ජෙලට් නයිට් කූරු 7990ක් සමග සැකකරුවන් දෙදෙනකු මන්නාරම පොලිස් වසමේ ශාන්තිපුරම් ප්‍රදේශයේදී නිවසක් තුලි තිබි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලැබු මෙම ජෙලට් නයිට්කූරු තොගය සඟවා ඇති බවට නාවික හමුදා බුද්ධි කොට්ඨාශයේ ලැබුණු තොරතුරකට(20) දහවල් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.
මෙම වැටලීමේදී නිවස තුල සඟවා තිබු ජෙලට් නයිට්කූරු 7990ක්(කිලෝ 998යි ග්‍රෑම් 750ක්) සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 55 හා 59 වයස්වල පසුවන ශාන්තිපුරම් හා වංකාලෛ ප්‍රදේශවල පදිංචිකරුවන්වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවන් හට රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කරන අතර මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.