22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ නව ක්‍රමවේදයක්.

දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ නව ක්‍රමවේදයක්.

කොවිඩ් නිසා පාසල් දරුවන්ට අහිමිවූ අධ්‍යාපනය ලබාදීමේ නව ක්‍රමවේදයක් සකස් කර ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එහිදී අතශ්‍යවශ්‍ය කොටස් වෙත වැඩි අවධානයක් යොමුකර ඇති බවය.

“මෙම යෝජිත ක්‍රමවේදය අනුව 2020 සහ 2021 වසරවල දරුවන්ට අධ්‍යාපනයේදී අහිමි වූ පාඩුව ආවරණය කරගැනීමට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. එය නොවැම්බර් සිට මාර්තු දක්වා කාලය වෙන් කරලා තියෙනවා. ඇතැම් විට එය අප්‍රේල් දක්වා යයි. ඒ කාලයේදී මේ අධ්‍යාපන පාඨමාලා පැවැත්වෙනවා. 3 ශ්‍රේණියේ සහ 4 ශ්‍රේණියේ සිටි දරුවා 5 ශ්‍රේණියට ගොස් 2022 මැයි සිට දෙසැම්බර් දක්වා ඒ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අපි යෝජනා කරලා තියෙනවා. ඒ අනුව 2022 දෙසැම්බර් වනවිට දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය යථා තත්ත්වයට පත්කරගන්න අවස්ථාව ලැබෙයි. අපි කරලා තියෙන්නේ නැතිවූ කොටසින් මීළඟ ශ්‍රේණියට යෑමට අත්‍යවශ්‍යම කොටස ඉගැන්වීම.”

“නොවැම්බර් පළමු වනදා සිට මේක ක්‍රියාත්මක වෙනවා. පාසල්වල විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට නිදහස ලැබිලා තියෙනවා ඒ ආවරණය කරගන්නා ආකාරය තීරණය කිරීමට. අපි අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග කොමසාරිස්තුමා සමගත් සාකච්ඡා කරලා තමයි මේ යෝජනා ඉදිරිපත් කළේ. විභාග පැවැත්වීමේ කාලසටහන අනුව එය නැවත වෙනස් වෙන්නත් පුළුවන්. අපි මෙලෙස යෝජනා කරලා තියෙන්නේ අතපසුවූ කොටසින් අත්‍යවශ්‍යම කොටස. දැන් ඉන්න ශ්‍රේණියේ සිට ඊළඟ ශ්‍රේණියට දරුවා යද්දි විභාගයක් තියලා දරුවාගේ මට්ටම මැන බලනවා.”

මේ අතර කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අහිමිවූ ඉගැන්වීම් පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඇස්තමේන්තුවක් සකස් කර තිබේ.

ඊට අනුව ඉගෙනුම් පාඩුව 2020 වසරේදී බස්නාහිර පළාත තුළ 55%ක් සහ අනෙකුත් පළාත්වල 45%ක් වශයෙන් තක්සේරු කර තිබේ.

2021 වසරේදී මේ දක්වා එම අගයන් බස්නාහිර පළාතේ 90%ක් ද අනෙකුත් පළාත්වල 70%ක් ද ලෙස දැක්විය හැකි බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments