එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහවිරු සැමරුම් දිනය සැමරීමට ක්‍රියාකල පුද්ගලයෝ දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ හම්බන්තොට කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්. සේනාධීර මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ටී.එම්.එම්.යූ.කේ.බී. තෙන්නකෝන් ඇතුළු නිලධාරී කණ්ඩායමක් (27 )කොක්අඩිචෝල පොලිස් වසමේ කොක්අඩිචෝල, අම්බලන්තුරෛ මාර්ගයේ කඩුකාමුනෛ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී (27) වන දිනට යෙදී ඇති එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහවිරු සැමරුම් දිනය නිමිති කර ගනිමින් පාළු ස්ථානයක පන්දම් හා රතිඤ්ඤා දල්වා සැමරීමට ක්‍රියාකල වයස අවුරුද 36ක් වන කඩුකාමුනෛ පුල්ලෙයාර් කෝවිලේ පූජක ඇතුළු කොක්අඩිචෝල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද 25ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොක්අඩිචෝල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ වූයේ දල්වන ලද පන්දම් 01 යි, අඩක් ඉතිරි වු රතිඤ්ඤා වැල් 01 යි, රතිඤ්ඤා වැල් පෙට්ටි 06 යි, ජංගම දුරකථන 02 යි, ගිනි පෙට්ටි 01 වේ.
මේ අතර මෙම බලකායේ දෛනික වැටලිම්වලදී සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ 11හි නිලධාරී කණ්ඩායමක් තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලැබු විදේශීය මත්පැන් ලීටරයේ ප්‍රමාණයේ බෝතල් විස්සක් බලපත්‍රයක් නැතිව අලෙවි කිරිමේ අරමුණින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරී පිරිසක් නීති විරෝධි මත්පැන් ලීටර් 135ක් හා මත්පැන් පෙරීමට සඳහා යොදාගන්නා ගෝඩා ලීටර් 1,080ක් හා පෙරීමේ උපකරණ ළඟතබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුද්ධි කොට්ඨාශයේ නිලධාරී කණ්ඩායමක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විස්සයි මිලිග්‍රෑම් එකසිය තිහක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ 1හි නිලධාරි පිරිසක් තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලැබු නිති විරෝධි මත්පැන් දුම්වැටිදහසක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. නුවරඑළිය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කේරළ ගංජා ග්‍රෑම් 14ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අජංගුවට ගෙන තිබේ. කතරගම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීම් දෙකක් සිදුකර නීති විරෝධි ලෙස අක්කර 3/4 භූමි ප්‍රමාණයක වගාකර තිබු ගංජා හේන් දෙකක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන තිබේ. උඩවලව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි ලෙස වගාකර තිබු ගංජා පැළ තවානක් පැළ 1,450ක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන ඇත. සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි ලෙස වගාකර තිබු ගංජා පැළ තවානක් ( පැළ 3000ක්) සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කලාපය) නිලධාරි පිරිසක් කේරළ ගංජා ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සැකකරුවකු නැතිව අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීම් දෙකක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 372ක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. අගුණකොළ පැලැස්ස කඳවුරේ නිලධාරි පිරිසක් බන්ධනාගාර වෙත පැමිණෙන රැඳිවයන් පරික්ෂා කිරීමේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 490ක් ෂොපින් කැබැලි දෙකක ඔතා ගිල දමා පැමිනි රැඳවියකු අත්අඩංගුවට ගෙන ඇත. වාකරේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීම් දෙකක් සිදුකොට බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වැලි පටවමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. කන්තලේ කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීත විරෝධි මත්පැන් ලීටර් විස්සක් හා පෙරිමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ලීටර් 33ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.