COVID-19 නිසා ඇතිවූ බාධාවන් ජයගනිමින් සිය ජාතික මෙහෙවර අඛණ්ඩව සපුරාලයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස සිය පාරිභෝගික විශ්වාසය නැවතත් තහවුරු කරමින්, SLT-MOBITEL, 2021 තෙවන කාර්තුව සඳහා සිය බදු-පසු ලාභය, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 49.2% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, රු. බිලියන 3.2 ක්ලෙස වාර්තා කිරීමට සමත් වී තිබේ. ආංශික පිරිවැය ඒකාබද්ධකරණය, සමූහ මට්ටමේ අපතේ යාම් අවම කරලීමේ වැඩසටහන, ඉවතලන අබලි ද්රකව්යආ මුදල් බවට පරිවර්තනය කිරීම, මෙහෙයුම් පිරිවැය කළමනාකරණය ආදී සාධක ඉතුරුම් වැඩි කිරීමට හේතු වුණු අතර, එය මෙම වසරේ බදු පසු ලාභයේ වර්ධනයෙන් සහ අඛණ්ඩවලාභාංශගෙවීමමගින්පිළිබිඹුවේ.
පෙර වසරට සාපේක්ෂව 2021 තෙවනකාර්තුව තුළ SLT සමූහයේ ආදායම රු. බිලියන 26.7ක්දක්වා, එනම් 15.6% කින් වර්ධනය විය. සමූහයේපොලී ගෙවුම්, බදු ගෙවුම්, ක්ෂයවීම්, ක්රෙමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA)පෙර වසරට සාපේක්ෂව 25.7% කින් වර්ධනය වී, රු. බිලියන 10.8ක් ලෙස වාර්තා වී ඇත. EBITDA ආන්තිකයද පෙර වසරේ වාර්තා වූ 37.1% ට සාපේක්ෂව 40.4% ක් දක්වා වර්ධනය වී තිබේ.
පාරිභෝගිකයන් කේන්ද්‍ර කරගත් අලෙවි ක්‍රමෝපායක් ක්‍රියාවට නැංවීම හේතුවෙන්, 2020 වසරේ මුල් මාස 9 ට සාපේක්ෂව, මෙම වසරේ මුල් මාස 9 තුළ සමූහයේ පිරිවැටුම 14% කින් ඉහළ ගොස්, රු. බිලියන 76.6 ක් ලෙස වාර්තා වී තිබේ. ගෘහස්ථ හා ආයතනික පාරිභෝගිකයන් සඳහා ෆයිබර් සම්බන්ධතාවන් ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීම සහ PEO TV හා ජංගම දුරකථන සේවාවන්හි වර්ධනය, මෙම සාර්ථකත්වයට හේතු වී ඇත. මෙම සේවාවන් සඳහා ඉල්ලුම ඉහළ යාම නිසා, බදු-පසු ලාභය, පෙරවසරේඅදාළකාලපරිච්ඡේදයටසාපේක්ෂව 36.1% කින් ඉහළ ගොස්, රු. බිලියන 9.2 ක් ලෙස වාර්තා වී තිබේ.
මෙම වසරේ මුල් මාස 9 තුළ සමූහයේ ප්රා ග්ධන වැය ආයෝජනයන්හි එකතුව රු. බිලියන 18.2 ක් විය. ජාතික ෆයිබර්කරණ වැඩසටහන යටතේ ෆයිබර් සම්බන්ධතා ලබාදීමේ ක්රිායාවලිය පුළුල් කිරීම සහ, LTE සන්නිවේදන මධ්යරස්ථාන සහ කුලුනු සඳහා ආයෝජනසිදුකිරීම ඔස්සේ, ශ්රීප ලංකාවේ ඩිජිටල් සම්බන්ධතාවන්ගේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීමේ මෙහෙවරSLT-MOBITEL විසින් අඛණ්ඩව කරගෙන ගියේය. එමෙන්ම ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත 5G තාක්ෂණය, පාරිභෝගික අත්දැකීම තවදුරටත් උසස් කරනු ඇත. එමෙන්ම පාරිභෝගික සේවාවේ ප්ර මිතිය වැඩිදියුණු කිරීමේ අරමුණින් මුහුදු සංදාම ජාලය සහ දේශීය දුරකථන ජාලය සඳහා සමූහය සිදුකරන ආයෝජනයන්ද අඛණ්ඩව ක්රිුයාත්මක වෙමින් පවතී.
