28 C
Sri Lanka
Wednesday, May 7, 2025
HomeTOPකාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට අමාත්‍ය විමල් ඉන්දුනීසියාවේ ජකර්තා...

කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට අමාත්‍ය විමල් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට (2nd Regional Conference on Industrial Development (RCID) – 2021 ) සහභාගි වීම පිණිස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (08) දිවයිනෙන් පිටත්ව ගියේය.මෙම සමුළුව ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්‍යංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධනය පිළිබඳ සංවිධානයේ(UNIDO) සහයෝගීතාවයෙන් සංවිධානය කරනු ලබන අතර එය මෙම මස 10 – 11 දෙදින තුළ “තිරසාර කාර්මීකරණය සඳහා කර්මාන්ත කඩිනම් කිරීම” යන තේමාව යටතේ පැවැත්වේ. මෙම සමුළුව සඳහා UNIDO සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල කර්මාන්ත අමාත්‍යවරු සහභාගී වෙති.ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට පැමිණි කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු පිරිස එරට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පිළිගනු ලැබීය. ප්‍රධාන සමුළුවට සමගාමීව ආසියානු පැසිපික් කලාපීය රටවල කර්මාන්ත සංවර්ධනයේදී පැනනගින ගැටළු සහ අභියෝග පිළිබදව විශේෂ සාකච්ජා කිහිපයක් ද පැවැත්වීමට නියමිත අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී අදහස් දැක්වීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments