23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධී මත්ද්‍රව්‍ය හා වැලි ජාවාරමුන් එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

නීති විරෝධී මත්ද්‍රව්‍ය හා වැලි ජාවාරමුන් එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක්

(21) රාගම පොලිස් වසමේ ගල්වල

පන්සල ඉදිරිපිට වැටලීමක් සිදුකොට

කේරළ ගංජා ග්‍රෑම් 528ක් ළඟ

තබාගෙන සිටි අයකු යතුරු පැදියත්

සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන සඳහා රාගම පොලිස්

ස්ථානය වෙත භාරදී තිබේ.

කෑගල්ල කඳවුරේ නිලධාරි පිරිසක්

අරණායක පොලිස් වසමේ කුරුමිණි

විහාරය අසල වැටලීමක් සිදුකොට

බලපත්‍ර රහිතව ටිපර් රථයකින් වැලි

ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන

සඳහා අරණායක පොලිසිය වෙත

භාරදී තිබේ. එහිදි වැලි කියුබ් එකක්

සමග ටිපර්රථයද අත්අඩංගුවට ගෙන

ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් වෙන්නප්පුව පොලිස්

වසමේ ශාන්ත මරියා

මාවත,වෛක්කාල වැටලීමක් සිදුකර

නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 37.500ක් ළඟතබාගෙන

සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව

පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. තලවාකැලේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස වසමේ තලවාකැලේ නගරයේ වැටලිමක් සිදුකර දුම්කොළ මිශ්‍ර මාවා ග්‍රෑම් 30.07ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා තලවාකැලේ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. පුත්තලම කඳවුරේ කණ්ඩායමක් තිරුක්කෝවිල් පොලිස් වසමේ කංචිකුඩිච්චිආරු ප්‍රදේශයේ වැටලීමක් සිදුකර බලපත්‍ර රහිතව කංචිකුඩිච්චිආරු වැවට ට්‍රැක්ටර් රථයක් ඇතුළුකර වැලි කැණීම් කර පටවමින් සිටි අයකු අත්අඩංගුවට වැඩිදුර විමර්ශන සඳහා තිරුක්කෝවිල් පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. එහිදි වැලි කියුම් 3/4ක් පුරවන ලැබු ට්‍රේලරයක්, ට්‍රැක්ටර් රථයක් යකඩ බාල්දියක් අත්අඩංගුවට ගෙන තිබේ. අරලගංවිල කඳවුරේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් එම පොලිස් වසමේ ලීලාරත්න මහ විද්‍යාලය අසලදී වැටලීමක් සිදුකර බලපත්‍ර කොන්දේසී උල්ලංඝණයකර වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට වැඩිදුර විමර්ශන සඳහා අරලගංවිල පොලිස් ස්ථානයට භාරදී ඇත.එහිදි වැලිකියුබ් තුනක් පුරවන ලැබු ටිපර්රථයක්, ප්‍රවහන බලපත්‍ර එකක් අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ පල්ලේමල්ලහන්දිය ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් මි.ලි.7500ක් ළඟතබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට පොලිස් ස්ථානය වෙතභාරදි තිබේ. උඩවලව කඳවුරේ නිලධාරී තණමල්විල පොලිස් වසමේ කහකුරුල්ලන්පැලැස්ස කිවුල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර නීති විරෝධි ලෙස පර්චස් පහක් පමණ භූමිප්‍රමාණයක වගා කරනුලැබු ගංජා හේනක්, අඩි එකේ ගංජා පැළ 721 සමග අයකු අත්අඩංගුවට ගෙන පැළ දහයක් සමග වැඩිදුර විමර්ශන සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. එම ප්‍රදේශයේ තව වැටලීමක් සිදුකොට අඩි4 * 10 පාත්තියක වගා කරන ලැබු ගංජා පැළ තවානක් සැකකරුවන් නොමැතිවර අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ගංජා පැල දහයක් තණමල්විල පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිනි තබා විනාශකර ඇත. මෙහිදි අඟල් 06ක් පමණ උස ගංජා පැළ 4,500ක් සොයාගෙන තිබේ. රත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බුද්ධි වත්ත, ඕවකන්ද, රත්ගම වැටලීමක් කර කේරළ ගංජා ග්‍රෑම් 10ක් හා එම ජාවාරමින් උපයාගත් මුදල් 4000ක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වාකරේකඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වෙල්ලාමච්චේනෙයි ඇල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වැලි කැණීම් කර පටවමින්සිටි අයකු සමග වැලි කියුබ් 3/4ක්, ට්‍රැක්ටර්රතයක්, සවලක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරි පිරිසක් උප්පුවේලි පොලිස් වසමේ විලංකූලම් ප්‍රදේශයේ වැටලීමක් කර බලපත්‍ර රහිතව වැලි ගබඩාකරණ ස්ථානයක් පවත්වාගෙන යෑම හා එම ස්ථානය වෙත අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. මෙම ප්‍රදේශවල වැටලීම් කිහිපයක්ම සිදුකර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments