22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය

දෛනික වැටලීම්වලදී ගෝනහේන

කඳවුරේ නිලධාරි කණ්ඩායමක්

රාගම පොලිස් වසමේ හෙරොයින්

ග්‍රෑම් 13ක් ළඟ තබාගෙන සිටි

අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්තොට කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් කේරළ ගංජා ග්‍රෑම්

45ක් ළඟතබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. ලාහුගල

කඳවුර හා පොතුවිල් පොලිස්

ස්ථානය ඒකාබද්ධව පවත්වාගෙන

යනු ලබන පොතුවිල් හුලංනුගේ

මාර්ගබාධකයේ දී සිදුකරන ලැබු

සෝදිසි කිරීමකදී වියළි ගංජා ග්‍රෑම්

තුනයි මිලි ග්‍රෑම් තුන්සීයක්

ළඟතබාගෙන සිටි අයකු

අත්ඩංගුවට ගෙන ඇත. මුලතිව්

කඳවුරේ නිලධාරි පිරිසක් නීති

විරෝධි මත්පැන් ළඟ තබාගෙන

සිටි හා පෙරමින් සිටි පුද්ගලයින්

දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පූගොඩ කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් දොම්පේ පොලිස්

වසමේ නීති විරෝධි මත්පැන් මිලි

ලීටර් 33,750ක් ළඟ තබාගෙන සිටි

අයකු අත්අඩංගුවට ගෙන

තිබේ.ගම්පොල කඳවුරේ නිලධාරි

පිරිසක් පුස්සැල්ලාව පොලිස්

වසමේ නීති විරෝධි මත්පැන්

14,500ක් ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. පුල්මුඩේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පුල්මුඩේ පොලිස් වසමේ අනවසරයෙන් ඇතුළුවි බලපත්‍ර රහිතව රජයේ කැලයේ අක්කර භාගයක ප්‍රමාණයක් කබා එළිපෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් මුලිතිව් පොලිස් වසමේ බලපත්‍ර රහිතව වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු ටිපර් රථයද සමග අත්අඩංගුවට ගෙන තිබේ. ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පොතුවිල් පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් හැඩඔයට ට්‍රැක්ටර් රථයක් ඇතුළු කර වැලි කැණිම් කරම පටවමින් සිටිද්දි අයකු අත්අඩංගුවට ගෙන ඇත.වලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකොට බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කර වැලිප්‍රවහනය කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. පරයනාලන්කූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මඩු පොලිස් වසමේ වලංගු බලපත්‍රයක් රහිතව වැලිකැණීම්කර ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අගුණකොළපැලැස්ස කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඬලය සෝදිසි කරන ස්ථානයේදී සැකකරුවකු පිළිබඳ සැකසිති සිර මැදිරියේ තාවකාලිකව රඳවා මළ පහ පරික්ෂා කිරීමේ ඒතුල තිබි පොලිතින් ආවරණවල රවුමට ඔතන ලැබු අඟල් දෙකක් පමණ දිග දුම්කොළ සුරුට්ටු දහයක් අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments