23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමෙරටට බෝට්ටු මගින් කේරළ ගංජා ගෙනඑන ජාවාරමක් හා නීතිවිරෝධි , වැලි ජාවාරමුන්...

මෙරටට බෝට්ටු මගින් කේරළ ගංජා ගෙනඑන ජාවාරමක් හා නීතිවිරෝධි , වැලි ජාවාරමුන් එස්.ටි.එෆ්.දැලේ

ඉන්දියාවේ සිටි මෙරටට බෝට්ටු

මගින් හොර රහසේ රැගෙන ආ

ලක්‍ෂ පහකට අධික වටිනාකමකින්

යුතු කේරළ ගංජා තොගයක් විශේෂ

කාර්ය බලකා නිලධාරීන් අත්

අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන

නිලධාරී නියෝජ්‍ය පොලිස්පති

නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ

සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර

උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ

පොලිස් අධිකාරි පි.ජේ.

සිල්වෙස්ටර් විජේසිංහ මහතාට

ලැබුණු තොරතුරකට අනුව විශේෂ

කාර්ය බලකාය ගෝනහේන

කඳවුරේ පොලිස් පරික්ෂක

එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු

නිලධාරී කණ්ඩායමක් (11)

ගම්පහ පොලිස් වසමේ අංක

313/52/සී, වලව්වත්ත,

ගම්පහ ලිපිනයේ පිහිටි නිවස

ඉදිරිපිට දී වැටලීමක් සිදුකර

ඉන්දියාවේ සිටි මෙරටට බෝට්ටු

මගින් හොර රහසේ රැගෙන ආ

ලක්‍ෂ පහකට අධික වටිනාකමකින්

යුතු කේරළ ගංජා සන්තකයේ

තබාගෙන සිටි ගම්පහ ප්‍රදේශයේ

වයස අවු. 47 ක පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා ගම්පහ

පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එහිදි කේරළ ගංජා කිලෝ 03යි,

ග්‍රෑම් 500ක්,ඩිජිටල් තරාදි 01

යි,ජංගම දුරකථන

01 යි, මුදලින් රුපියල් 20,000.00

ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර බුද්ධි කොට්ඨාශයේ

නිලධාරි කණ්ඩායමක් කිරුළපන

පොලිස් වසමේ හෙරොයින් ග්‍රැම්

හතරයි මිලිග්‍රෑම් තුන්සිය හැටක් සහ

අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් තුන්සිය

හතළියක් ජාවාරම් කිරීම සඳහා

ළඟ තබාගෙන සිටි කාන්තාවක්

අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ

කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ

නිලධාරි කණ්ඩායමක් පෑලියගොඩ

පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම්

31ක් ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත.

කිලිනොච්චිය කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් ධර්මපුරම් පොලිස්

වසමේ නීති විරෝධි මත්පැන් ලීටර්

සීයක්, ගෝඩා ලීටර් හයසිය

හැත්තෑපහක්, සහ දැවි ගෝඩා ලීටර්

හාරසියපනහක්, එම උපකරණ

සැකකරුවන් රහිතව අත්අඩංගුවට

ගෙන තිබේ. මාන්කූලම් කඳවුරේ

නිලධාරි පිරිසක් එම පොලිස්

වසමේ බලපත්‍ර රහිතව වැලි

ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයින්

හය දෙනකු ට්‍රැක්ටර් රථ පහක්

අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර කඳවුරේ නිලධාරි

පිරිසක් හා සුරාබදු එකකයේ

නිලධාරි පිරිසක්ද සමග ගාල

දිවුරල්වැව පොලිස් වසමේ

නීතිවිරෝධි මත්පැන් වැටලිම්

දෙකක් සිදුකොට නීති විරෝධි

මත්පැන් මිලි ලීටර් 18,750ක්,

ගෝඩා ලීටර් 800ක්,දැවි ගෝඩා

ලීටර් 90ක් සමග පුද්ගලයින්

හත්දෙනකු අත්අඩංගුවට ගෙන

තිබේ. අරලගංවිල කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් වැලිකන්ද පොලිස්

වසමේ බලපත්‍ර රහිතව ස්ථානයකින්

වැලි පටවමින් සිටි අයකු ටිපර්

රථයක් සමග අත්අඩංගුවට ගෙන

ඇත. කරුණෑගල කඳවුරේ නිලධාරි

පිරිසක් නාරම්මල පොලිස් වසමේ

නීති විරෝධිව මත්පැන් මිලි ලීටර්

63,750ත් දම ගෝඩා 175,500ක්

සමග පුද්ගලයින් තිදෙනකු

අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම අරන්තලාව කඳවුරේ

නිලධාරි කණ්ඩායමක් කරදියනාරු

පොලිස් වසමේ බලපත්‍ර රහිතව

ස්ථානයකින් වැලි කැණීම් කර

ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින්

සිටි පුද්ගලයින් පස් දෙනකු හා එම

ට්‍රැක්ටර් තුනත් සමග අත්අඩංගුවට

ගෙන තිබේ. ලාහුගල කඳවුරේ

නිලධාරි කණ්ඩයමක් පොතුවිල්

පොලිස් වසමේ අනවසරයෙන්

රක්ෂිතයට ඇතුළ්වි කැලෑ

එළිකරමින් සිටි දෙදනකු

අත්අඩංගුවට ගෙන ඇත. කන්තලේ

කඳවුරේ නිලධාරි කණ්ඩායමක්

අග්බෝපුර පොලිස් වසමේ බලපත්‍ර

කොන්දේසි උල්ලංඝණය කරමින්

ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින්

සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මහඔය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මහඔය පොලිස් වසමේ බලපත්‍ර රහිතව ස්ථානයකින් ෆයිබර් බෝට්ටු දෙකකට වැලි පටවමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි ප්‍රවහනය කරමින් සිටි දෙදනකු ට්‍රැක්ටර් රථ දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කඳවුරේ නිලධාරි කණ්ඩායමක් රත්නපුර පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ලීටර් 37.5ක්, ත්‍රීවීල් රථයකින් ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. එම කඳවුරේ නිලධාරීන් තවත් වැටලීමක් සිදුකර නිවිතිගල පොලිස් වසමේ බලපත්‍ර රහිතව අනවසරයෙන් පතල් කැණීම් කරන ලැබු ස්ථානයක් වටලා දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. කහවත්ත කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කහවත්ත පොලිස් වසමේ නීති විරෝධිව ගෝඩා ලීටර් එකසිය තිස්පහක්, ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සූරියවැව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ නීති විරෝධි ලෙස පර්චස් හතරක් පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබු ගංජා පැළ තුන්සීයක් සහිත හේනක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments