වටිනාකමකින් යුත් නීති විරෝධීව
ආනයනය කරන ලද විදේශීය රටක
නිෂ්පාදිත
අපරාධකරුවකු වන කළු සාගර
නැමැත්තාගේ ගෝලයකු වන ආමි
ප්‍රධාන පෙලේ සංවිධානාත්මක
අපරාධකරුවකු වන කළු සාගර
නැමැත්තාගේ ගෝලයකු වන ආමි
අමිල විශේෂ කාර්ය බලකා නිලධාරීන්
අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන
නිලධාරී නියෝජ්ය පොලිස්පති නීතිඥ
වරුණ ජයසුන්දර මහතාගේ සෘජු
අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය
බලකාය වතුකොළකන්ද උප කඳවුරේ
ස්ථාපිත දකුණු පළාත් විශේෂ
මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් වෙත
ලැබුණූ තොරතුරකට අනුව
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක
ඩබ්.එම්.කේ. ප්‍රනාන්දු ඇතුළු නිලධාරී
කණ්ඩායමක් (18) තංගල්ල පොලිස්
වසමේ අංක 48, සුසාන භූමිය පාර,
දංකැටිය, තංගල්ල ලිපිනයේ දී
සිදුකරන ලැබු වැටලීමක දී
හෙරොයින් මිලි ග්‍රෑම් 3,780 ක්
සහ තහනම් කඩුවක් සන්තකයේ
තබාගෙන සිටි වයස අවු. 41 ක් වන
පුද්ගලයකු දංකැටිය, තංගල්ල
ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට
ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර
දී ඇත.
තවද මෙම පුද්ගලයා 2004 වර්ෂයේ
දී වීරකැටියෙ සුනිල් නැමැත්තා T56
ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය
කිරීම, 2004 වර්ෂයේ දී වීරකැටියෙ
ධර්මේ නැමැත්තා T56 ගිනි
අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම,
2005 වර්ෂයේ දී රදම්පල ගජනායක
නැමැත්තා T56 ගිනි අවියකින් වෙඩි
තබා ඝාතනය කිරීම, 2015 වර්ෂයේ
දී පල්ලිකුඩා උක්කුං නැමැත්තා T56
ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය
කිරීම, මීට අමතරව මෙම සැකකරු
කොල්ලකෑම් සහ පහරදීම් සිදුකර
ඇති බවටද මෙම සැකකරු දැනට
විදේශගතව සිටින ප්‍රධාන පෙලේ
සංවිධානාත්මක අපරාධකරුවකු වන
කළු සාගර නැමැත්තාගේ
සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන්
සඳහා සෘජු සම්බන්ධතා පවත්වන
බවට තොරතුරු අනාවරණය වී ඇත.
එමෙන්ම ලක්ෂ පනහකට අධික
වටිනාකමකින් යුත් නීති විරෝධීව
තීරු බදු නොගෙවා මෙරටට
ආනයනය කරන ලද විදේශීය රටක
නිෂ්පාදිත දුම්වැටි තොගයක් විශේෂ
කාර්ය බලකා නිලධාරීන්ගේ
අත්අඩංගුවට
විශේෂ කා¬¬ර්ය
බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත
විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ
කලාපය) නිලධාරීන්ට ලද
තොරතුරකට අනුව විශේෂ කාර්ය
බලකාය අණදෙන නිලධාරී නියෝජ්ය
පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර
මහතාගේ සෘජු අධීක්ෂණය සහ
බස්නාහිර පලාත් කලාප අණදෙණ
නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි
කේ.ආර්.ඒම්. සුමනවර්ධන මහතාගේ
මෙහෙයවීම යටතේ පොලිස් පරික්ෂක
බී.එස්.එච්. පීරිස් ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් (18) වත්තල පොලිස්
වසමේ වත්තල, කල්‍යාණී පාර, රබීනා
කම්පැණි ඉඩමේ දී වැටලීමක් සිදුකර
ඇත.