SLT සමූහය විසින්, සෘජු හා වක්රු බදු සහ ලාභාංශ ඔස්සේ, මෙම වසරේ මුල් මාස 9 තුළ ශ්රී ලංකා රජය වෙත ලබාදෙන ලද දායකත්වය රු. බිලියන 15.1 කි.
“SLT-MOBITEL මේ වනවිට පර්යේෂණ හා සංවර්ධන ක්රි යාවලිය ඔස්සේ සාම්ප්රමදායික දුරකථන ක්ෂේත්‍ර පූර්ණ තාක්ෂණික පරිවර්තනයකට ලක්කරමින්, ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරා රැගෙන යමින් සිටිනවා. නවීනතම තාක්ෂණය මෙන්ම ඉහළම සේවාවක් සැපයීම සඳහා අප තුළ ඇති කැපවීම නැවත වරක් තහවුරුකරමින්,මොබිටෙල්ආයතනය සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත ප්රණධාන කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු අප මෙම වසරේදී ආරම්භ කළා. 2022 වසරේදී මෙහි ඉදිකිරීම් අවසන් වීමෙන් අනතුරුව, අපගේ සියලුම ජංගම සේවාවන් වැලිකඩ පිහිටි මෙම තාක්ෂණික උද්යාපනය වෙත රැගෙන ඒමට අපට හැකිවේවි. පර්යේෂණ හා නවෝත්පාදන කටයුතු වෙනුවෙන් මෙම නව කාර්යාල සංකීර්ණයේ සම්පූර්ණ මහලක්ම වෙන්කර තිබෙනවා. එමෙන්ම, රටට හා ජනතාවට ඉහළම තලයේ සේවාවක් ලබාදෙන අතරම, රටේ ඩිජිටල් පරතරය පියවීම සඳහා රජය දරන උත්සාහයට අප ලබාදෙන සහයෝගය අඛණ්ඩව ක්‍රියාත්මකයි.” යැයි SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.
“එන්නත්කරණයවූශ්රතමබලකායක්සමගින් ශ්රීම ලංකාව නැවතත් පූර්ණ කාර්යක්ෂමතාව ළඟා කරගනිමින් සිටින පසුබිමක, SLT සමූහය විසින් රජය, ජනතාව හා ආයතන අතර ඩිජිටල් සම්බන්ධතාවන් ශක්තිමත් කිරීමේ මෙහෙවර ඉටුකරමින් සිටිනවා. අප සමූහයේ සියලුම සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම සහ අභියෝගකාරී කාලසීමාව තුළ අප ක්‍රියාවට නැංවූ වැඩසටහන් වල සාර්ථකත්වය නිසා, මේ ආකාරයට විශිෂ්ට මූල්යි ප්රබතිඵල අත්කර ගැනීමට අපට හැකි වී ඇති බව පැහැදිලියි. ඉහළම තලයේ සේවාවක් සඳහා ශ්රීක ලාංකිකයන් දිගින් දිගටම අප කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබීම සහ, තමන්ට අවශ්යා සන්නිවේදන විසඳුම් සම්පාදකයා ලෙස ඔවුන් කිසිදු පැකිළීමකින් තොරව අප තෝරාගැනීම අපට මහත් සතුටක්.” SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා පැවසී ය.
2021 වසරේ මුල්මාස 9 තුළ, සමූහයේ පරිපාලිත සමාගම වන ශ්රීි ලංකා ටෙලිකොම් පීඑල්සී (SLT) හි පිරිවැටුම 17.3% කින් වර්ධනය වී, රු. බිලියන 44.7ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව සමාගමේ බදු-පසු ලාභය ද 45.4% කින් වර්ධනය වී, රු. බිලියන 5.1 ක් ලෙස වාර්තා වී ඇත.නූතන යුගයේ ජාතික සේවා සපයන්නා ලෙස ශ්‍රී ලාංකිකයන් විසින් සමාගම වටා ඒකරාශී වීම තුළින්, පෙර වසරේ සමාලෝචිත කාලයට සාපේක්ෂව මෙම වසරේදී අන්තර්ජාල,PEOTV සහ දේශීය වාහක සේවා (Carrier Domestic Services) ආදායම් ඉහළ ගොස් තිබේ.
“ෆයිබර් සම්බන්ධතා ජාලය පුළුල් කිරීම සඳහා SLT-MOBITEL ක්රිrයාත්මක කළ වැඩසටහන අපේක්ෂිත ප්රේතිඵල අත්කර ගනිමින් තිබෙන අතර, 4G ජාලයද වර්ධනය වෙමින් පවතිනවා. COVID-19 තත්ත්වය හමුවේ පවා, අපගේ කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන වේගවත්ව ක්රි්යාවට නැංවීමට දායකත්වය ලබාදුන්නා. මෙහිදී කාර්ය මණ්ඩලයේ වැටුප් හෝ ප්‍රතිලාභ වල අඩුවක් සිදුනොවීමට සමාගම වගබලාගත්තා. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස, සමස්ත ශ්‍රී ලංකාවාසීන් ඩිජිටල් තාක්ෂණයේ හෙට දවස වෙත රැගෙන යාමට අප සූදානම්. මේ ගමනේදී අප වෙත එල්ල වීමට ඉඩ ඇති සියලුම බාධක ජයගනිමින් අපගේ සියලු පාර්ශ්වකරුවන් වෙත ඉහල ප්‍රතිඵල ලබාදීම සඳහාත් එකම සන්නාමයක් ලෙස අපි කටයුතු කරනවා.” SLT ප්රපධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා පැවසී ය.
මෙම වසර තුළ විවිධාකාරයේ නිෂ්පාදන හා සේවාවන් හඳුන්වා දීමට SLT-MOBITEL කටයුතු කළ අතර, එහිදී විශේෂයෙන්ම COVID-19 ව්යාහප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයක් යොමුවිය. ඉදිරිපෙළ සෞඛ්යා සේවකයන් ඉලක්ක කරගෙන ‘සුවවිරු උපහාර’ දුරකථන හා අන්තර්ජාල දීමනා ක්රුමය හඳුන්වා දෙන ලද අතර, ශිෂ්ය් ශිෂ්යා‘වන් වෙනුවෙන් ‘Call Tutor’ සහ ‘A/L කුප්පිය’ වැනි සේවාවන් හඳුන්වා දෙන ලදි. මෙබඳු සේවාවන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් වෙතින් උණුසුම් ප්රකතිචාර හිමි විය. එමෙන්ම නව සාමාන්යා තත්ත්වය යටතේ ආයතනික පාරිභෝගිකයන්ට මාර්ගගත සේවා සිදුකිරීමවෙනුවෙන් ‘SD-WAN’ සේවාවක් හඳුන්වා දීම සඳහා CISCO සමග අත්වැල් බැඳගන්නා ලද අතර, සුළු හා මධ්‍ය‘මහා පරිමාණ ව්‍යාපාරද වැඩි වැඩියෙන් මාර්ගගත සේවාවන් වෙත යොමුවෙමින් සිටින පසුබිමක් තුළ ඔවුන්උදෙසා ‘SLT-MOBITEL BizChat FB Chatbot’ හඳුන්වා දී ඇත.
2021 වසරේ සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 තුළ, සමූහයේ ජංගම දුරකථන සේවා සමාගම වන මොබිටෙල්(පුද්.) සමාගමේ ආදායම පෙර වසරට සාපේක්ෂව 10% කින්, එනම් රු. බිලියන 3 කට වැඩි ප්ර1මාණයකින් වර්ධනය වී තිබේ. මෙම දුෂ්කර කාලපරිච්ඡේදය තුළ ආර්ථික කටයුතු මන්දගාමී වීම සහ වෙනත් අභියෝග හමුවේ පවා මෙම වර්ධනය සනිටුහන් කිරීමට මොබිටෙල්සමත් වී ඇත. මෙම මාස 9 ක කාලය තුළ, බදු-පසු ලාභය රු. බිලියන 5.7ක් ලෙස වාර්තා කරමින්, ඉතිහාසයේ වාර්තා කරගත් ඉහළම ලාභය වාර්තා කිරීමට මොබිටෙල්සමාගමට හැකියාව ලැබී තිබේ. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 45.9% ක් තරම් සුවිශාල වර්ධනයකි. පවතින තත්ත්වයන් හමුවේ පාරිභෝගිකයන් වඩාත් ඉහළ තලයේ ඩිජිටල් සම්බන්ධතා වෙත යොමුවීමේ ප්‍රණතාවක් නිරීක්ෂණය වූ අතර, සමාගමේ අන්තර්ජාල සේවාවන් මගින් ලැබෙන ආදායමද ඉහළ ගොස් තිබේ. මෙහෙයුම් වියදම් සහ ප්රාණග්ධන වියදම් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගැනීම හේතුවෙන් වඩාත් ඉහළ ලාභාදායීත්වයක් සහ මුදල් ප්රනවාහ වර්ධනයක් වාර්තා වී ඇති අතර, ඒ අනුව 2021 වසරේ තෙවන කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය තත්ත්වයක් ළඟා කරගැනීමට මොබිටෙල්සමත් වී ඇත.
“ජාතික ජංගම දුරකථන සේවා සම්පාදකයා වශයෙන්, රටේ අනාගතයපිළිබඳව රජයේදැක්මට සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට උරදීමට මොබිටෙල්කැපවී සිටිනවා. අපගේ ඉලක්කය වන්නේ, මුදල් භාවිතයේදී මතුවන ගැටලු පාරිභෝගිකයන්ට පෙන්වා දෙමින්, ඔවුන් වැඩි වැඩියෙන් ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ ගනුදෙනු කිරීමට යොමුකරවීමයි. එමෙන්ම නවීන ඩිජිටල් තාක්ෂණික ක්ර්මවේදයන් භාවිතයට ගනිමින් සහ කඩදාසි රහිත මෙහෙයුම් ක්රිීයාවලි වෙත යොමුවෙමින්, COVID-19 තත්ත්වය හමුවේ ලොව පුරා භාවිතයට ගැනුණු‘Work from Home’හෙවත් නිවෙස් වල සිට රාජකාරි කිරීමේ සම්ප්ර්දාය අපගේ ආයතනය තුළද ක්‍රියාත්මක කිරීමට අප පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව, අධ්යාරපනය සඳහා අවශ්ය ඉහළම තලයේ සම්පත් දායකයන් හා අනෙකුත් පහසුකම් වඩාත් පහසුවෙන් ලබාගත හැකිවන ආකාරයට, දුරස්ථ ඉගෙනුම් වැඩසටහන් ප්රනවර්ධනය කිරීමටත් අප කටයුතු කරනවා.” මොබිටෙල්ප්රවධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා පැවසී ය.
රටට ආදර්ශයක් දෙමින් තම කාර්ය මණ්ඩලයෙන් 50% කට නිවෙස් වල සිට රාජකාරී කිරීමට අවස්ථාව ලබාදීමට මොබිටෙල්කටයුතු කර ඇත. එමගින් සැලකිය යුතු පිරිවැය ඉතිරියක් ළඟාකරගත් අතර, ඉදිරියේදී නිවෙස් වල සිට රාජකාරි කරන ප්රමතිශතය 80% දක්වා ඉහළ නංවමින්, තවදුරටත් ඉන්ධන ඉතිරි කරගැනීමටත්, ඵලදායීතාව ඉහළ නංවා ගැනීමටත් මොබිටෙල්අපේක්ෂා කරයි. Work from Home පැකේජ වලට අමතරව, දුරස්ථ ඉගෙනුම් කටයුතු ප්රතවර්ධනය කිරීම සඳහා Learn from Home පැකේජ හඳුන්වා දීමටමොබිටෙල්සමාගම කටයුතු කර ඇත. ආරම්භයේදීCOVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ ඇතිවූ අභියෝග වලට පිළියමක් ලෙස හඳුන්වා දෙන ලද මෙම පැකේජ, පසුව ඩිජිටල්කරණ සංකල්පය ප්‍රවර්ධනය කරන වැඩපිළිවෙළක් වශයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කළේය.
SLT සමූහය 2021 වසරේ තෙවන කාර්තුවේදීත් ඉහළ ප්‍රතිඵල වාර්තා කරයි, වසර අවසානයේදීත් විශිෂ්ට ප්‍රතිඵල අපේක්ෂා කෙරේ.
RELATED ARTICLES