පොලිස් විශේෂ කාර්ය බලකායේ දෛනික වැටලීම් වලදී (03) ගෝනහේන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මිනුවන්ගොඩ පොලිස් වසමේ පල්ලිය පාර,ඕපාත කොටුගොඩ ස්ථානයේ වැටලීමක් සිදුකොට නීති විරෝධි මත්පැන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරමින් සිටි අයකු සමග කසිප්පු ලීටර් දෙසිය හැත්තෑවක්, ගෝඩා 1,295ක්, වතුර මෝටර් එකක්,ගෑස් ලිප් එකක්, ගෑස් සිලින්ඩර් එකක්, තඹ දඟර දෙකක්, යකඩ බැරල් එකක් අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර කඳවුරේ නිලධාරී කණ්ඩායමක් තහනම් කර ඇතිGlyphosate ශහවත් Anu 71 වර්ගයේ වල්නාශක ග්‍රෑම් 100යේ පැකට් 147ක්, Carbofuran 3% GR වර්ගයේ වල්නාශක කිලෝග්‍රෑම් එකේ පැකට් දාහතරක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. තලවාකැලේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර රහිතව ටූනා දැව කඳන් ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.වාලච්චේන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කර වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.එහිදි වැලි කියුබ් 3/4ක්, ට්‍රැක්ටර් රථයක්, ටේලර් රථයක්, වැලි ප්‍රවහන බලපත්‍ර එකක්ද අල්ලාගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් තණමල්විල පොලිස් වසමේ අගුණකොළපැලැස්ස, නාලිය වන රක්ෂිත ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර අක්කර 1/4ක පමණ භූමියක ප්‍රමාණයක් වගාකර තිබු ගංජා පැළ සහිත හේනක් සහ ගංජා ඇට සැකකරුවන් රහිතව ගංජා හේන් හතරක් අත්අඩංගුවට ගෙන තිබේ.
කතරගම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් තිස්සමහාරාම පොලිස් වසමේ කන්දේ විහාරය පන්සල ඉදිරිපිට මාර්ගයේ වැටලීමක් සිදුකොට නීති විරෝධි රථයක් මගින් මුවමස් ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදි මුවමස් කිලෝග්‍රැම් විසි දෙකක්, ත්‍රී රෝද එකක්ද අල්ලාගෙනතිබේ.