26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPවෛද්‍ය ස්ථානමාරු ක්‍රියාත්මක නොවීම නිසා රෝගී සත්කාර සේවාවට සිදුව ඇති බලපෑම.

වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාත්මක නොවීම නිසා රෝගී සත්කාර සේවාවට සිදුව ඇති බලපෑම.

රජයේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ප්‍රතිපත්තිය හොඳින් ක්‍රියාත්මක වීම මඟින් වෛද්‍ය මානව සම්පත රටපුරා සෑම ප්‍රදේශයකම හැකි උපරිම සමානාත්මතාවයකින් යුතුව බෙදී යාමට සැලසිය හැකිය.

ශ්‍රී ලංකාව තුළ රජයේ සේවයේ වෛද්‍යවරුන් රඳවා ගනිමින් සමානාත්මතාවයෙන් යුතුව රෝගී සත්කාර සේවාව ලබා දීම ජාත්‍යන්තරයේද පැසසුමට ලක් ව ඇත.

නමුත් වෛද්‍ය ස්ථානමාරුන් නිවැරදිව ක්‍රියාත්මක නොවීම, දුෂ්කර ප්‍රදේශ වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතු සාධකයක් වී ඇත. අද වන විට ස්ථානමාරු ලබා, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබා දුන් ස්ථානමාරු ආයතනයේ සේවය නොකරන වෛද්‍යවරුන් 6969 ක් රට පුරා සිටියි.

ස්ථානමාරු ක්‍රියාත්මක කරන ගැසට් පත්‍ර හා චක්‍රලේඛන වලට අනුව වෛද්‍යවරයෙකු ස්ථානමාරුවක් ලැබූ විට එම වෛද්‍යවරුන් ස්ථානමාරු ලැබූ ස්ථානයට මුදවා හැරීමේ වගකීම රෝහල් පරිපාලනයට පැවරෙන මූලික වගකීමකි. නමුත් අද වන විට ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්ගෙන් 38% ක් පමණ තමන්ට හිමි ස්ථානමාරුව ක්‍රියාත්මක නොවීම නිසා එම වෛද්‍යවරුන් මෙන්ම රෝගී සත්කාර සේවාවද දැඩි අර්බුදයකට ලක්ව ඇත.

එබැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන්ගෙන් ඉල්ලා සිටිනුයේ මෙම ස්ථානමාරු ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක කරන ලෙසත්, එමඟින් දුෂ්කර ප්‍රදේශ වල ඇති වෛද්‍ය හිඟය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසත්ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments