සිරිල් ගාමිණි පියතුමා 2019 අප්‍රේල් මස 21 සිදුවු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තෙවන වරටත් එම පියතුමා දන්නා තොරතුරු ලබාදීම සඳහා අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට (22) දින කැඳවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.
මෙම කරුණු දැනුම් දීම් පිළිබඳ විවිධ පාර්ශවයන් විවිධ අදහස් පළ කර තිබෙනවා. නමුත් අපි පියතුමා කැඳෙව්වේ ඔක්තොම්බර් (23) දෙස් විදෙස් ජනතාව අමතමින් මෙම පාස්කු ප්‍රහාරයේ සැලසුම් සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විවිධ වැදගත් තොරතුරු පියතුමා සතුව තිබෙන බවට අනාවරණය වීමක් සිදුකර තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ පැමිණිල්ලක් ලැබි තිබෙනවා. එම පැමිණිල්ලට අනුව නෛතික කාරණාවක් ඉටුකර ගැනීමට ප්‍රකාශයක් ලබාගැනීමටයි අපි පියතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමණෙන ලෙස දැනුම් දුන්නේ.
මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ අර්ථකථනයන් දෙනවා පියතුමාව අත්අඩංගුවට ගැනීමට යන බවට හා විවිධ හිරිහැරයක් කරන බවට වැරැදි අර්ථ කථන ලබාදීමට උත්සහ කර තිබුණා. නමුත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙත් , පොලිසියේත් මූලික අදහස වුණේ පියතුමා සතුව තිබෙන වැදගත් හා ප්‍රබල සාක්ෂි ලබාගෙන පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය පසිඳලීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමයි. ඒවගේම මේවනවිට අධිකරණවල නඩු පවරා අධිකරණයට කරුණු වාර්තාකොට නීතිපතිතුමාගේ උපදෙස් අනුව මෙම පාස්කු විමර්ශනයට අදාල පියතුමා සතු ප්‍රබල සාක්ෂි ලබාගැනීම සඳහායි. ඒ වගේම නොවැම්බර් 17දින නැවතවරක් පැමිණෙන ලෙස දැනුම්දී තිබුණා එහිදි පියතුමා එදින පැමිණෙන්න නොහැකි බව පවසා (22) එන බව දැනුම්දී තිබෙනවා. මෙහිදි අපි විශ්වාස කරනවා පියතුමා පැමිණ පියතුමා සතු සියලුම තොරතුරු ඒ වගේම ප්‍රබල සාක්ෂි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට පසිඳලීමේ කාර්යය කඩිනම් කිරීමටත් විමර්ශනයට සහය වීමටත් අවශ්‍ය ලෙස නොවලහා අපවෙත් ලබාදෙනු ඇත.
එමෙන්ම ඔබ වෙත මේ පිළිබඳ තොරතුරු තිබේනම් විවිධ අර්ථකථන නොකර ඔවුන්ටත් හැකියාව තිබෙනවා සී.අයි.ඩි. වෙත පැමිණි තොරතුරු ලබාදිමට. පියතුමාව කැඳවිම ගැන විවිධ අර්ථකථන ලබාදෙන අයටත් හැකියවා තිබෙනවා තමන් දන්නා තොරතුරු ලබාදීමට.