එහි දී පැය 1700 ට සහ පැය
1705 ට නීති විරෝධීව තීරු බදු
නොගෙවා මෙරටට ආනයනය කරන
ලැබු විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි
තොගයක් සහ ඒම දුම්වැට් අලෙවි කර
ලබාගත් රුපියල් නවලක්ෂ විසි
දාහකට අධික මුදල් ප්‍රමාණයක්ද සමග
වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි
වයස අවුරුදු 44 සහ 46 ක් වන
බේරුවල හා ගල්කිස්ස ප්‍රදේශයේ
පදිංචි පුද්ගලයෝ දෙදෙනකු
අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන
කටයුතු සඳහා වත්තල පොලිස්
ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි දුම්වැටි 60,000 යි,රුපියල්
920,080.00 ක් ,වෑන් රථ 01 යි.
(ps 2239)සොයාගෙන තිබේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය
බලකායේ ගෝනහේන කඳවුරේ
නිලධාරී වෙත ලැබුණු තොරතුරකට
අනුව නිලධාරි පිරිසක් (18)
සපුගස්කන්ද පොලිස් වසමේ
මාකොළ දකුණ, මාකොල යන
ලිපිනයේ වැටලීමක් සිදුකොට අයිස්
මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයක් අත් අඩංගුවට
ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි
වෙත ලැබුණු තොරතුරකට අනුව
නිලධාරි කණ්ඩායමක් කිරිඳිවැල
පොලිස් වසමේ වෙරළුගම්පල
පැපිලියවල ප්‍රදේශයේ වැටලීමක්
සිදුකර නීති විරෝධි මත්පැන් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන වැඩිදුර විමර්ශන සඳහා
කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත
භාරදී තිබේ. එහිදි නීති විරෝධි
මත්පැන් මිලිලීටර් 33,000ක්
සොයාගෙන ඇත. දඹුල්ල කඳවුරේ
නිලධාරි වෙත ලැබුණු තොරතුරකට
අනුව ගලේවෙල පොලිස් වසමේ
පත්කොළගොල්ල සුසාන භූමිය අසල
වැටලීමක් සිදුකොට නීති විරෝධි
මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන
කටයුතු සඳහා ගලේවෙල පොලිස්
ස්ථානය වෙත භාරදී තිබේ. එහිදි නීති
විරෝධි මත්පැන් මිලිලීටර්
18,750ක් හා බූලි එකක්
අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම
කඳවුරේ නිලධාරි වෙත ලැබුණු
තොරතුරකට අනුව නිලධාරි පිරිසක්
එම පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය
ග්‍රෑම් දෙකක් ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම
කඳවුරේ නිලධාරි වෙත ලැබුණු
තොරතුරකට අනුව නිලධාරි පිරිසක්
(19)පුත්තලම පොලිස් වසමේ
අනුරාධපුර පාර, නව ජනපදය,
පුත්තලම ප්‍රදේශයේ දී වැටලීමක්
සිදුකොට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7යි,
මිලිග්‍රෑම් 750ක් සොයාගෙන ඇත.
මන්නාරම කඳවුරේ නිලධාරි වෙත
ලැබුණු තොරතුරකට අනුව නිලධාරි
පිරිසක් ඉලුප්පුකඩවායි පොලිස්
වසමේ කුරායි ප්‍රදේශයේ වැටලීමක්
සිදුකොට නීතිවිරෝධි ලෙස
මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත්
කොටන තුවක්කුවක් අත්අඩංගුවට
ගෙන වැඩිදුර විමර්ශන සඳහා
ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානය වෙත
භාරදී ඇත. අක්මීමන කඳවුරේ
නිලධාරි වෙත ලැබුණු තොරතුකට
අනුව නිලධාරි කණ්ඩායමක් එම
පොලිස් වසමේ හියාරේ නැඟෙනහිර
හියාරේ ප්‍රදේශයේ වැටලීමක්
සිදුකොට නීතිවිරෝධි මත්පැන්
මිලිලීටර් 12,000ක් හා අයකු
අත්අඩංගුවට ගෙන ඇත.