29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජයන්ත කැටගොඩ ‘හුංගෙක්’

ජයන්ත කැටගොඩ ‘හුංගෙක්’

අනුන්ගේ කොන්ත්‍රාත්තුවකට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමට උත්සාහ කළ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ‘හුංගෙක්’ බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පැවැසීය. නොයෙක් කතා පැතිර ගියද ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා හා සම්බන්ධ සිදුවීමේදී පහරදීමක් සිදුවූයේ නැතැයිද ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22 වැනිදා) බේරුවල ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. හෙතෙම අදාළ සිදුවීම පිළිබඳව මෙසේද අදහස් පළ කළේය.

‘එහෙම කිසිම පහරදීමක් සිදුවුණේ නැහැ.

එතුමා කාගේ හරි කොන්ත්‍රාත් එකකට

අ​පේ මන්ත්‍රීතුමන්ලාට යම් යම් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳව අපේ මන්ත්‍රීතුමන්ලා සියලුදෙනාම අපට පැමිණිලි කළා. මම ඒක අග්‍රාමාත්‍යතුමාට පැමිණිලි කළා. ඒ අවස්ථාවේ ජයන්ත කැටගොඩ මහත්තයා එතැන සිටියා.

කවුද එහෙම කරන්නේ කියලා ඇහුවහම මම කිව්වා මෙන්න මෙයා කියලා. එහෙම කිව්වම තමයි යම් බහින් බස්වීමක් සිදුවුණේ. පහරදී ගැනීමක් සිදුවුණේ නැහැ.’

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාව කිසියම් පිරිසක් විසින් මෙහෙයවනවා දැයි කියාය.

‘දකුණේ කියමනක් තියෙනවනේ ‘හුංගෙක්’ කියලා. එතුමා හුංගෙක්. එතුමා කාගේ හුංගෙක්ද කියලා එතුමාගෙන්ම තමයි අහන්න ඕනේ.’ යැයි ඇමැතිවරයා එහිදී පිළිතුරු ලබාදුන්නේය.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාව මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ විසින්දැයි මාධ්‍යවේදීහු මෙහිදී වැඩිදුරටත් විමසූහ.

‘ඒ ගැන හොයන්න බලන්න. ඔයගොල්ලන්ට පුළුවන්නේ හොයලා බලන්න.’ යැයි පැවැසූ ඇමැතිවරයා ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රතිපාදන විසිවැනි සංශෝධනයට ඇතුළත්වීමෙන් අනතුරුව යමකු ඒ හරහා පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ දැරුවහොත් කුමක් වේදැයි යන්න පිළිබඳව මෙසේ පැවැසීය.

‘ලැජ්ජාවක් බයක් තියෙන කිසිම ද්විත්ව පුරවැසියෙක් මේ කෙටි කාලය ඇතුළත පාර්ලිමේන්තුවට රිංගන්න උත්සාහ කරන එකක් නැහැ.

ලැජ්ජා බය දශමයක්වත් තියෙනවා නම් මේ ඇරිච්ච දොරෙන් ඔළුව දාන්න උත්සාහ කරයි කියලා මම හිතන්නේ නැහැ.’

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments