සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
මෙම මාර්ගෝපදේශ දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා ක්‍රියාත්මකවේ.
ඒ මගින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය.
එමෙනම් අවශ්‍යම ඕනෑකමක් හැරෙන්න නිවසින් බැහැරවීම් අවම කිරීම, හැකි උපරිම අයුරින් මාර්ගගථ රැස්වීම් පැවැත්වීමට කටයුතු කරන්න, කාර්යාලයක, කාමාරය හා ශාලාවක එම ධාරිතාවෙන් 1/3ක් නොඉක්මවිමට පියවරගත යුතුයි, ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරේ. එය පළාත් පාලන ආයතනවල සහ ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ දැඩි අධීක්ෂණය යටත් සිදුවිය යුතුයි. සතිපොළ, විවෘත වෙළෙඳසැල් සහ ජංගම වෙළෙඳ සැල් පළාත් පාලන බලධාරින් හා ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ දැඩි අධීක්ෂණය යටතේ සිදුවිය යුතුයි. ආපනශාලා උපරිම වශයෙන් සීයයක් නොඉක්මවන පරිදි සාමාන්‍ය ධාරිතාවයෙන් 1/3කට අඩු විය යුතුයි. සාප්පු,ග්‍රොසරී, ඖෂධසැල් හා සුපිරි වෙළෙඳසැල් අදාල අවස්ථාවේ පවතින ධාරිතාවෙන් 1/3ක් අඩුවිය යුතුයි. ඇතුළු විමට අවසර දෙන පුද්ගල ප්‍රමාණය ප්‍රදර්ශනය කළ යුතුයි.
බැංකු හා මූල්‍ය ආයතන එක්වරකදී පුද්ගලයින් 15කට සීමකළ යුතුවේ. ඉතිරි පාරිභෝගිකයින් පරිශ්‍රය පිටතින් මීටරය දුර තබාගනිමින් පෝලිමට සිටිය යුතුයි. පාසැල් පැවැත්වීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තීරණය කරුනු ලැබේ. පෙරපාසැල් විවෘතව තැබිය හැකියි. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් තීරණය කරන පරිදි පැවැත්වේ. සිනමාශාලා ධාරීතාවෙන් 75%යි, අධිකරණ පැවැත්වීම අධිකරණ සේවා කොමිසමේ සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව සිදුවේ. අවමගුල් උත්සවයකට උපරිම වශයෙන් වරකට විසිදෙනකුට සහාගිවිය හැකියි.ආගමික ස්ථානවලදි තනි පුද්ගලයින් වැඳුම් පිදුම් කිරීමට අවසර ලැබේ. විශේෂ ආගමික උත්සව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කරන නිර්දේශවලට අනුව ක්‍රියාත්මක කෙරේ.විභාග දැඩි මාර්ගෝපදේශ අනුව අවසර දෙනු ලැබේ. ඇතුළු තවත් මාර්ගෝපදේශ කිහිපයක් ඇතුළත් කර තිබේ.
එමෙන්ම නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙක් එකක පිරිසකට පමණි.
කෙසේ වෙතත් එම පිරිස 200 නොඉක්මවිය යුතු බව නව මාර්ගෝපදේශවල වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ අතර එළිමන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 250ක් ලෙස නව මාර්ගෝපදේශවල සඳහන් කර තිබේ.