පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී මොරටුව කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් (27) ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන මාලිගාව පාර, නෙළුම්පුර පාර අසලදි වැටලිමක් සිදුකර බීමත්ව කාර් රථ පදවමින් තහනම් පිහියක්, කුඩාපොරවක්, යකඩ මුගුරක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
වයස අවුරුදු 38, 39, 39.37 යන වයස්වල මොරටුව,රත්මලාන දෙහිවල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් සමග කාර්රථ දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබේ. පරයතලන්කූලම් කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් මඩු පොලිස් වසමේ තේක්කම ග්‍රාමය ප්‍රදේශයේ වැටලීමක් සිදුකොට මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. එහිදි මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවක්, විවිධ ප්‍රමාණයේ ඊයම් බෝල 17ක්,වෙඩි බෙහෙත් කෙටිමට යොදාගගන්න ලී කැබලි දෙකක්. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ 11හි නිලධාරින් වෙත ලැබුණු තොරතුරකට අනුව මිනුවන්ගොඩ පොලිස් වසමේ යාගොඩමුල්ල, කොටුගොඩ වැටලීමක් සිදුකර තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වා තිබු Manchester දුම්වැටි දහසක් සහ ARGOS දුම්වැටි පන්දහසක් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් කිරිබත්ගොඩ පොලිස් වසමේ කිරිබත්ගොඩ ඊරියවැටිය හන්දිය අසල වැටලිමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් හාරසිය තිස්එකක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන එම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. වව්නියාව කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් අනුව නිලධාරි පිරිසක් මැදවච්චිය පොලිස් වසමේ වැටලිමක් සිදුකර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් හයසිය අනුපහක් ළඟ තබාගෙන ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරින් ලැබුණු තොරතුරකට අනුව තවත් වැටලිමක් සිදුකර කිරිබත්ගොඩ පොලිස් වසමේ පරණ පාර, කොටුගොඩ යන ප්‍රදේශයේ වැටලීමක් කොට නීති විරෝධි මත්පැන් මිලිලීටර් 6,750ක් සමග අයෙක් අත්අඩංගුවට ගෙන එම පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. හම්බන්තොට කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් හම්බන්තොට පොලිස් වසමේ මලල කලපුවේ වැටලිමක් සිදුකර නීති විරෝධි මත්පැන් පෙරිමට උපයෝගි කර ගන්නා ගෝඩා මිලිලිටර් 180,000ක් අඩංගු බැරලයක් සැකකරුවකු නැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය භාරදී ඇත. කහවත්ත කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් කහවත්ත පොලිස් වසමේ කහවත්ත, බුංගිරිය මාර්ගයේ වැටලීමක් සිදුකොට නීති විරෝධි මත්පැන් මිලි ලිටර් 11,250ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කහවත්ත පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.කිලිනොච්චිය කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරී පිරිසක් කිලිනොච්චිය පොලිස් වසමේ කට්ටකාඩු , පෙරියකුලම් වැව ප්‍රදේශයේදී වැටලිමක් කර නීති විරෝධි මත්පැන් පෙරීමට උපයෝගි කර ගන්නා ගෝඩා 1,070,000ක් අඩංගු බැරල් සැකකරුවකු නැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. අම්බලන්ගොඩ කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු ඔත්තුවකට අනුව නිලධාරි පිරිසක් කුට්ටිගල පොලිස් වසමේ ඇල , වෙල්යාය ප්‍රදේශයේ වැටලිමක් සිදුකොට බලපත්‍ර රහිතව ජේසිබි යන්ත්‍රයක් මගින් පතල් කැණිම් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මාතර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි සහකාර අධ්‍යක්ෂවරයෙකු වෙත භාරදි ඇත. එහිදි වයස අවුරුදු 28,30,23 පදලංගල හා බෙලි අත්ත පදිංචිකරුවන්, සමග වතුර මෝටරයක්, ගැරුම්කුඩයක්, ගැරුම්බක්කියක්, අඩිදහයේ අඟල් දෙකේ බට දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ. සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු ඔත්තුවක් අනුව නිලධාරි කණ්ඩායමක් ගොවිදුපුර පොලිස් වසමේ 14 කණුව ප්‍රදේශයේ වැටලිමක් සිදුකර බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර ට්‍රැක්ටර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගොවිදුපුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.එහිදි වැලි කියුබ් 1/4ක්, ට්‍රැක්ටර් රථයක්, ටේලරයක් ද අල්ලාගෙන තිබේ . මුලතිව් කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු ඔත්තුවක් අනුව ක.අ.නි.පො.ප. යු.වි.සි.ටි. විජේරත්න ඇතුළු නිලධාරි පිරිසක් පුදිකුඩිඩරප්පු පොලිස් වසමේ මංගිල්ආරු ප්‍රදේශයේ වැටලිමක් සිදුකර අනවසරයෙන් කැලෑ කපමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පුදිකුඩිඉරිප්පු අඩවි වන කාර්යාලය වෙත භාරදි තිබේ.