අප රජයේ ප්‍රතිපත්තිය කාබනික පොහොර දිරිමත් කිරීම බවත් ඒ තුලින් වස විසෙන් තොර පලදාවක් ලබා දීම බවත් ඇමති වියාලේන්ද්‍රන් පවසයි.
යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා උදු,මුං,ඉගුරු බීජ ධාන්‍ය බෙදාදීමේ උත්සවයක් (27) දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් අමාත්‍යවරයා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතියේය.
එහිදි උත්සවය ඇමතු රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය……..
රට ගොඩනැගීමේ අරමුණින් “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති සැලසුම් එලෙසම ක්‍රියාත්මක කරන බවද වැඩි දුරටත්
උත්සවය 2022 වසර සඳහා අයවැයෙන් ග්‍රාමීය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 85000 ක අතිවිශාල මුදලක් වෙන් කර තිබෙනවා. එම නිසා උතුරු පළාතේ දැවැන්ත සංවර්ධනයක් සිදු කරනවා.
ග්‍රාමීය මාර්ග යටිතල පහසුකම් සංවර්ධනයට සහ ග්‍රාමීය මූලික ආර්ථිකයක් ගොඩනැගීමට ප්‍රගතිශීලී අනාගතයක් උදාකර ගැනීමේ අරමුණින් අද රජය ජනතාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
සියලුම මහජන නියෝජිතයන් මුදල්වලින් පසුගාමී ප්‍රදේශවල සංවර්ධනය ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරනවා. උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් නියෝජිතයන් ජනතාවට තිබෙන සංවර්ධන ව්‍යාපෘති අවහිර කරමින් ජනතාව උසිගැන්වීමට කටයුතු කලද, සියලු සංවර්ධන වැඩසටහන් කඩිනමින් ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටි. නමුත් රජයෙන් ලැබෙන සියලුම සංවර්ධන වැඩසටහන් සමඟ අනෙකුත් ප්‍රජාවන් දැවැන්ත ආර්ථික වර්ධනයක් දකිනවා.අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයක් අපි දකිනවා. අද අපි ආණ්ඩුවේ සංවර්ධන වැඩසටහන් රැසක් උතුරු නැඟෙනහිර පළාත්වලට ගෙන එමින් තියෙද්දී පාර්ලිමේන්තුවේ විපක්ෂය පුහු ප්‍රකාශ නිකුත් කරමින් සිටියද අප දූරදර්ශී දැක්මක් ඇතිව සියලු ක්ෂේත්‍රවල සංවර්ධනයක් ඇති කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය. ප්‍රජාවගේ අවශ්‍යතා මිස දේශපාලනය බලමින් කටයුතු කරන්නේ නැහැ.
මෙම අවස්ථාවට පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා,යාපනය දිස්ත්‍රික් ලේකම් මහේෂ්වරන් මහතා , යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ප්‍රදීපන් මහතා හා මුරලිදරන් මහතා, යාපනයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු ගොවින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වූහ.