කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියත් සමග සාකච්ඡා කොට හෙද කාර්ය මණ්ඬලවල යහපත වෙනුවෙන් නිකුත් කළ චක්‍රලේඛය ඇතැම් බලධාරින් ගණන් නොගෙන ක්‍රියා කරන බව එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ ප්‍රකාශ කරති. එම චක්‍රලේඛය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් වෛද්‍යවරු ඇතුළු අනෙකුත් ශ්‍රේණිවල සේවකයින්ද අනතුරුදායක තත්ත්වයකට මුහුණපා ඇති බව උන්වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත කරුණු දක්වන උන්වහන්සේ මෙසේද කියා සිටිති. වෛද්‍යවරුන්, හෙදහෙදියන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඬලවල අයටත් පෞද්ගලික ජීවිතයක් තිබුණත් ඒ අය තම ජීවිත පරදුවට තබා අහිංසක රෝගීන් වෙනුවෙන් මෙම සිදුකරන කැපකිරීම ඇතැම් සෞඛ්‍ය බලධාරින් මේ පිළිබඳ නිසි අවධානයක් සිදුනොකරති. ඇතැමුන් මාධ්‍යවලට තම දස්කම් හුවා දැක්වුවත් ආයතනයන් තුල මේ පවත්නා තත්ත්වයන් පිළිබඳ සොයා බැලීමක් නොවන බව අපිට පැහැදිලිවේ. පි.සි.ආර්. පරික්ෂණයට අවශ්‍ය ටෙස්ට් ටියුබ්වල අද දැඩි හිඟයක් පවතී. ඒ නිසා එම පරීක්ෂණය අද වනවිට නතරවී ඇත. සෞඛ්‍ය ඇමැතිවරියත් සමග සාකච්ඡා කොට හෙද කාර්ය මණ්ඬලයේ යහපත පිණිස නිකුත් කළ චක්‍රලේඛය ඇතැම් බලධාරින් තුට්ටුවකටවත් ගණන් නොගෙන ඔවුන්ගේ සුපුරුදු ක්‍රියාදාමයන් වල තවමත් නිරතව සිටිති. පවතින තත්ත්වය පිළිබඳ තවදුරටත් සොයාබලා බලධාරින් කටයුතු නොකළහොත් කොරෝනා වසංගතයට රෝගීන් පමණක් නොව වෛද්‍යවරු,හෙද කාර්ය මණ්ඩලය හා අනෙකුත් ශ්‍රේණීන්ද ගොදුරුවෙයි. නැත්නම් සේවය අතහැර නිවෙස්වල රැඳි සිටීමට සිදුවේ. මේ පවත්නා තත්ත්වය සෞඛ්‍ය බලධාරින්ට කොතෙකුත් වාර්තා කලත් ඔවුන් මුණිවත රැකීම නිසා ඉදිරියේදී රෝහල් ක්ෂේත්‍රය තුල අර්බුදකාරි තත්ත්වයක් ඇතිවීම නොවැලැක්විය හැකි බව අපි කල් ඇතිව දැනුම් දෙමු.
නිකුත් කළ චක්‍රලේඛය ඇතැම් බලධාරින් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ
RELATED ARTICLES