22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPකොවිඩ්19 වසංගතයෙන් මියගිය ජනතාව පිංපැමිණීම ඇතුළු පිංකම් මාලාවක් කැලණීය රජමහා විහාරයේ දී...

කොවිඩ්19 වසංගතයෙන් මියගිය ජනතාව පිංපැමිණීම ඇතුළු පිංකම් මාලාවක් කැලණීය රජමහා විහාරයේ දී සිදුකෙරිණි.

කැලණිය රජමහා විහාරයේ පූජ්‍ය මහචාර්ය කොල්ලුපිටිය මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව යටතේ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩ ඥානසර ස්වාමීන් වහනසේ මෙහෙයවීමෙන් මෙම පිංකම් මාලාව පැවැත්විණි.

එහිදි පිරිවෙන් සහ මෙහෙණින් වහන්සේලා අධ්‍යාපනය ලබන ආයතන විස්සක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පූජාකිරීමක්, දෙසිය පනස් නමක්වු භික්ෂූන් වහන්සේලා ගිලන්පස දානය පූජා කිරීම, මහේෂාකශවූත් ගාංභිරවුත් අසිරිමත් තෙසැත්තෑ ඥාන වන්දනාව හා පූජාව පවත්වා රට වැසි ලෝවැසි සැමට සෙත් පැතීමත් සිදුවිය. එමෙන්ම කැලණිය රජමහා විහාරයේ වෙහෙර හා විහාර මන්දීරය විදුලිය ආලෝකයෙන් පූජා කිරීමද මෙහිදි සිදුකෙරණි. තාරුණ්‍යට අරුණැල්ලක් සංවිධානයේ සභාපති, ව්‍යාපාරික යුවළක්වු ආචාර්ය ඉසුරු බණ්ඩාර හා තිළිණි ප්‍රියමාලි බණ්ඩාර යුවළගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දින සංවිධානය කර තිබුණි. එදි එම මහත්මියගේ ජන්මදිනයද යෙදි තිබුණි.

මේ අවස්ථාවට කැළණි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නායක හමුදුරුවෝ, කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද නාහිමි, පූජ්‍ය කිරම විමලජෝති නාහිමියෝ අතුළු මහා සසසංඝරත්නයද ,හිටපු ඇමැතිවරයකු හා ප්‍රවීණ රංඟන ශිල්පි ජීවන් කුමාරතුංග, සේමීණි ඉද්දමල්ගොඩ,නිවේදක පේශල මනෝද් හා පූර්ණිකා පීරිස් , පොදුජන පෙරමුණේ අජිත් සුබසිංහ, කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සභාපති අප්සරා තිලකරත්න මහත්මිය, චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ටී.ප්‍රනාන්දු, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments