22.1 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්කේමදාස ගුණ සමරුව ජනවාරි දක්වා කල් යයි

කේමදාස ගුණ සමරුව ජනවාරි දක්වා කල් යයි

YouTube player

මෙරට සිටි ශ්‍රේෂ්ඨ සංගීතඥයකු වන ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ දොළොස්වෙනි ගුණසමරුව පසුගිය 24 වන දාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් සංවිධානය කර තිබු පිංකම් හා වැඩ සටහන් රටේ ඇතිවි තිබෙන කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලබන වසරේ ජනවාරි මස (25) යෙදෙන ඒ මහතාගේ ජන්ම දින සැමරුම දිනයට කල් දැමු බව ‘කේමදාස පදනම’ ප්‍රකාශ කරයි.

ඒ මහතා මෙරට සංගීත ක්ෂේත්‍රයට දායද කළ සුවිශේෂි සංගීත නිර්මාණ අමරණීය වන බව එම ක්ෂේත්‍රයේ විචාරක මතයවේ. එම නිර්මාණ සුරක්ෂිත කරමින් අනාගත මතුපරපුරට ලබාදීම ජාතික වගකීමක් හා යුතුකමක් ලෙස අපි පෙන්වා දෙන්න කැමැති අතර එය බලධාරින්ගේද වගකීමක් වේ.

මේවනවිට එම වගකීම ආචාර්ය කේමදාස මහතාගේ දියණියවන ගයාත්‍රී කේමදාස මහත්මියද කේමදාස පදනම මගින් හැකි පමණ ඉටුකරමින් සිටින්නීය. එම කාර්යන් සවිමත් කිරීමට කේමදාස රසිකරසිකාවියන් ලෙස අපේ දායකත්වයද ලබාදෙමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments