පොලිස් ආබාධිත රණවිරු සංගමය හා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතර සාකච්ඡාවක් පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වුණේ 88/89 අවධියේ ජනතා විමුක්ති පෙරමුණේ පෙරමුනේ භීෂණ සමයේ මියගිය හා ආබාධිත වූ පොලිස් නිලධාරීන්ගේ ගැටළු සම්බන්ධයෙනි.
88/89 සමයේ පොලිස් නිලධාරීහු 290 ක් මිය ගොස් ඇති අතර නිලධාරීන් 25ක් ආබාධිත තත්වයේ පසුවන අතර වෛද්ය් හේතූන් මත විශ්‍රාම ගන්වන ලැබු පොලිස් නිලධාරීන් හට මියයන තුරා දීමනා ගෙවීම සදහා වර්තමාන රජය මෙම වසරේ ගත් තීන්දුව ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය ආබාධිත රණවිරු සංගමය පෙන්වා දුන් අතර එසේ වීමට හේතු වූ තාක්ෂණික ගැටලු විසඳීමට මැදිහත් වන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය.
එසේම එල්ටීටීඊ ප්‍රහාර මගින් තුවාල ලබා විශ්‍රාම ගන්වන ලැබු නිලධාරීන්ට ලබාදී ඇති උසස් වීම් ඇතුළු වරප්රටසාද මෙන්ම අවශ්‍ය විටදී කඩනමින් විශ්‍රාම ගැනීමට අවශ්‍ය කටයුතු තමන් වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ ඇති හැකියාව හා අවකාශය සොයා බලා අවශ්‍යම කටයුතු කිරීමට උපරිම උත්සාහය යොදවන බවද මෙහිදී මහජන ආරක්ෂක අමාත්යව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.