22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsබ්ලුමැන්ඩල් සංඛගේ පිස්තෝලයක් සමග තොටළඟ චානා එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

බ්ලුමැන්ඩල් සංඛගේ පිස්තෝලයක් සමග තොටළඟ චානා එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධ කල්ලි

සාමාජිකයකු වන සංඛ ශිරන්ත

නොහොත් බ්ලූ මැන්ඩල් සංඛට අයත්

ඉතාලියේ නිෂ්පාදිත රිවෝල්වර් ගිණි

අවියක් සමඟ පුද්ගලයකු විශේෂ

කාර්ය බලකා නිලධාරීන්

අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය

අණදෙන නිලධාරී නියෝජ්‍ය

පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර

මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (බුද්ධි/විශේෂ

මෙහෙයුම්) සහකාර පොලිස් අධිකාරී

ඩී.පී.යූ. කොඩිතුවක්කු මහතාගේ

උපදෙස් මත විශේෂ කාර්ය බලකාය

සංවිධානාත්මක අපරාධ මර්දන

ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු

තොරතුරකට අනුව ස්ථානාධිපති

පොලිස් පරීක්‍ෂක සී.ආර්.

පාරමුල්ලගේ ඇතුළු නිලධාරී

කණ්ඩායමක් (12) මහරගම පොලිස්

වසමේ අංක 199/B, බොරැල්ල

පාර, දෙපානම, පන්නිපිටිය ලිපිනය

අසල දී වැටලීමක් සිදුකොට

ඉතාලියේ නිෂ්පාදිත රිවෝල්වර්

වර්ගයේ ගිණි අවියක් ළඟ තබාගෙන

සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා

මහරගම පොලිස් ස්ථානය වෙත භාර

දී ඇත.

මෙම පුද්ගලයා දැනට විදේශ ගතව

සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි

සාමාජිකයකු වන සංඛ ශිරන්ත

නොහොත් බ්ලූ මැන්ඩල් සංඛ

නැමැත්තාගේ සමීපතමයකු වන

තොටලඟ චානා නැමැත්තා විදේශ

ගතවීමට පෙර මෙම ගිණි අවිය මොහු

වෙත ලබා දී ඇති බවත්, තොටලඟ

චානා නැමැත්තා මොහුගේ

සමීපතමයකු බවටත් තොරතුරු

අනාවරණය වී ඇත.
ඒ අනුව වයස

අවුරුදු හතළිස් හයක්වු දෙපානම

පන්නිපිටියේ පදිංචි මෙම තැනැත්තා

අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය

බලකාය සිය දෛනික වැටලිම්වලදි

හොරණ කඳවුරේ නිලධාරි පිරිසක්

එම පොලිස් වසමේ හෙරොයින්

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. එම

කඳවුරේම නිලධාරි කණ්ඩායමක්

පැලියගොඩ පොලිස් වසමේ අයිස්

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන

කඳවුරේ නිලධාරි කණ්ඩායමක්

ජාඇළ පොලිස් වසමේ කේරළ ගංජා

ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුව

ගෙන තිබේ. එම කඳවුරේම තවත්

නිලධාරි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය හා

මත්පෙති ළඟ තබාගැනිමේ හා

ජාවාරම් කිරීමේ වරදට අයකු

අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ

කාර්ය බලකායේ සංවිධානාත්මක

අපරාධ මර්දන ඒකකයේ 1හි

නිලධාරි පිරිසක් මාලිගාවත්ත පොලිස්

වසමේ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන

සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ මෙහෙයුම් 1හි නිලධාරි

කණ්ඩායමක් මට්ටක්කුලිය පොලිස්

වසමේ නීතිවිරෝධි ලෙස තිරුබදු

රහිතව මෙරටට ගෙනැවිත් ඇති

විදේශිය නිෂ්පාදිත මැන්චෙස්ටර්

වර්ගයේ දුම්වැටි දෙසීයක් කේරළ

ගංජා ග්‍රෑම් පනස්තුනක් සමග අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි

කොට්ඨාශයේ නිලධාරි පිරිසක්

කොටහේන පොලිස් වසමේදී

මෙරටට තීරුබදු නොගෙවා

ආනයනය කරන ලැබු චීන දුම්වැටි

ළඟ තබාගැනීම හා අලෙවි කරන

අයකු අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොල කඳවුරේ නිලධාරී පිරිසක්

පුස්සැල්ලාව පොලිස් වසමේ කසිප්පු

ළඟ තබාගත් සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත. අගුණකොළපැලැස්ස

බන්ධනාගාරය කඳවුරේ නිලධාරි

බන්ධනාගාර රැඳවියකු සම්බන්ධව

ඇතිවු සැකය මත ඔහුගේ මලපහ

පරික්ෂා කිරිමේදි වියළි දුම්කොළ කුඩු

මිලිග්‍රෑම් හතිළිස් පහක් සොයාගෙන

ඇත. කහවත්ත කඳවුරේ නිලධාරි

පිරිසක් නි.වි.ම වැටලීම් හතරක්

සිදුකර ඇති අතර කහවත්ත පොලිස්

වසමේ නිති විරෝධි මත්පැන් හා

පෙරිමේ උපකරණ ළඟ තබාගෙන

සිටි පුද්ගලයින් සිව්දෙනකු

අත්අඩංගුවට ගෙන ඇත. හපුතලේ

කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම

පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසී

උල්ලංඝණය කරමින් ලොරිරථයක්

උපයෝගි කරගෙන හිංසාකාරි ලෙස

ගවයින් ප්‍රවහනය කළ අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. කෑගල්ල

කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස්

වසමේ බලපත්‍ර රහිතව ටිපර්

රථයකින් මහෝගනි දැව කඳන්

ප්‍රවහනය කරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල

කඳවුරෙ නිලධාරි කණ්ඩායමක්

තණමල්විල පොලිස් වසමේ පරිචස්

15ක පමණ ප්‍රමාණයක් නිති විරෝධි

ලෙස වගා කර තිබු අඩි 1/ 1/2ක

පමණ ප්‍රමාණයේ ගංජා ගස්

හාරදහසක් සමග අයකු අත්අඩංගුවට

ගෙන තිබේ. පුල්මුඩේ කඳවුරේ

නිලධාරි පිරිසක් කුච්චිවේලි පොලිස්

වසමේ නීතිවිරෝධි මත්පැන් හා

පෙරිමේ උපකරණ සමග අයකු

අත්අඩංගුවට ගෙන ඇත. අරන්තලාව

කඳවුරේ නිලධාරි පිරිසක් වැටලිම්

දෙකක් සිදුකර මහඔය පොලිස්

වසමේ සින්නආරු ඔය තුලට ට්‍රැක්ටර්

රථයක් ඇතුළු කොට බලපත්‍ර රහිතව

කැණිම් කර පටවමින් සිටි සිව්දෙනකු

අත්අඩංගුවට ගෙන තිබේ. වාකරේ

කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස්

වසමේ නිති විරෝධි ලෙස ඉරා සකස්

කරන ලැබු දඹ දැව ප්‍රවහනය කරමින්

සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන

ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි

පිරිසක් නොරොච්චෝලේ පොලිස්

වසමේ නීති විරෝධි මත්ද්‍රව්‍ය

නිෂ්පාදන සඳහා යොදාගන්නා ගෝඩා

සහ තඹ දඟරයක් ළඟ තබාගෙන සිටි

අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් ඇලයාපත්තුව පොලිස්

වසමේ නීති විරෝධි ලෙස

අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුවි

අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක්

එළිපෙහෙළි කරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments