28.1 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජාතික ආරක්ෂාවට මුල්තැන දීලා ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරනවා කිව්වත් දැන් ...

ජාතික ආරක්ෂාවට මුල්තැන දීලා ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරනවා කිව්වත් දැන් ජනතාවට තම නිවස ඇතුලේ ඉන්න බැරි තත්ත්වයක් උදා කරලා.

මේ ආණ්ඩුව බලයට ආවේ රටට සෞභාග්‍යය උදා කරන්න ඒ වෙනුවෙන් සෞභාග්‍යයෙ දැක්මක් ඉදිරිපත් කළා ජාතික ආරක්ෂාවට මුල්තැන දීලා ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරනවා කිව්වා දැන් ජාතික ආරක්ෂාව සුරක්ෂා කරන්න ආපු උදවිය ජනතාවට ගේ ඇතුලේ ඉන්න ඉන්න බැරි තත්ත්වයක් උදා කරලා ගෙදර ඇතුලේ ගෑස් සිලින්ඩරේ තියාගන්න බැරුව ජනතාව සිලින්ඩරය අරගෙන ගේ වටේ දුවනවා .ජාතික ආරක්ෂාව ගැන මෙච්චර පම්පෝරි ගහපු රජයකට ඇයි ජනතාව ආරක්ෂා කරන්න බැරි වෙලා තියෙන්නේ යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

ඒ මහතා මේබව සඳහන් කළේ (30)විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවේ දීය.
මේක මා මම දකින්නේ කාදිනල්තුමා පවසන පරිදි අහිංසක මිනිසුන්ගේ ලේ වලින් බලයට ආපුවාම ඒවා පල දෙනවා ඒකයි දැන් සිද්ධවෙන්නේ කාදිනල්තුමා ප්‍රකාශ කළා පාස්කු ප්‍රහාරයේදී අහිංසක ජනතාව 276කගේ ලේ වලින් තමයි බලයට ආවේ දැන් ඔවුන් ඒ පව් වලට පණ දෙමින් යනවා මූලාරම්භයේ සිටම ආණ්ඩුව බලයට පත් වූ දවසේ ඉඳලම වැඩි කල් යන්න ඉස්සෙල්ලා රාජ්‍ය ආදායම බිලියන 600කින් අඩු කරගත්තා ඒව තමයි ජනතාවට දැන් භුක්ති විඳින්නේ වෙලා තියෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම අඩු වුණා වියදම දෙගුණ කට වඩා වැඩි වුණා ඒ නිසා ලෝකයේ ණය දෙන ආයතන අපි ශ්‍රේණිගත කිරීම් ආයතනවලින් පහලට දාලා අපිව බංකොලොත් රාජ්‍යයක් බවට පත් කරන්න ඉතා ආසන්න තත්වයකට පත්වෙලා.

ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා ගෑස් සිලින්ඩර් පුපුරන්නේ ගෙවල්වල තියෙන පියුස් පරණ නිසා කියලා . තව ඇමතිවරයෙක් කියනවා ගෑස් සිලින්ඩර ප්‍රශ්නයට වග කියන්න ඕනේ පසුගිය ආණ්ඩුව කියලා කියන්න දෙයක් නැතිව ජනතාව රවට්ටමින් යනවා සෑම දෙයකින්ම ජනතාවට ප්‍රශ්නයක් ආවම පසුගිය රජය කෙරුව කියල තමයි කියන්නේ.

මේ ආණ්ඩුව බලයට ආවම කරගත්ත ප්‍රශ්න පසුගිය රජය ඇති කරපු ප්‍රශ්න ද විශේෂයෙන්ම රාජ්‍ය ආදායම අඩු කළේ පසුගිය රජය ද ලංකා ඉතිහාසයේ වැඩිම ආදායම 2018 මිලියන 1980 ඒක 2021 වසර වෙද්දි මිලියන 1500 ගත්තෙ කවුද මේ ආණ්ඩුවයි ඒ වගේම ගොවි ජනතාවගේ පොහොර ප්‍රශ්නය ඇති කරගත්තේ පසුගිය රජයේ ද පසුගිය කාලයේ පොහොර එකපාරටම එක් රැයකින් කාබනික පොහොරවලට ගිහිල්ලා දැන් රටේ ආහාර පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා එතකොට මේ ඩොලර් හිඟය ආවේ පසුගිය රජය හින්දද මේ ප්‍රශ්න වලට ආනයන භාණ්ඩ සීඝ්‍රයෙන් මිල ඉහළ යන්නේ ඒවා හිඟ වෙලා තියෙන්නේ ඩොලර් ප්‍රශ්නය නිසා පසුගිය රජය භාර දෙන විට අපේ රටේ ඩොලර් තිබුණා සමස්ත ප්‍රමාණය ඩොලර් බිලියන 10.6ක මහ බැංකුවේ තිබුන ඩොලර් බිලියන 7.2 පුද්ගලික බැංකුවල එක්ක ඩොලර් බිලියන 10.6 තිබුණා දැන් තියෙන්නේ ඩොලර් බිලියන 1.5 කටත් අඩු ප්‍රමාණයක් ඒ එයින් කොපමණ කාලයක්ද අපට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ මේ වෙන විට ඩොලරයට සාපේක්ෂව රුපියල බොහෝ අව ප්‍රමාණය වෙලා තියෙනවා පසුගිය රජය මේ ආණ්ඩුව භාර දෙද්දී ඩොලර් එකක් තිබුණේ රුපියල් 186 දැන් ඒක 203 බලහත්කාරයෙන් තර කරගෙන මේ ඇති කෙළේ පසුගිය රජය ද මේ රජය අකාර්යක්ෂම මූල්‍ය පාලනය නිසා තමයි සියල්ල වෙලා තියෙන්නේ එම නිසා අද රටේ ජනතාව කබලෙන් ලිපට වැටිලා.

මම දැක්කා පසු ගියදා පත්තරේක තිබුණා ලැබෙන වැටුපෙන් ජීවත්වෙන්න බැහැ ඒකයි පාරට වෙලා සින්දු කියන්නෙ තරුණයෙක් රස්සාවක් කරන ගමන් පාරට බැහැලා සින්දු කියනවා ඔහු කියනවා අද මට හෙට ඔබට එතකොට මේ රටේ රැකියා කරන තරුණයෝ පාරට බැහැලා සින්දු කියන තත්ත්වයට පත්කෙරේ මේ රජය එහෙම තියෙද්දි අගමැති තුමා කියනවා ආර්ථිකය ගොඩ දාගන්න එකතු වෙන්න කියලා තරුණ පරපුරට ආරාධනා කරලා එසේ ආරාධනා කරන්න මෙයාට තියෙන අයිතිය මොකක්ද ඒ අතර විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරලා එසේ කරාම ඒ කාලය තුළ රජයේ රැකියාවකට තරුණයෙකුට එන්න පුලුවන්ද එම කාලය අවුරුදු 5 කින් ඉහළ යනවා අගමැතිතුමා තාප්පවල චිත්‍ර ඇඳපු තරුණයා හොයනවා තරුණයන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා පාස්පෝට් පෝලිම් වල ගිහිල්ලා පිටරට යන තත්ත්වයක් උදාවෙලා දැන් කතා කරනවා එන්න ඇවිල්ලා උදව් කරන්න කියලා තමන් වැරැද්ද කරලා තරුණයන්ට එහෙම ආරාධනා කරන හරියන්නෑ මේ ආණ්ඩුව කරල තියෙන සියලුම දේ ඉතාමත්ම ඔලමොට්ටල වැඩ.

ලක්ෂ දහ අටක් ගොවිජනතාව පාරට බැහැලා එහෙම කියලා රසායනික පොහොර තහනම් කරනවා කියලා කිව්වා පහුගිය ජනාධිපතිවරණය වෙලාවේ විචාරක රැස්වීමේදී අනුරාධපුරයේදී කිව්වේ කොහොමද මට අයියේ කිව්වා එද්දී පව් ගොවි ජනතාව රුපියල් 350 ට පොහොර දෙන්නේ මොකටද රසායනික පොහොර මම ලේ දෙන්න කියලා කිව්වේ අපේ වකුගඩු ගැන කිසිම ආදරයක් තිබුණේ නැහැ වකුගඩු තියෙනවද කියලා දන්නෙත් නැහැ ඊට පස්සේ ක්ෂණිකයෙන් අපි ලෝකයේ පළවෙනි කාබනික පොහොර වගාවට යන රට බවට පත් කරනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ගිහිල්ලා කියලා විශාල කාලගෝට්ටියක් කරලා රසායනික පොහොර තහනම් කරූ දැන් මොකද වෙලා තියෙන්නෙ රසායනික පොහොර ගෙන්වන්න දෙනවලු පුද්ගලික අංශයට සහනාධාරය නැති කරන්න තමයි මෙච්චර මේ දැඟලුවේ මාස හතක් දඟලලා පොහොර සහනාධාරය නැති කරලා දැන් කියනවා පුද්ගලික අංශයට ගේන්නේ දෙනවා හැබැයි සහනාධාරය දෙන්නෙ නැහැ නේ එතකොට පුද්ගලික අංශය මෙම රසායනික පොහොර ගෙනල්ල දැම්මම එළවළු වලට වකුගඩු දෙක පරිස්සම් වෙනවද පුද්ගලික අංශයෙන් පොහොර ගෙන්වන කොට වකුගඩු දෙක හොඳට තියෙනවද මොකක්ද මේ විහිළුව ඒ වගේම ගැසට් එකක් ගහලා තියනවා පුද්ගලික අංශයට රසායනික පමණක් ගේන්න පුළුවන් කියලා ඒකත් හරියට සීනි වංචා වගේ වෙන්න යන්නේ රුපියල් 50ට තිබිච්ච සීනි කිලෝ එකේ බද්ද ශත 25 ට අඩු කරල මිතුරන්ට බිලියන දාසයක් හොරකම් කරන අවස්ථාව ලබා දුන්න ඒ වගේම තමා තෝරාගත් කිහිපදෙනෙකුට ආනයනය කරන්න තියලා ඒකෙනුත් ගහන්න යනවා හොරකම නං ඉතා හොඳට තියෙනවා මේ අයවැයෙන් මහා මාර්ග වලට බිලියන 250ක් වෙන් කරලා ගිය අවුරුද්දේ බිලියන 350 එය කෝටි තිස් පන්දාහක් මේ අවුරුද්ද කෝටි 25,000 තකොට අවුරුදු දෙකට කෝටි 65000 හොරකන් කරන්න ලේසි නිසා ඒ පාරවල් වලට කියලා තියෙනවා සාමාන්‍යයෙන් මිලියන 5 කට වැඩියෙන් කරන පාරකට ටෙන්ඩර් කැඳවන්න ඕන නැහැ කියලා හම්බ කරන්න අවස්ථාව ලබාදීමක් මොල හතේ මුදල් ඇමතිතුමාට ඉස්සර කිව්වේ ten ප්‍රසන් කියලා දැන් ටුවෙන්ටි person වෙලා ඔය කෝටි හැට දාහහෙන් අනිවාර්යෙන් සියයට විස්සක් යන්නේ දේශපාලනඥයන්ට.

මේ අයවැයෙන් බිලියන සීයක් වෙන් කරලා තියෙනවා ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙකුට ලක්ෂ හතළිහක් දෙන්නත් ග්‍රාම සේවා වසම කට ලක්ෂ තිහක් දෙන්නත් සංවර්ධන කමිටුවේ සභාපති ට ලක්ෂ දාහක් දෙන්නත් මේක හොරකමේ මුලක් රටේ ජනතාව ජීවත් කරන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ කතා කරා ඡන්ද යට ඉස්සරවෙලා කපා හරිනවා කිව්වා ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සාමාන්‍යයෙන් බිලියන විස්සක් විතර තියෙනවා ඒ ජනතාව බේරගන්න නැතිව කෝටි හැටදාහක් වෙන් කරලා හොරකම් කිරීම සඳහා පාරවල් හදනවා මේ වෙලාවේ අවශ්‍ය පාරවල් හදන එක රටේ ජනතාව ජීවත් කරවීමයි හෙට වැඩපිළිවෙළක් හදන්නේ නැහැ මොකක්ද මේ වැඩේ තවමත් හොරකම් කිරීමෙන් කෙළවරක් නැතිව සිදුකරනවා සෑම එකකින්ම කරන්නේ රටේ ජනතාවගේ මහජන මුදල් සොරකම් කිරීමක් මේ තත්ත්වය තුළ රටේ ජනතාව කබලෙන් ලිපට වැටිලා.

අද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉතා සීඝ්‍රයෙන් මිල වැඩි වෙලා ගෑස් නැහැ හිගය තිබුණා දැන් ඒක නැති කරන්නද කොහෙද එක පාරටම ගෑස් ප්‍රමිතියෙන් තොර ගෑස් ලංකාවේ තියෙනවා ප්‍රමිති ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරිය ඒවා ගැන මොකුත් නැහැ ඒ ගැන කතාවක් නැහැ ප්‍රමිති කාර්‍යංශය ගැන කතා කරන්නෙත් නැහැ පාරිභෝගික සේවා අධිකාරිය මොකද වෙලා තියෙන්නෙ කියලා දන්නේ නැහැ මේ ගෑස් වල සාමාන්‍යයෙන් තියෙන්න ඕන සංයුතිය බියුටේන් 70% profane 30% න් වෙලා තියෙන්නේ මේකෙන් බියුටේන් සියයට පනස් එකක් profane සියයට හතළිස් නවයක් කරලා මේ තත්ත්වය තුළ විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා එහෙත් තෙල් රත් උදැල්ල නිල් දැල්ල එන්නේ profane බියුටේන් වලින් මේක අපේ රටට ගැළපෙන්නේ නැහැ propain ප්‍රමාණය වැඩි කිරීම එය වැඩි කරන්න වැඩි කරන්න මේ වගේ විනාශකාරී දේවල් වෙනවා දැන් ඊයේ දවස වෙද්දි ස්ථාන 10 ක ගෑස් ටැංකි පුපුරලා ගේ ඇසුර ගෑස් ටැංකි තියාගෙන ඉන්න ජනතාවට බයයි ජාතික ආරක්ෂාව සලසනවා කියලා ආපු රජය රටේ ජනතාවට ගෙවල් ඇතුලෙ ඉන්න බැරි තත්ත්වයක් උදා කරලා රුපියල් 1750 ගෑස් මිල වැඩි කරලා ගෑස් පෝලිම ඇති කරලා ගෑස් සිලින්ඩර නිසා ජනතාව මෙවැනි තත්ත්වය propane බියුටේන් සංයුතිය වෙනස් කරල ජනතාවට gas එපා කරන තත්ත්වයට ඇවිල්ලා.

ඊයෙ පාන් පිටි මිල රුපියල් 17.50 කින් මිල වැඩි කරා රටේ සියලුම බේකරි නිෂ්පාදන වැඩිවෙලා තියෙනවා රුපියල් 10කින් දැන් පාන් ගෙඩියක් රුපියල් අසූවක් වෙනවා මන් දැක්කා බේකරි හිමියන්ගේ සංගමය කියනවා එක එකම නිලවලට විකුණනවා පාන් එය තමන් දැන් විකුණ ගානට වැඩිය රුපියල් දහයක් වැඩියෙන් කියලා එතකොට පාන් පාලන මිලක් නැහැ කෙටි කෑම වලටත් පාලන මිලක් නැහැ ඒ වගේම පිට හිඟයක් තියෙනවා තා කරල කිව්ව පාන් පිටි කිලෝ ග්‍රෑම් පනහේ එකක් ගන්න විදිහක් නෑ තියෙනවා කියලා මේ තත්ත්වය තුළ හිඟයක් ඇති වෙලා පාන් මිල වැඩි වෙලා ජනතාව දවසකට පාන් ගෙඩි ලක්ෂ 35ක් කනවා එහිදී පාන්පිටි රොටි හදන්න අනෙකුත් කෑම හදන්න කොපමණ ප්‍රමාණයක් යනවද තිරිඟු පිටි ගේන්නේ පිටරටෙන් කාබනික ගැන කතා කරා ඔය තිරිගු පිටි කාබනික පොහොර දාලා හදන ඒවද නැහැ රසායනික පෝර දාලා හදන්න ඒ පාන් කෑම වකුගඩු දෙක නරක් වෙන්නෙ නැද්ද ඒගොල්ලො කියන විදියට මොකක්ද මේ කරන විහිලුව මේ ඩොලර් එක 203 තියාගෙන ඉන්න නිසා තමා මේ විදියට බඩුමිල තියෙන්නෙ මේ ගොල්ල බලහත්කාරයෙන් ඩොලර් එළියට දාන්නේ නැතිව 203 තියාගෙන ඉන්නවා නමුත් විවෘත වෙළෙඳ පොළේ ඩොලර් එකක් රුපියල් දෙසිය විස්සක් දෙසිය තිහත් අතර වෙලා තියෙනවා 203 පරිප්පු ගෙනල්ල 260ට දෙනවනම් $1 230 ට ගියාම පරිප්පු කියන එක කීයක් වෙනවද ලබන අවුරුද්ද වෙනකොට පරිප්පු රුපියල් තුන්සිය පනහකට ආසන්න වෙනවා සෑම භාණ්ඩයකම මිල ඉහළ යනව $1 තත්ත්වය වෙනස් උනාම ආණ්ඩුවට ඒ ගැන ගානක් නැහැ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments