22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් ස්ත්‍රීදුෂණයට ලක් කළ දූෂිතයකු ඇතුළු වැලි හා නීති විරෝධි...

මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් ස්ත්‍රීදුෂණයට ලක් කළ දූෂිතයකු ඇතුළු වැලි හා නීති විරෝධි මත්පැන් ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

මත්ද්‍රව්‍ය ජාවාරමේ හා ස්ත්‍රී

දූෂණයේ යෙදුණු පුද්ගලයෙකු

විශේෂ කාර්ය බලකායේ

නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය

සංවිධානාත්මක අපරාධ මර්දන

ඒකකය 1හි නිලධාරීන්ට ලැබුණු

තොරතුරකට අනුව ස්ථානාධිපති

පොලිස් පරීක්ෂක

පි.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසානායක

ඇතුළු නිලධාරී කණ්ඩායමක් (04)

අගුණකොළපැලැස්ස පොලිස්

වසමේ පුරාණ විහාරය, තෙරුංගම,

කි.මී. 15 කණුව අසල දී වැටලීමක්

සිදුකර ඇත.

එහිදී කේරළ ගංජා සන්තකයේ

තබාගෙන සිටි වලස්මුල්ල

ප්‍රදේශයේ වයස අවුරුදු 33 ක

පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා

අගුණකොළපැලැස්ස පොලිස්

ස්ථානය වෙත භාර දී ඇත.

තවද මෙම පුද්ගලයා 2013

වර්ෂයේ සිදුකරන ලද ස්ත්‍රී

දුෂණයක් සම්බන්ධයෙන් තංගල්ල

මහාධිකරණයේ නඩුවක් විභාග

වෙමින් පවතින බවත්, සැකකරු

ලංගම බස් රථයක රියදුරු මහතකු

සමඟ ඇති කරගත් ගැටුමක්

සම්බන්ධයෙන් මොරටුව

අධිකරණයේ නඩුවක් විභාග

වෙමින් පවතින බවත්, පුද්ගලයන්

පිරිසක් සමඟ ඇති කරගත් ගැටුමක්

සම්බන්ධයෙන් වලස්මුල්ල

අධිකරණයේ නඩුවක් විභාග

වෙමින් පවතින බවත්, මොහුට

විරුද්ධව නීති විරෝධී මත්ද්‍රව්‍ය

ජාවාරම් සිදු කිරීමට අදාලව හා නීති

විරෝධී ක්‍රියා සිදුකිරීම

සම්බන්ධයෙන්

අගුණකොළපැලැස්ස පොලිස්

ස්ථානය මගින් අධිකරණයේ නඩු

කිහිපයක් ගොනුකර ඇති බවටත්

කරුණු වාර්තා වී ඇත.

අත්අඩංගුවට

ගත් සැකකරු තිහගොඩවත්ත,

විදිකන්ද, වලස්මුල්ල ප්‍රදේශයේ

පදිංචිකරුවෙකී. වයස අවුරුදු

තිස්තුනකී. නම ජිවන් ප්‍රසාද් කුමාර

නම් මොහු අත්අඩංගුවට ගන්නා

අවස්ථාවේදී කේරළ ගංජා කිලෝ

03 යි, ග්‍රැම් 350යි ළඟ

තබාගෙන තිබි සොයාගෙන ඇත.

එය වෙළෙඳපොළ වටිනාකම

රුපියල් ලක්ෂ පහකට අධිකවේ.

මේ අතර පොලිස් විශේෂ කාර්ය

බලකායේ දෛනික වැටලීම්වලදී

සංවිධානාත්මක අපරාධ මර්දන

ඒකකය 11හි නිලධාරින්

කණ්ඩායමක් කෙසෙල්වත්ත

පොලිස් වසමේ හෙරොයින් ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන සඳහා

කෙසෙල්වත්ත පොලිස් ස්ථානය

වෙත භාරදී තිබේ. බුද්ධි

කොට්ඨාසයේ නිලධාරී

කණ්ඩායමක් බොරැල්ල පොලිස්

වසමේදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන සඳහා

බොරැල්ල පොලිස් ස්ථානය වෙත

භාරදී ඇත. විශේෂ මෙහෙයුම්

ඒකකය 11 හී නිලධාරී

කණ්ඩායමක් නවගමුව පොලිස්

වසමේදී කේරළ ගංජා ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන සඳහා

නවගමුව පොලිස් ස්ථානය වෙත

භාරදී තිබේ. සෙට්ටිකූලම් කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් වව්නියාව

පොලිස් වසමේදී කේරළ ගංජා ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන කටයුතු

සඳහා වව්නියාව පොලිස් ස්ථානය

වෙත භාරදී ඇත. කුරුණෑගල

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

හෙට්ටිපොල පොලිස් වසමේ

කේරළ ගංජා ළඟ තබාගෙන

ප්‍රවහනය කරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙනන වැඩිදුර

විමර්ශන සඳහා හෙට්ටිපොළ

පොලිස් ස්ථානයට භාරදී තිබේ.

සංවිධානාත්මක අපරාධ මර්දන

ඒකකය11 නිලධාරීන්

කණ්ඩායමක් ගල්කිස්ස පොලිස්

වසමේදී මත් පෙති හා කේරළ ගංජා

ළඟ තබාගෙන සිටි කාන්තාවක්

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස්

ස්ථානය වෙත භාරදි ඇත. එමෙන්ම

ගෝනහේන කඳවුරේ නිලධාරී

පිරිසක් කටුනායක පොලිස් වසමේ

නීති විරෝධි දුම්වැටි ළඟ තබාගෙන

සිටි අයකු අත්අඩංගුවට ගෙන

වැඩිදුර විමර්ශන සඳහා කටුනායක

පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

පුත්තලම කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් නොරොච්චෝලේ

පොලිස් වසමේදී නීති විරෝධි

මත්පැන් හා ඒවා පෙරීමේ

උපකරණ ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන සඳහා නොරොච්චෝලේ

පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.

මහඔය කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් හා මහඔය පොලිස්

ස්ථානයේ නිලධාරි පිරිසක් සමග

ඒකාබද්ධව මහඔය පොලිස්

වසමේදී බලපත්‍ර රහිතව

කොන්දේසි උල්ලංඝනය කරමින්

වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන සඳහා මහඔය පොලිස්

ස්ථානය වෙත භාරදි ඇත. වාකරේ

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

වාකරේ පොලිස් වසමේදී වලංගු

බලපත්‍රයක් රහිතව වැලි පටවමින්

සිටි සිව්දෙනකු අත්අඩංලගුවට

ගෙන වැඩිදුර විමර්ශන සඳහා

වාකරේ පොලිස් ස්ථානය වෙත

භාරදි තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments