23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි ගවඝාතනාගාර හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීති විරෝධි ගවඝාතනාගාර හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලිම්වලදී පූගොඩ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ 11හී නිලධාරි පිරිසක් නීතී විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කිලිනොච්චිය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් යුධසමයේ භාවිතා කොට අතහැර දමා තිබු ආර්.පි.ජි. උණ්ඩ කොටසක් අත්අඩංගුවට ගෙන ඇත. සූරියවැව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් විකිණීමට සූදානම් කර තිබු නීති විරෝධි මුවමස් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර නැතිව මරණ ලද ගවයකුගේ මස් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ හී නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර නැතිව වල්ලපට්ටා ශාඛ කොටසක් යොදාගනිමින් වල්ලපට්ටා තෙල් නිස්සාරණය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් සැකකරුවකු නැතිව ගංජා හේන් තුනක් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ මෙහෙයුම් අංශ 1හී නිලධාරි පිරිසක් තීරබදු රහිතව මෙරටට ආනයනය කර තිබු මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 6000ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments