21.6 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවේ රේගු නිලධාරීන් ගුවන්තොටුපොළේදී විශාලම කොකේන් ප්‍රමාණය අත් අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ රේගු නිලධාරීන් ගුවන්තොටුපොළේදී විශාලම කොකේන් ප්‍රමාණය අත් අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ ගුවන්තොටුපල සේවය කරන මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද උදෑසන සුවිශේෂ වූ අත්අඩංගුවට ගැනීමක් පැමිණීමේ පර්යන්තය දී සිදු කරනු ලැබූහ . බ්‍රසීලයේ සිට doha හරහා කටාර් ගුවන් සේවයේ QR 664 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ටියුනීසියානු ජාතිකයෙක් පිළිබඳ ඇති වූ සැකයක් මත පරික්ෂා කිරීමේදී ඔහුගේ පෞද්ගලික ගමන් බෑග් කීපයක් තුළ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබෙද්දි මෙම අත්අඩංගුවට ගෙන ඇත.

එය තවදුරටත් පරීක්ෂා කිරීමේදී මෙම පාසල් තුළ කොකේන් යන මත්ද්‍රව්‍ය අඩංගු යයි තහවුරු කර ගත්හ . අත්අඩංගුවට ගන්නා ලැබු පාර්සල් වල අඩංගු මත්ද්‍රව්‍ය වල සම්පූර්ණ බර 4.5 kg ආසන්න වන අතර වන අතර එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 180 කට ආසන්න වේ . සැකකරු රේගු පරීක්ෂාවෙන් ගැලවීම සඳහා ජාත්‍යන්තර ආයතනයක සම්බන්ධතා ඇති බව හැඟෙන පරිදි ව්‍යාජ ලේඛන රේගුවට ඉදිරිපත් කරන ලැබුවේය. ඔහුගේ වයස අවුරුදු 59 කි .මෑත කාලයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගන්නා ලැබු විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ප්‍රමාණය මෙය වේ .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments