29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නව සෞඛ්‍ය මාර්ගෝපදේශන

නව සෞඛ්‍ය මාර්ගෝපදේශන

නිසි බලධාරියකුගේ අවසරයකින් තොරව ජනතා ඒකාරාශිවීම් සහ රැස්වීම් පැවැත්වීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ එවන් අවසරයකින් තොරව ජන ඒකාරාශිවීම් හා රැස්වීම් පවත්වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

දැනට සමස්ත ශ්‍රී ලංකාවම කොවිඩ් -19 සම්බන්ධයෙන් රෝගී ප්‍රදේශයක් ලෙස මෙමගින් නම් කර ඇත.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් අතිවිශෙෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මේ අතර කොවිඩ් එන්නත් මාත්‍රා දෙක ලබා නොගත් පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළුවීම  වාරණය කරමින් නීතිමය තත්ත්වය ගෙනඑන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments