28 C
Sri Lanka
Wednesday, May 7, 2025
HomeTOPඅයහපත් කාලගුණය නිසා පස්දෙනකු මරුට.

අයහපත් කාලගුණය නිසා පස්දෙනකු මරුට.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7 කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ජාතිත ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ
නායයෑම් අවදානම් නිවේදනය ඊයේ (06) රාත්‍රී 10 සිට අද (07) රාත්‍රී 10 දක්වා බලපැවැත්වේ.

බදුල්ල, රත්නපුර, මාතලේ, කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය, රාජාංගනය, වෙහෙරගල, මහවිලච්චිය, යෝධ වැව, නාලන්දා සහ තබ්බෝව යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් ජලාශ අවට පහත් බිම්වල ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 05 ක් සිදුව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments