ඒ මහතා මේ බව සඳහන් කළේ
විපක්ෂ නායක කාර්යාලයේෙ (01) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ රනපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමන් මෙසේද කීය………
මේ රටේ දැවෙන ප්‍රශ්න පාලකයන් අමතක කරලා. රටේ ජනතාව ඉතාම අසීරු තත්වයකට පත්වෙලා ඉන්න මොහොතක එය නොපෙනෙන විදියට පාලකයන් ඉන්න මොහොතක්. විශේෂයෙන්ම එදා 70 77 දශකයේ මේ රටේ පෝලිම් යුගයක් නිර්මාණය වෙලා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙරට නිර්මාණය කරපු ඒ ආර්ථික ක්‍රමයට අනුව රටේ හාල් කිලෝ එකක් අරගෙන රට ඇතුලත ඇවිදින්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. ආහාර ද්‍රව්‍ය වලට බාධක දැම්මා. රෙදි කෑල්ලක් අරගන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. වාහනයකට ටයර් එකක් අරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතිහාසය එදා දීපු පාඩම තමයි හයෙන් පහක බලයක් දීලා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට මේ රටේ බලය ලබා දුන්නේ එවැනි වටපිටාවක් තුළ මේ රටේ ජනතාව ඒ හිරවීම අමතක වෙලා රට වෙනත් දිසාවකට යොමු වෙලා තියෙන මොහොතක අද වන විට නැවතත් පෝලිම් යුගය දකින්න තියෙනවා එය අද මේ රටේ නිර්මාණය වෙලා සාමාන්‍යකරණය වෙමින් යනවා එය නතර වෙලා නැහැ අපිට මතකයි කහ වලට කිරිපිටි වලට සීනි කිලෝ එකට හාල් කිලෝ දෙකට පෝලිම නිර්මාණය වෙලා .ඒ විතරක් නෙවෙයි අද මේ රටේ මිලදී ගැනීමේ හැකියාවක් තියෙන කෙනෙකුට super market එකට කඩේ කට ගිහිල්ලා බඩු ගන්න බෑ ඒකටත් සීමාවල් පනවලා එහෙමනම් අද රට ආර්ථිකමය වශයෙන් 70 /77 යුගය මේ වෙනකොට ඒ කාරණා සිදුවෙයි නැවත වතාවක් රටේ සමාජය තුළ දකින්න පුළුවන් තත්වයක් ඇවිල්ලා
අලුතෙන්ම මතු වෙච්ච දේ තමයි ගෑස් කතාව පහුගිය දිනවල ගෑස් පෝලිමක් තිබුණා එහිදී රජය එක එක කාරණා මතු කරා එකපාරටම ලාෆ් ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මාධ්‍යයට ඇවිත් කිව්වා මට මේක කරගෙන යන්න බෑ ගෑස් මිල වැඩි කරන්න ඕන කියලා අසීමිත ගාන එකෙන් ගෑස් මිල වැඩි කරන්න අවසර දුන්නා එහිදී පාරිභෝගිකයා ගැන ආණ්ඩුව හිතුවේ නෑ ගෑස් මිල වැඩි කරා ටික දවසක් යනකොට නැවත වතාවක් ඒ සමාගම ගෑස් ගේන එක නතර කළා එහිදී කිව්වා සමාගම් දෙක එකතු කරන්න ඕන කියලා ඒකෙ පිටිපස්සේ ආණ්ඩුවේ බලධාරීන්ට මේකෙ අයිතිය ලැබෙන ගිවිසුම් නිර්මාණය වුණා ඒ ගිවිසුම් එක දැන් ගෑස් සමාගම් දෙක යම් එකඟතාවයකින් මේ රටේ ජනතාවට පහසුකම් සපයනවා කියන කාරණාව ඇතිවෙලා හැබැයි දැන් ඇතිවෙච්චි තත්ත්වෙ මොකක්ද ලාෆ් ගෑස් එකක් නෑ ලිට්‍රෝ ගෑස් එකක් නැහැ එවැනි වේලාවක ගැස් එකේ ප්‍රමාණය තුළ ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් ඇතිවෙලා ලංකා ඉතිහාසයේ ගෑස් වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් ආපු පළවෙනි අවස්ථාව මේක ප්‍රමිතිය නිසා මේ රටේ ජනතාවගේ ජීවිත අහිමි වෙන පළවෙනි අවස්ථාව මේක ගෑස් පිලිබඳ ප්‍රශ්නයක් මුළු රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා ඒකට උත්තර හොයන්න රටක් අවදි වෙච්ච පළවෙනි අවස්ථාව මේක අපි අහනව ගෝඨාභය රාජපක්ෂ කියන මහා විරුවා මේ රටට අරගෙන ආවේ මේ වගේ කාලකණ්නි දේශයක් නිර්මාණය කරන්න ද නරුම දේශයක් නිර්මාණය කරන්න ද මේ රටේ අහිංසක මිනිහට ගෙන ගෑස් ටැංකියක් තමන්ගේ කොමිස් මුදලට තමන්ගේ පාලකයන්ගේ බලු වැඩ වෙනුවෙන් ප්‍රමිතිය වෙනස් කරලා අද ප්‍රමිති සහතිකය දෙන්න එම ආයතනය මරනින්දේ ඉන්නවා ඒ වගේම මේ රටේ ගිනි ඇවිලෙන දිහා බලාගෙන ඉන්නවා ජීවිත අහිමි වෙනවා බලාගෙන ඉන්නවා ජනාධිපතිවරයා සුපුරුදු පරිදි වැඩක් කරල තියනවා ඒ කොමිෂන් එකක් දැමීමයි සති දෙකෙන් වාර්තාවක් ඉල්ලනවා ක්ශනික ඇමතුම් අංකයක් දාලා තියෙනවා 1311 කියලා මේවා කියලා හරි යයිද දෙයියනේ මේවා උත්තර නෙමෙයි දවසගානේ මේ ප්‍රශ්න නිසා රටේ ජනතාව අනතුරේ ඉන්නවා මේ පාලකයෝ කිසිම තැකීමක් නැතිව සද්දෙ නැතිව සති ගණන් කල් ඉල්ලනවා මෙහෙම වැඩ කරන්න ද මේ වීරයා ගෙනාවේ මේ වගේ රටක් නිර්මාණය කරන්න ද මේ වීරයා අරගෙන ආවේ මේවද එනකොට කිව්ව පොරොන්දු අඩුම ගානේ මේ ප්‍රශ්නයට ක්ෂණිකව උත්තරයක් හොයන්න පියවරක් තියන්න කොන්දක් නැති ආණ්ඩුවක් කියන එක මේ අවස්ථාවේ කියනවා කරුණාකර අනිත් වැඩ පැත්තකින් තියලා මේ ප්‍රශ්නය රටේ ජාතික ප්‍රශ්නයක් කියන එක අවබෝධ කරගෙන රටේ ජනතාව බේරගන්න අපහසුතාවය අවබෝධ කරගෙන ජීවිත තර්ජනයෙන් ජනතා මුදවා ගන්න අවශ්‍ය කටයුතු කරන්න .ගෑස් ප්‍රශ්නයක් තියෙනවා කියන එක පැහැදිලියි ඒක පාරිභෝගික කටයුතු භාර රාජ්‍ය ඇමතිවරයා ඒ කටින් කියනවා එතුමට ඒක කියා ගන්න බැරුව ඉන්නෙ එතුමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් විදිහට බෙල්ල මුලට හිර කරලා බිත්තියට හේත්තු කරල එතුමට ඇත්ත කියන්න බැහැ මේ වෙන විට පරීක්ෂණ වාර්තාවලින් මේ තියෙන ප්‍රොපේන් සහ බියුටේන් කියන සංයෝගයන් පිළිබඳව ඇත්ත තොරතුරු ඇවිත් තියෙනවා ලංකාවට නුසුදුසු බව අනාවරණය වෙලා තියෙනවා අපි දන්න තරමේ ඒක සමාජයට කියන්න බැහැ අඩුම තරමේ ඔබතුමා ලොවම හංගගෙන ඉන්න මේ රටේ ජනතාවට මේ වෙනකොට වෙළඳපොළට නිකුත් කරලා තියෙන ගෑස් ටික ආපහු අරගෙන හරි ජනතාවගේ අපහසුතාවයෙන් ජනතාව මුද වන්න කටයුතු කරන්න එහෙම නැතුව අංක දීලා අංක වලින් හොයාගෙන යන ගොන් ඔලමොට්ටල තකතීරු වැඩ වලින් මේ ආණ්ඩුව ඉවත් වෙන්න කියන කාරණාවත් මේ අවස්ථාවේ කියනවා.
අද ආණ්ඩුවේ ආර්ථික තත්ත්වය ඉතාමත් මන්දගාමීයි.ආර්ථික වශයෙන් සුරපුරයක් කරන්න කඩා වැටිච්ච ආර්ථිකය නගා සිටුවන්න හැමදාම කියන විදිහට ආර්ථික වේගය ඉහළ කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ අපිට ඕන තරම් සල්ලි හොයන්න පුළුවන් කියන පුරසාරම දාපු ආණ්ඩුව ඊයේ පාර්ලිමේන්තුවේදී විලි ලැජ්ජ නැතුව රාජ්‍ය ඇමතිවරයෙක් කියනවා අපේ රටේ ආර්ථිකය නගා සිටුවන්න ආර්ථිකයට ශක්තියක් වෙන්න අපි කංසා අපනයනයට යනවා කියලා ලැජ්ජයි ඇමතිතුමා ගමකින් ආපු ඇමතිවරයෙක් හැටියට රාජපක්ෂ මහත්තුරුන්ට රෙදි නැතුවම කඩේ යන්න එපා කියන්න මේ රටේ ජනතාව මේ රටේ සංස්කෘතිය සදාචාරය විකුණලා දාන්න එපා ගම්පහ මන්ත්‍රීතුමියක් කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා අපේන් ගියපු නෝනා කියනවා මේකේ කංසා ගේන්න කංසා ටික විකුණන්න ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඔබතුමිය ඒක කරගන්න කරගෙන යන විදියට සද්දෙ නැතුව ඒක කරගන්න මේ රටේ අහිංසක මිනිස්සු ආරක්ෂා කරන් ආපු සදාචාරය ආගමික පරිසරය මේ රටේ අන්‍යාගමිකයන් එක්ක ඇතිවෙච්ච ඒ සංහිඳියාව විනාශ කරන තීන්දු තීරණ වලට මේ පාර්ලිමේන්තුවේ එන්න ලෑස්ති වෙන්න එපා .අන්න එදාට තමයි ඔබතුමාලට වැරදෙන්නේ මේ ආණ්ඩුව මුට්ටිය දාලා බලනවා පසුපෙළ මන්ත්‍රීවරු දාලා මේ වැඩේ හරි යාවිද කියල ගංජා විකුණලා ආර්ථිකයක් හදන්න මේ රටේ කාන්තාව විකුණලා ආර්ථිකයක් හදන්න නම් ගෝඨාභය මහත්තයා මේ රටට ගේන්න ඕන නැහැ අර ත්‍රීවිල් එකක් එලවන මිනිහෙකුට මේ රට බාර දුන්නත් මීට වැඩිය හොඳට කරනවා ඒ මිනිහට අවබෝධය තියෙනවා මේ රටේ තියෙන ආර්ථිකමය ප්‍රශ්න වලට උත්තර හොයන්නේ කොහොමද කියලා ඒ නිසා ගංජා විකුණලා කාන්තාවෝ විකුණලා හදන ආර්ථිකයක් නම් 2022 ආර්ථික දැක්ම වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවේ අනේ අපේ රටට අබ සරණයි කරුණාකරලා මහත්තයෝ පුළුවන් මිනිහෙකුට කරන්න බාර දීලා යන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ.
දැන් හාල් ගැන කතා කරා පහුගිය කාලේ ගත්ත තකතීරු තීන්දු වල තවත් එකක් තමයි හාල් ටික පිටරටින් ගේන්නේ වෙලා තියෙන්නේ එදා කිව්වේ මේ රටේ මිනිස්සුන්ට වහ කවන්න හොඳ නෑ මේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා වකුගඩු රෝගීන් නිර්මාණය වීම නතර කරන්න තමයි අපි කාබනික පොහොරවලට යන්නේ කිව්වා හැබැයි අපි හාල් ගේන්නේ නෑ හාල් ගෙනාවොත් මහින්දානන්ද එක පැය භාගයක් ඉන්නේ නෑ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා කිව්වා ඔන්න දැන් මියන්මාරයෙන් හාල් එනවා මොනවද වෙලා තියෙන්නෙ ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිලා ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාට දේශපාලනය පිළිබඳ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් නෑ ඒක පැහැදිලි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති විදියට ඔබතුමාට මේ ප්‍රශ්න ඇහෙන්නේ නෑ ඔබතුමාට එක්කෝ ප්‍රශ්න දැනෙන්නෙ නැති තැනට පත්වෙලා නිසා අද බැසිල් රාජපක්ෂ මහත්තයට ඕන වෙලාවක මේ රටෙන් එළියට යන්න හයිය තියෙන මනුස්සයෙක් විදිහට මේ රටේ ජනතාව එල්ලා මරණ තත්වයට ඇවිත් තියෙනවා පාගලා මරණ තත්වයට ඇවිත් තියෙනවා මේ රටේ ජනතාව නොකා නොබි හාමතේ මරලා දාන්න තත්ත්වයට ඇවිත් තියෙනවා කරුණාකරලා මේ ගැන අවබෝධයෙන් කොන්ද පණ තියෙන එක් ඇමතිවරයෙක් ඉන්නවනම් මේ අමාත්‍යාංශය භාරව කෙලින් ඉඳගෙන මේ ආණ්ඩුව ගෙනියන්න මර්ධනකාරී ජනතාව අසරණ තත්ත්වයට පත් කෙරෙන වැඩපිළිවෙළ එරෙහිව හිටගන්න ඩලස් අලහප්පෙරුම ඇමති තුමා යුගදනවියට එරෙහිව අයින් උනා වගේ කොන්ද කෙලින් තියාගෙන හිටගන්න කියනවා නැතුව මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ සන්දර්ශන දාලා ආණ්ඩුවේ තවදුරටත් සපත්තු ලෙව කන තත්ත්වයට නෙමෙයි රට බේරගන්න ඉස්සරහට එන්න අපි විපක්ෂයේ කාර්යභාරය කොන්ද කෙලින් තියාගෙන කරනවා අපි කියනවා මේ රටේ ජනතාවට මෙහෙම විසඳගන්න බැරි නම් මොන තර්ජන ගර්ජන මේ ආණ්ඩුවෙන් ආවත් මහ පාරෙදි හරි රාජපක්ෂ මහත්තුරුත් එක්ක මේ ප්‍රශ්න විසඳ ගන්න සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක මේ රටේ පොදු ජනතාව සූදානම් වෙලා ඉන්නවා.
ඊයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිපිරීමක් සිදු වුණා ලංකාව පුරා පිපිරීම් අටක් පමණ සිදු වෙලා මේක එන්න එන්න වැඩි වෙනවා මෙච්චර කල් එහෙම එකක් නැති වුණේ පරණ ගෑස් එකට අලුත් එකක් ගත්තෙ නැති හින්දා දැන් අරගෙන තියෙනවද අලුත් ගෑස් එක පාවිච්චි කරනකොට රටපුරා තව කොච්චර එයිද ඒක නතර කරගන්න බැරි වෙනවා කොරෝනා වසන්ගතය දී මිනිස්සු මැරුනට පස්සේ බෙහෙත් ගෙනාවා වගේ මේ රටේ ගෑස් වලිනුත් මිනිස්සු මැරුණට පස්සේ ආණ්ඩුව උත්තර හොයලා වැඩක් නැහැ මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු අධ්‍යයනය කරලා ඔවුන්ගේ වාර්තා එනකම් කල් අරන් ජනාධිපති තුමාගේ වාර්තාව එනකන් කල් ගන්න මේ අංකයට තොරතුරු එනකං කල් ගන්න මොන ආණ්ඩුව ද? මේ වගේ දෙයක් කරන ආණ්ඩුවක් ඕනෙද මේක රටේ ස්වේච්චා සංවිධානයටත් කරන්න පුළුවන් සර්වෝදයට කරන්නත් පුළුවන් බරු වැඩ ගොංපාට් නතර කරල දාලා මේ ප්‍රශ්නයට අවශ්‍ය කෙලින් උත්තරය හොයන්න.
පැහැදිලිවම ගෑස් පිපිරීම ආපදාවක් ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ කුස්සියෙ වැඩ කරන අපේ කාන්තාවට ගිහිල්ලා බය නැතුව කෑම ටික හදාගන්න බැරි තත්ත්වයක් මේ රටේ කවදාවත් ඇති වෙලා නැහැ මට අවශ්‍ය බඩු ටික ගන්න ආර්ථිකය කඩාගෙන වැටිල තියෙන වෙලාවක හාල් ටික හොයා ගන්න විදියක් නැති තත්ත්වයට කුස්සිය පත්වෙලා තියෙන කොට ඒකට උත්තරයක් හොයන්න බැරිනම් ඒක ආපදාවක් කියන කාරණාව අවබෝධ කරගන්න බැරි නම් ඒක ප්‍රශ්නයක්.
පැහැදිලිවම මම ඒ රටේ පුරවැසියෙක් විදියට කියනවා යහපාලන ආණ්ඩුව කාලෙත් පට්ටපල් බොරු ටිකක් ගෑස් සමාගමේ හිටියා ඔවුන් කරන්නේ මේ රටේ ගෑස් අලෙවි නියෝජිත ටික අල්ලගෙන මහ විශාල කොමිස් ටිකක් සාක්කුවට දාගන්නවා මේ වෙනකොට ප්‍රධාන විධායක නිලධාරී විදියට ඉන්න ජනක කියන නිලධාරියා මංකොල්ලකාරයෙක් විදියට මේ රටේ ගෑස් සමාගම් එක්ක නිළධාරින් එක්ක කටයුතු කරනවා අවශ්‍ය තොරතුරු අවශ්‍ය වෙලාවට අපි ඉදිරිපත් කරනවා ඒ නිසා ගෑස් බෙදාහැරීම තුළින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ කටයුත්තක් මෙතන වෙන්නේ නැහැ පාරිභෝගිකයට මොනව උනත් මේක ඇතුලේ මහා මංකොල්ලයක් සිදුවෙනවා එදා හාමුදුරුවොන්ට පඩි දෙන්න වැඩි වැටුප් දෙන්න මේ සමාගම් පාවිච්චි කරා අපි විරුද්ද වෙනවා ඒ නිසා අපි කියනවා ගෑස් සමාගම කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය සේවාවක් සපයන ආයතනයක් ඒක තවත් මංකොල්ල කන තත්ත්වයට පත් කරන්න එපා දැන් ඉන්න සභාපතිතුමා දන්න කෙහෙල්මල එතුමා ගෑස් වල තියෙන ප්‍රමිතිය දන්නෙ නෑ සංයුතිය දන්නේ නෑ නිලධාරී කියන ටික ඇවිල්ල කියනවා සභාපතිතුමා නොදන්න මගුල් කරන්නෙ නැතුව ගෙදර යන්න ඔබතුමා දන්නෙ නෑ වෙන දේවල් ඔබතුමා දන්නෙ නෑ මාපියාව ඒවට උත්තර හොයන්න අඩුම ගානේ මේ විෂය පිළිබඳ පොඩි හරි අවභෝදයක් තියන අවම අවබෝධයක් තියෙන කෙනෙක් හරි වාඩිවෙන්න නිකං හැපිචෝල් පොරවල් ගෙනල්ලා මේකෙ සභාපති බවට පත්වුණාම ඇමතිවරුන්ට ඕන විදිහට හොරා කන එක තමයි වෙන්නේ.
ගෑස් පෝලිමට උත්තරය මිනීමරන ගෑස් එකක් දෙන එක නෙමෙයි මේ මිනිස්සුන්ට මෙච්චර කල් ලබා දීපු ප්‍රමිති සහතිකය තියෙන ගෑස් ලබා දෙන එක ආණ්ඩුව පෝලිම නවත්තන්න මිනිස්සු මැරෙන ගෑස් එකක් දීලා පෝලීන් නවත්වන්න පුළුවන් නම් හෙට අනිද්දා කන්න පෝලිමේ ඉන්න කොට වහ ටිකක් දෙයි මිනිස්සුන්ට කෑම පෝලිමේ යන්න එපා මේකෙ මහා තියෙන්නෙ කියලා මේක සෙල්ලමක් විදියට හිතාගෙන ඉන්නවා නම් ආණ්ඩුව කරුණාකරලා ආණ්ඩුවෙන් කියනවා දැන් කරන්න බැහැ විකල්පයකට එන්න පාර්ලිමේන්තුවට ඇවිල්ල බයිලා ගහන්න යන්න එපා මේ රටේ තියෙන ප්‍රශ්න සියල්ල උත්තර හොයන්න පුළුවන් කතිකාවක් ඇති කරන්න අදත් උද්දච්ච කමට විපක්ෂය පැත්තක තියලා තනියෙන් උත්තර හොයන්න යනවා අපිට ආරංචි වෙනවා දැන් කරගන්න බැරිව පරණ නායකයෝ එකතු කරගෙන ජාතික ආණ්ඩු හදන්න යම් යම් කතිකාවක් ඇති වෙනවා කියලා අනේ බලාපොරොත්තුවෙන් ඉන්නවා පරණ බඩු ගෙනහල්ලා නැවත මේ රට උඩට ගෙනියන්න පුළුවන් නම් බොහොම හොඳයි අපි අත් දෙකෙන්ම ආචාර කරනවා ඒ ගමන සාර්ථක වෙන්න කියලා හැබැයි ඉතින් මේ රටේ මිනිස්සු දන්නවා පරණ බඩු කරපු දේවල්.
එදා කිව්වේ වද කොත්තු වද බ්‍රෙසියර් තියෙනවා කියලා වෙන වෙන කතා කිව්වා වඳ අම්මලා ඇවිල්ල දවසගානේ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති වල විශාල ඉඩක් දුන්නා වඳ වෙච්ච අම්මල ඇවිල්ල මට දැන් දරුවෝ අවුරුදු පහකින් නැහැ මට මේක මහා ලොකු ගැටලුවක් කියලා හඬලා කිව්වේ ඒ සංදර්ශන වලට ඉඩ දීපු රටක් තමයි අද නරක තැනට ගෙනල්ල තියෙන්නෙ මිනිස්සු රවට්ටලා ඒ සන්දර්ශන කරපු නයි ගෙනල්ලා හාමුදුරුවෝ චීවරය විනාශ කරපු ඒ ප්‍රවෘත්ති නිසා ඒ සපයපු නාලිකා නිසා ලැජ්ජ වෙන්න ඕන මේ රටේ ඒ සංදර්ශනය කරපු රට තමයි අද ඇත්ත තැනට ඇවිත් තියෙන්නෙ අද ඒවා බොරු සන්දර්ශන කියලද ඔප්පුවෙලා තියනවා ඒ අම්මලා ඔක්කොම අදත් ඇවිල්ල කියන්න ඕන දැන් තමන්ගේ ආණ්ඩුවක් තියෙන්නෙ එදා ඇවිල්ල ගියපු අයට සාධාරණයක් කෝ වෛද්‍ය සාපි පාඩුවේ ඉන්නවා වෛද්‍යවරයා වැරැද්දක් කරල නම් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්න ඕන ඒ ගැන කතා කරන්නෙ නෑ එහෙම නම් සංදර්ශන බොරු කියලා ගෙනාපු ආණ්ඩුවට දැන් ඇත්ත ප්‍රශ්න ටිකක් තියෙනවා ඒක වැඩි වෙලා තියෙන නිසා එය එළියට එන්නේ නෑ ප්‍රශ්න ඉවර වෙලා නෑ ප්‍රශ්න පෝලිමේ තියෙනවා හැබැයි ඊට වැඩිය දැවෙන ප්‍රශ්නයක් දවස ගානෙ මේ රටේ නිර්මාණය වෙනවා අද ගෑස් ප්‍රශ්නයට වැඩිය ලොකු ප්‍රශ්නයක් නෑ මොකද ඒ හරහා මිනිස් ජීවිත අහිමි වෙනවා කොරෝන නැති වෙලා නෑ අපි දන්නවා බොරු පීසිආර් ප්‍රමාණයක් කරන්නේ මේ රටේ. අභියෝග කරනවා හෙට පුළුවන් පරීක්ෂණ ලක්ෂයක් කරන රෝගීන් පනස් දාහක් හම්බ වෙනවා ආන්ඩුවේ දැනෙන්නේ නෑ මැරෙන එකෙක් මැරියං ජීවත් වෙන එකෙක් ජීවත් වෙයන් කියලා එන්නත් ටික ගහලා සංඛ්‍යාලේඛන පෙන්නන්න ඇමැතිවරයා හිතනවා නම් හරි අපි සාර්ථකයි කියලා හෙට අනිද්දා බලාගන්න පුළුවන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා.
කොරෝනා වසංගතය ට වඩා රාජපක්ෂ වසංගතය මේ රටෙන් තුරන් කිරීම දේශපාලන වශයෙන් ඉවත් කළ යුතුයි .අපේ ගෘහණියන් අම්මා වරු කුස්සිය තුල මේ දවස්වල තමන්ගෙ උයන පියන කටයුතු සිදු කරන ආකාරය එයා බෝම්බ නිශ්ක්‍රිය අංශය කරන අය පාවිච්චි කරන ඇඳුම් ඇඳගෙන තමයි ගෘහණියන් රාජපක්ෂවරුන්ට පින්සිද්ද වෙන්න උයන පිහන කටයුතු කරන්නේ මෙවැනි තත්ත්වයක් රටට උදා වෙයි කියන විශ්වාසය අපි හීනෙකින්වත් හිතුවේ නැහැ මොකද රටේ ජනතාවගේ ඇගේ මැස්සෙක්වත් වහන්නෙ නැති තත්ත්වයට රට ආරක්ෂා කරන්න ජාතිය ආරක්ෂා කරන්න විශ්වාසය තියෙන නායකයෙක් තමයි වර්තමාන පාලක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා ඔහු අසාර්ථක වීම සමත්වීම මෙය තුළ තියෙනවා අපි දකිනවා විශේෂයෙන්ම රටේ දෛනික ජීවිතය අඩපණ කරන්න ඉතා සූක්ෂම ලෙස මේ ආණ්ඩුව දැනුවත්ව ක්‍රියාමාර්ග ගත බව අපි පැහැදිලිව කියනවා දැන් පොහොර ප්‍රශ්නය දීර්ඝ වශයෙන් මේ රටේ ජනතාව පැහැදිලිවම කිව්වා කාබනික පොහොර වගාව හොඳයි හැබැයි ඒක ක්‍රමානුකූලව සිද්ධ විය යුතු දේ සඳහා යායුතු ගමන කුමක්ද කියලා යට ඇහුම්කන් නොදෙන අකීකරු කාලකන්නි ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් මාස ගණනාවක් ඒ පිළිබඳව මත කටයුතු කිරීම පිළිබඳව කොයිතරම් නන්නත්තාරද අපි දැක්කා එළවළු මිල අහස උසට ඉහළ ගියා එය අඩු වීමක් සිද්ධ වෙලා නැහැ අනෙත් සියලු භාණ්ඩ ඉහල ගිහින් තියෙනවා ඒ සියලු දේ දැනුවත්ව මේ ආණ්ඩුව කළ බව මේ වෙලාවේ අපිට අනාවරණය වෙමින් පවතිනවා අවසානයේ ආණ්ඩුව මොකද කර පොහොර නැවත ගේන්න කළුකඩ කාරයන්ට අවසරය දුන්නා කල්පනා කරලා බලන්න මොවුන් ගේ ගජ මිතුරන්ට අවශ්‍ය අසාධාරණ වැඩපිළිවෙළ නිර්මාණය කිරීම සඳහා මේ රටේ අහිංසක ජනතාව පාවිච්චි කරන ආකාරය පොහොර ගේන්නේ නැතුව කෘෂිකර්මාන්තය අඩපණ කරනවා කෘෂිකර්මාන්තය බිමට වැටුණට පස්සේ ගොවීන්ට නැවත වතාවක් 1500ට තිබුණු පොහොර මිටියක් දොළොස් දාහට දහතුන් දාහට ගන්න තැනට පත්වෙලා ඒ ව්‍යාපාරිකයා හරහා තමන්ගේ සාක්කු පුරවා ගැනීමේ කූඨ නින්දිත පහත් වැඩපිළිවෙළ අපි හෙළා දකිනවා එහි තවත් දිගුවක් හැටියට තමයි අපි දකින්නේ ගෑස් ප්‍රශ්නය.
අපි දන්නවා ප්‍රොපේන් සහ බියුටේන් කියන වායු දෙකේ තියෙන යම් වෙනස් වීම පැහැදිලිව හොයාගෙන තියෙනවා ඒ නිසා මේ වායු වල වැඩ වීම තුළ එක පැත්තකින් පීඩනය වැඩි වෙනවා එක පැත්තකින් දහනය වැඩි වෙනවා ඒ තුළ ගෑස් ටැංකි ඉක්මනින්ම ඉවර වීම උදෙසා යම් අසාධාරණයක් හෝ කූට වැඩපිළිවෙලක් මේ සමාගම් කරපු බව ඔප්පුවෙලා තිබියදී ඒ සඳහා පියවරක් ගන්න ආණ්ඩුව කටයුතු කරල නැහැ ආණ්ඩුව මොකක්ද කරන්නේ නැවත පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් දාල තියනව දැන් තේරීම් කාරක සභාවක් සාකච්ඡා කරන මේ මොහොතේ කීයක් ගෑස් ගිනි අරගෙන දැන් එන තත්ත්වයට පත් වෙලා.මේ කාරණය නිසා ඔලමොට්ටල ආණ්ඩුවට ගෑස් ආවෙ නෑවෙන් නම් අපේ රටේ ජනතාවට ගෑස් පිළිබඳ විශ්වාසය තියන්න අවස්ථාවේ ආණ්ඩුව කිව්වේ අපි දැක්කා සමහර මාධ්‍ය ආයතන වල නැව් වෙනවා පෙන්නුවා එහිදී ගෑස් නැති වෙයි කියලා පෝලිමේ හිටපු කට්ටියට යම් සතුටක් දැනෙන්න ඇති ඒ සතුට ගෙන දෙන ඉතිහාසයේ පොඩි ළමයි සතුටු කරනව වගේ තමයි ගෑස් නැව පෙන්නලා මේ ආණ්ඩුව ජනතාව සතුටු කරේ හැබැයි එහෙම ගෑස් නැව් ඇවිල්ල පෝලිමේ ගත්ත ගෑස් අරගෙන ගෙදර ගිහිල්ලා ආරක්ෂක ඇඳුම් දාගෙන තමයි කුස්සියේ උයන වැඩ කටයුතු කරන්න වෙන්නේ ඒනිසා මම කියනවා ගෑස් නැවේ ආපු ගෑස් සියල්ල ම මේ සංයුතියේ වෙනස් වෙච්ච ගෑස් නැවක් හැටියට උදාහරණ සහිතව ඔප්පු වෙලා ඉවරයි එහෙමනම් මේ සංයුතිය වෙනස් කරපු ගෑස් සිලින්ඩර අද රටපුරා කොහෙද තියෙන්නෙ කියලා ආණ්ඩුව දන්නවා මේ ආයතන දන්නවා ඉතා කඩිනමින් කළ යුත්තේ මේ සංයුතිය වෙනස් කරපු සියලුම ගෑස් ටැංකි ටික එක පැත්තකින් තබා මුද්‍රා තැබිය යුතුයි රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා. මේක ආයෙ අලුතෙන් කියන්න ඕන නැහැ රාජපක්ෂ මහත්තයට මේක තේරෙන්නේ නැතුව නෙමේයි මේ මොකක්ද කරන්නේ අනතුරුදායක ගෑස් ටැංකිටි ක ගිනි දැවිලා පිපිරිලා ගියාම තමයි ඒ ව්‍යාපාරිකයා ඒ සමාගමේ ගෑස් ටැංකි ටික අවසාන වෙනකන් ආණ්ඩුව රටේ ජනතා මැරෙනකම් බලාගෙන ඉන්නේ රාජපක්ශලා ගේ න්‍යාය ඒකයි මෙයාලා අපේ රට ගනුදෙනු හරහා දැනුවත්ව සංයෝගයෙන් වෙනස් කරලා තවත් ගෑස් ටැංකිය ලබාගැනීම වෙනුවෙන් කටයුතු කිරීම සියලු දේ දන්නා නිසා ආපු ගෑස් වල ඒ පාඩුව ගෑස් සමාගම් යොදවා ගැනීම වළක්වා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටීම ඉතා පහත් ලෙස හෙළා දකිනවා ඔවුන්ගේ දේපළ ජීවිත ගිනි අරන් පුපුරනවා උනාට කමක් නෑ ඒ ගෑස් වෙළෙඳපොළ විකුණුවාට කමක් නෑ රැස්වීම් තියලා කාරක සභා කියලා විශේෂ කාරක සභා තියලා ඒ අවසාන තීන්දු වෙනකොට මේ බාල ප්‍රමිතියෙන් පහත් ගෑස් ටැංකි ටික ඔක්කොම ඉවර වෙලා ඇති ඒ නිසා මම හිතනවා මේ ගන්න තීන්දු කැකිල්ලේ තීන්දු මෝඩ තකතීරු තීන්දු ගන්න පාලනයක් නිර්මාණය වීම සඳහා කටයුතු කරපු සමහර මේ රටේ වියතුන් උගතුන් මහා සංඝරත්නය අද දුක් වෙනවා ඇති වෙනස කියනවා පැහැදිලිවම මේ කාලකන්නි වැඩේ කරන්න එපා.
කෘෂි කර්මාන්තය නැති නිසා මිනිහා බොහොම අමාරුවෙන් පොහොර ටිකක් හොයාගෙන වී වගාව කරලා හාල් ටික එළවළු ටික අරගෙන දැන් ගෙදරට ගිහිල්ලා ඒ හොයාගත්ත දේ උයාගෙන කන්න බැරි තැනට පත් වෙලා ඒ නිසා මේ කොරෝනා වසංගතයේ මිය දෙනවට වඩා තමන්ගේ ජීවින වෘත්තිය අහිමි වෙලා හොයාගන්න දේ උයාගෙන බඩට දාගන්න බැරුව මිනිස්සු කී දෙනෙක් අද රටේ මැරෙනවා ඇතිද ඒ නිසා මේ කනගාටුව මේ රටේ ජනතාව භුක්ති විඳීම පිළිබඳව අපි කණගාටු වෙනවා මේවා රටෙන් කාලකන්නි පාලනයට විරුද්ධව නැගී සිටීමේ අයිතිය අපි සමගි ජන බලවේගය හැටියට නිර්මාණය කරත් අපේ තියෙන ප්‍රමාණය අනුව ඒක කරගන්න බැහැ හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකක්ද මේ නටන නාඩගම නිදහස් පක්ෂය අද පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් මාධ්‍ය තුළ ආණ්ඩුව වැරදි ආණ්ඩුව හොරකම් ආණ්ඩුව යන ගමන සියල්ල වැරදියි කිව්වට ඔවුන් ගන්න තීන්දුව මොකක්ද මේ ආණ්ඩුවට වෙලා ආණ්ඩුවෙන් එලියට බහින්නේ නැතුව මොකක්ද කරන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් අහන්නේ ආණ්ඩුව ඇතුළේ ඉන්නේ මන්ත්‍රීකම් සහ ඒ වරප්‍රසාද භුක්ති විදලා තමන්ගේ දේශපාලන ගමන අනාගතය ආරක්ෂා කරවීම වෙනුවෙන් රඟ දක්වන නාඩගම නවත්තලා මේ කාලකන්නි ඒකාධිපති ආණ්ඩුව පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුව යම් සාධාරණ තීන්දුවක් ගන්න බොරුවට එළිය කෑගහලා වැඩක් නෑ අරයගේ කුණු මම දන්නවා එයාගේ කුණු මම දන්නවා ඒව හාරන්න යනවා කියලා මං දැක්කා දයාසිරි මහත්තයා කෑගහනව ඕක නෙමෙයි කරන්න ඕන ඔයාලා දේශපාලන වශයෙන් ඉන්න ආණ්ඩුව හොඳ නැත්තේ ආණ්ඩුව යන්නේ මේ රටේ ජනතාව මරන්න නම් ඒ ආණ්ඩුව තුළ මේ කටයුතු දිගින් දිගටම කෙරෙනවා නම් ඒ සියලු අඩපණ කිරීම කරන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන් අනිත් පැත්තට ඇවිල්ලා වාඩි වෙලා ස්වාධීනව කටයුතු කරන්න එහෙම වෙන්නේ නැහැ එහෙම කරන්නෙත් නැහැ අපි දන්නවා එයාලගේ ගනුදෙනු ඩීල් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බොරු රඟදැක්වේ කරලා තමන්ගේ තනතුරු දේශපාන අවශ්‍යතාවය වෙනුවෙන් බොරුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය කෑගහන බව අපට පේනවා අද මුදල් ඇමතිවරයා රටේ නැහැ හැබැයි අයවැය යනවා එහෙ ඉදිරිපත් කළේ මුදල් ඇමතිවරයා එහෙමනම් මුදල් ඇමැතිවරයා මේ අය වැය විවාදය තුළ අවසානය දක්වා පාර්ලිමේන්තුවේ ද ඉන්නේ ඉන්දියාවේද අපි දන්නවා මේ අයවැය ලේඛනයට මුදල් නැහැ මහා සුරංගනා ලෝකයක් රටේ නිර්මාණය කරලා මහා විශාල ණයක් ලබා ගැනීම තුළ මේ අයවැය ලේඛනය ක්‍රියාත්මක වෙන්නේ එහෙමනම් ඒ අවසාන වෙන්න කලින් මේ රටේ මුදල් තත්ත්වය පිළිබඳව අවිනිශ්චිතයි අපි දන්න විදිහට ලැබිච්ච තොරතුරු අනුව බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්දියාවට ගිහිල්ලා තියෙන්නෙ මුදල් ඉල්ලන්න අපි දන්නේ නෑ එනකොට මොකක් විකුණන්න කතා කරගෙන එයිද කියලා මේවා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ දේපල නෙමෙයි මේ රටේ අහිංසක ජනතාවගේ අනාගතයට දරුවන්ට භුක්තිවිදින තියෙන ඒ සම්පත් ටික විකුණමින් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නිර්මාණය වෙන මේ කාලකන්නි වැඩ පිළිවෙළේ අවසානය දැකීම සඳහා සාධාරණ දේශපාලන වැඩි පෙළ අපි නිර්මාණය කරනවා.
බැසිල් රාජපක්ෂ මහත්තයා ඇයි ගියේ කියලා දැන් රටේ ජනතාවට කුතුහලයක් තියෙනවා අපි දන්නවා එතුමා යන්නේ මොකක් හරි පෙන්නලා ඒක විකුණල තමන්ගේ කඩා වැටිච්ච හොරකම දුෂණය වංචාව තුළ කඩා වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න කියලා අපි දන්නවා හැබැයි ඒකෙන් සල්ලි වලත් තමන්ගේ සාක්කුවට දා ගන්න කියන දේ පැහැදිලි ඒ ගැන දේවල් රටේ ජනතාවට ප්‍රයෝජනයක් නෙමෙයි කියන කාරණය මේ වෙලාවේ මතක් කරනවා.
මේ සියලූ කාරණා රටේ ජනතාවට දැන ගන්න තිබුණු මාධ්‍යයන් සියල්ලටම නිවැරදිව තොරතුරු දැන ගන්න තිබුනා තොරතුරු දැනගැනීමේ පනත ඒ අනුව නිර්මාණය වෙච්ච කොමිෂන් සභාව සත්‍ය තොරතුරු රටට ජනතාවට මාධ්‍ය ආයතන වලට වසන් නොකර සියලු තොරතුරු දැනගැනීමේ අයිතිය අපි එදා යහපාලන ආණ්ඩුවේ හැදුවා අද ඒකම සභාව අක්‍රිය වෙලා මාස තුනයි මේ රටේ ජනතාවට සියලු දේ වසන් කරලා තමන්ගේ හොරකම වැඩකම වැරදි දේශපාලන තීන්දු තීරණ ගැනීම සඳහා මේ රටේ සියලු දෙනාට දැනගත ඒ පනත අනුව ක්‍රියාත්මක වෙනු කොමිෂන් සභාව වහාම ජනාධිපතිතුමා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන්න ඒ නිලධාරීන් මාස තුනක් වෙනකම් කරලා නැහැ නිලධාරීන් පත්කර මොකද වෙන්නේ ආණ්ඩුවෙත් වැරදි රට හමුවේ ජනතාව හමුවේ මාධ්‍ය ආයතන හරහා නිර්මාණය වෙනවා වගකිවයුතු මාධ්‍ය ආයතන සියලු තොරතුරු රටේ ජනතාවට සත්‍යවාදී තොරතුරු නැවත ලබා දීම සඳහා ඔබට ලබා දී තිබුණු ඒ අයිතිය හද කෙළෙසමින් වනසමින් වළක්වමින් කටයුතු කරලා තියෙනවා මේවා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ආණ්ඩුවට හැමදාම රාජපක්ෂ මහත්තයට කෙරේ රටේ සැබෑ තොරතුරු වසන්කර සැබෑ මාධ්‍යවේදීන්ගේ ඒ කටයුතු වසන් කරන්න අවශ්‍ය ඉඩකඩ රෝගීන් නීතිය සහ අයිතිය පාවිච්චි කරා අද ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය නැති වෙලා.
අද විදුලි අර්බුදයක් නිර්මාණය වෙලා ඒක කුමන්ත්‍රණයක් කියන කාරණය නෙවෙයි අපි දකින්නේ මේ රටේ රටට අවැසි සම්පත් විකිණීම වෙනුවෙන් සමහර තැන්වල අරගෙන තියෙන අකීකරු තීන්දු ගුරු ගැටලුව අවසානය ආණ්ඩුවට රිවස් වෙන්න වුණා ඒ නිසා මම හිතනවා ආණ්ඩුව ඇතුලේම යුගදනවි බලාගාරයේ ඇමරිකාවට ලබාදීම ඒ අකටයුත්ත පිළිබඳව දැවෙන ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙන්න රටේ ජනතාව අසරණ කරන්න එපා මේවා කතාබහ කරල විසඳිය යුතු තමන්ගේ කොමිස් ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා තීන්ත තීරණ අරගෙන මේ රටේ උගතුන් වියතුන් ඉංජිනේරුවන් විදුලි කම්කරුවන් සියලු දේට ඇහුම්කන් දීලා රටේ ජනතාව අසරණ නොකර කටයුතු කරන්න දෑස් නැහැ කන්න විදියක් නැහැ උයාගන්න විදිය නැහැ ඒ සඳහා දර කඩන්න කැලේට යන්න වෙලා ඒකටත් කැලෑවක් නැහැ කියලා දැන් අවසානයේ බොහොම අමාරුවෙන් මොනවා හරි හොයාගන්න දේ කටට දාගන්න එළියක් නැති වුනොත් රෑට දවාලට මම හිතනවා රෑවෙනකොට ජනතාව කොච්චර අසරණ වෙයිද මේ තරම් අඳුරු යුගයක් ඛේදනීය යුගයක් නිර්මාණය වෙයි කියන කාරණය පැහැදිලිව රාජපක්ෂවරුන්ගේ අපි හිතුවේ නැහැ ඒ නිසා රාජපක්ෂ මේ රෙජිමයේ අවසානය දකින්න පුළුවන් සාධාරණ දේශපාලන වැඩපිළිවෙළ සමගි ජන බලවේගය තුළ අපි නිර්මාණය කරනවා කියන කාරණය මතක් කරනවා.