොන් හෙට්මයර් නොදැවී ලකුණු 81ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු, වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවා ගත්හ. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments