21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්VTA පුහුණු මධ්‍යස්ථාන ජාලයට තවත් නවතම පුහුණු මධ්‍යස්ථානයක්.

VTA පුහුණු මධ්‍යස්ථාන ජාලයට තවත් නවතම පුහුණු මධ්‍යස්ථානයක්.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 215 අතරට තවත් නව පුහුණු මධ්‍යස්ථානයක්  එකතුකරගැනීමේ  සුවිශේෂි අවස්ථාවක් සුබ මොහොතින් ඇරඹිණි. 

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට අයත් බුලත්සිංහල, ඈගල්ඔය බහුකාර්ය ගොඩනැගිල්ල හා භූමි පරිශ්‍රය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙත වසර 30ක දීර්ඝ කාලයක් සඳහා ලබා දීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම(16)  VTA ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. 

මෙම අවස්‍ථාව සදහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මතුගම සම්බන්ධීකරණ කමිටු සභාපති අනුප පැස්කුවල් මහතා, බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික හේවගේ මහතා, බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන ලිපිකරු එරන්ද අජිත් සේනාධීර මහතා එක් වූ අතර ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එරංග බස්නායක මහතා, උපසභාපති මහේෂ් ආරියරත්න මහතා, අධ්‍යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන් ද මේ සඳහා සහභාගී වූහ. 

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දූ  දරුවන්ගේ හෙට දවස වෙනුවෙන්  අද දවස තුළ සිදු කරන මෙහවරක තවත් එක් පියවරක්  මෙලෙස VTA මාධ්‍ය ඒකකයේ නිර්මාණශීලී කැමරා කාචයේ සටහන් වූ වගයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments