29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඑල්.ටී.ටී.ඊ. සංවිධානය වල දමන ලදැයි සැකකරන අවි ආයුධ හා රත්තරං සොයා කැණීම්...

එල්.ටී.ටී.ඊ. සංවිධානය වල දමන ලදැයි සැකකරන අවි ආයුධ හා රත්තරං සොයා කැණීම් කර සිටි අය, වැලි, නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්.දැලේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය වල දමන ලදැයි සැකකරන අවි ආයුධ සහ රත්ත්‍රං සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ වව්නියාව කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.එම්. ගුණරත්න මහතාට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය වාක‌‌‌‌‌රේ කඳවුරේ පොලිස් පරික්ෂක කේ.එම්.එන්.පී. සදකැළුම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) ඊච්චලම්පත්තු පොලිස් වසමේ මාවඩිචේන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය අවි ආයුධ සහ රත්ත්‍රං වල දමන ලදැයි සැක කෙරෙන ස්ථානයක කැණීම් කරමින් සිටි නාවලපිටිය, තබලගමුව, තෝපුල්, ත්‍රිකුණාමලය, වෙරුගල්, තෝපුර්, ගොපූර්, මුතූර් යන ප්‍රදේශ වල පදිංච් වයස අවුරුදු 31 ත් 56 ත් අතර පුද්ගලයින් අට දෙනෙකු කැණීම් කරමින් සිටි උදළු, සවල්, අලවංගු, යකඩ කම්බි කූරු යන භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඊච්චලම්පත්තු පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පොලිස් විශේශ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී පස්සර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කන්දකැටිය පොලිස් වසමේ, ලොග්ගල්ඔය රක්ෂිතයේ පිල්ලකඳුර ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු දේපල සමග අත්අඩංගුවට ගෙන ඇත. අරන්තලාව කඳවුරේ නිලධාරි පිරිසක් මහඔය පොලිස් වසමේ ටැම්පාන ප්‍රදේශයේදී බලපත්‍ර නැතිව මහඔය තුලට ට්‍රැක්ටර් රථයක් ඇතුළු කර යකඩ මීට සහිත සවලක් ආධාරයෙන් එහි ටේලරයට වැලි පටවමින් සිටි අයකු හා වැලි කෑණීම් කර ඔය තුලම ගොඩගසමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙ ඇත.ආරුගම්බේ කඳවුරේ නිලධාරි පිරිසක් පොතුවිල් පොලිස් වසමේ ගොව්පල්ආරු ප්‍රදේශයේදී බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කර වැලිකැණීම් කර පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් රාගම පොලිස් වසමේ සමගි මාවත රාගම ප්‍රදේශයේ දී නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර කඳවුරේ නිලධාරි පිරිසක් මරදන්කඩවල පොලිස් වසමේ මාමිනියාව, රබෑව ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් පෙරමින් සිටියදී එම උපකරණද ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කලවංචිකුඩි කඳවුරේ නිලධාරි පිරිසක් වෙල්ලාලි පොලිස් වසමේ කොළණිය ප්‍රදේශයේ බලපත්‍ර නැතිව වැලි කැණීම් කරමින් සිටියදී අයකු සමග ලෝඩර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. කලංවංචිකුඩි කඳවුරේ නිලධාරි පිරිසක් වෙල්ලාලි පොලිස් වසමේ කොළණීය ප්‍රදේශයේ බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය සූදානම් කර තිබු අයකු ටිපර් රථයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් හංවැල්ල පොලිස් වසමේ මාබුල වත්ත මාර්ගයේදී නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව කඳවුරේ නිලධාරි පිරිසක් තණමල්විල පොලිස් වසමේ බෝදාගම මොලබැකන්ද ප්‍රදේශයේදී නීති විරෝධිව රජයේ ඉඩමක වගාකර තිබු ගංජා පැළ සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැල්ලම්පිටිය ලිපිනයේදී කේරළ ගංජා ළඟ තබා ගැනීමේ වරදට අයකු අත්අඩංගුවට ගෙන ඇත. බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ පැරැණි අංශයට ඇතුළු වන දොරටුවේ සෝදිසි ස්ථානයේදී ගාල්ල බන්ධනාගාරයෙන් රැගෙන එන ලැබු රැඳවියකු සෝදිසි කිරීමේදි රැඳවියා සඟවා සායනිකව ප්‍රතිකාර ලබාගන්නා පොත ඇතුළත තිබි මොබිටෙල් වර්ගයේ සිම්පතක් හා රුපියලි සීයේ නෝට්ටුවක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments