22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපොලිස් විශේෂ කාර්ය බලකාය දෛනික වැටලීම්වලදී තවත් ජාවාරම්වල යෙදි සිටි පුද්ගලයින් හා...

පොලිස් විශේෂ කාර්ය බලකාය දෛනික වැටලීම්වලදී තවත් ජාවාරම්වල යෙදි සිටි පුද්ගලයින් හා උපකරණ අත්අඩංගුවට ගනී.

පොලිස් විශේෂ කාර්ය බලකය දෛනික වැටලීම් වලදී

අක්කරපත්තුව කඳවුරේ

නිලධාරීන්ට ලැබු තොරතුරකට

අනුව නිලධාරි කණ්ඩායමක් (06)

අක්කරපත්තුව පොලිස් වසමේ

පාලමුණ 05, බීච්පාර ප්‍රදේශයේදී

වැටලීමක් සිදුකර කේරළ ගංජා

ග්‍රෑම් දෙසිය පනස් හතරක්

අත්අඩංගුවට ගෙන තිබේ.

බුත්තල කඳවුරේ ලැබුණු

තොරතුරකට අනුව නිලධාරී

කණ්ඩායමක් කොස්ලන්ද පොලිස්

වසමේ නැව්ආර, බලහැරව

ප්‍රදේශයේදී වැටලීමක් කර පර්චස්

දහයක පමණ භූමියක ගංජා ගස්

සහිත හේනක් සමග පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන ඇත. එහිදි

ගංජා ගස් උස අඩි හතක් පමණ වන

ඒවා දෙදහස් පන්සීයක්

සොයාගෙන ඇත. එම කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් එම

ප්‍රදේශයේදීම තව වැටලීමක් කර

පර්චස් දෙකක පමණ භූමියක ගංජා

ගස් සහිත හේනක් අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන සඳහා ගස්

දහයක් කොස්ලන්ද පොලිස්

ස්ථානයට භාරදී තිබේ. මෙහිදි උස

අඩි 3.5ක් පමණ වන ගංජාගස්

තුන්සීයක්ද සොයාගෙන

ඇත.පූගොඩ පොලිස් වසමේ

ඇලපාර පැපිලියවල ස්ථානයේ

පිහිටි නිවස පිටුපස වැටලීමක්

සිදුකර නීති විරෝධි මත්පැන් ළඟ

තබාගෙන සිටි කන්තාවක්

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන සඳහා පූගොඩ පොලිස්

ස්ථානය වෙත භාරදි ඇත. මෙහිදි

නීති විරෝධි මත්පැන් බෝතල් මිලි

ලීටර් 33,750ක් අත්අඩංගුවට

ගෙන තිබේ. කෑගල්ල කඳවුරේ

නිලධාරීන් ලැබුණු තොරතුරකට

අනුව රඹුක්කන පොලිස් වසමේ

කොටවැල්ල තැබිලිපොන

ප්‍රදේශයේ වැටලීමක් සිදුකර නීති

විරෝධි මත්පැන් මිලි ලීටර්

මත්පැන් 33,750ක් ගෝඩා

මිලිලීටර් 326,750යි, ගෑස්

ලිපක්, ගෑස් සිලින්ඩරයක්, තඹ

දඟරයක්, ප්ලාස්ටික් බැරලයක්,

යකඩ බැරලයක් අත්අඩංගුවට

ගෙන තිබේ. යාපනය කඳවුරේ

නිලධාරී ලැබු තොරතුරකට අනුව

නිලධාරි කණ්ඩායමක් පලෙයි

පොලිස් වසමේ අල්ලිපලෙයි .

කලපු ප්‍රදේශයේ වැටලීමක් සිදුකර

බලප්‍ර රහිතව වැලි කැණීම් කර ටිපර්

රථයකට පටවමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන සඳහා පලෙයි පොලිස්

ස්ථානයට භාරදි ඇත. එහිදි වැලි

කියුබ් එකක්,ටිපර් රථයක්, සවල්

එකක් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය කඳවුරේ නිලධාරීන්ට

ලැබුණු තොරතුරකට අනුව තවත් වැටලීමක් සිදුකොට බලපත්‍ර රහිතව වැලි කැණීම් කර ටිපර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. එහිදි වැලි කියුබ් 1.5යි, ටිපර් රථයක්, සවල් එකක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ප්‍රදේශයේ තවත් වැටලීම් සිදුකර බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් වැලි කැණීම් කිරීම , පැටවීම වැනි කටයුතු සිදුකළ පුද්ගලයින් හා උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.

කණ්ඩායමක්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments