25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නත්තල් දින සමරු මුද්දර හා මුල් දින කවරය අගමැති ප්‍රධානත්වයෙන් නිකුත් වෙයි.

නත්තල් දින සමරු මුද්දර හා මුල් දින කවරය අගමැති ප්‍රධානත්වයෙන් නිකුත් වෙයි.

නත්තල් දින සමරු මුද්දර හා මුල් දින කවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (01) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී නිකුත් කෙරිණි.

පළමුවෙන් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සමරු මුද්දර සහ මුල්දින කවරය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාරදෙන දුන්නේය.

අනතුරුව අමාත්යා ඩලස් අලහප්පෙරුම මහතා එම සමරු මුද්දර හා මුල් දින කවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්නුවේය.

මෙසේ නිකුත් කළ සමරු මුද්දර රුපියල් 45 සහ රුපියල් 15 වටිනාකම්වලින් යුක්තය.

ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ අංශයෙන් මුද්දර නිර්මාණ තරගයේ ජයග්රා හකයන් වූ කඳාන ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ නිමේෂ් චමත් පෙරේරා සිසුවාගේ සහ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ෂිනාලි රුවන්යාි පීරිස් ශිෂ්යාිවගේ ජයග්‍රාහි හී චිත්‍ර යොදාගනිමින් මෙවර නත්තල් දින සමරු මුද්දර නිර්මාණය වීම විශේෂත්වයකි.

ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ නිමේෂ් චමත් පෙරේරා සිසුවා චිත්‍රණය කළ අග්‍රාමාත්‍යවරයාගේ රුව නිරූපිත සිතුවමක් ද මෙහි දී එම සිසුවා අගමැති වෙත පිළිගැන්නුවේය. කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහිකාව වූ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ෂිනාලි රුවන්යාර පීරිස් ශිෂ්‍යාව ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ඇතුලු මහා සංඝරත්නය සහ ආචාර්ය සෙක්ටස් කුරුකුලසූරිය හා බර්ට්රසම් රංජිත් පියතුමන්ලා මෙහි පැමිණ සිටියහ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්,බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන,අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් එම්.කේ රත්නායක, තැපැල්පති රංජිත් ආරියරත්න,නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ,මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම,ක්‍රිස්තියාණි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරු දෙපළක් වන චතුරි පින්ටෝ සහ මාදවී දිව්යාං ජලී මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments