25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඉන්දියාවේ සිට රහසිගතව මෙරටට රැගෙන ආ දළ වටිනාකම රුපියල් ලක්ෂ 70ක්වු කේරළ...

ඉන්දියාවේ සිට රහසිගතව මෙරටට රැගෙන ආ දළ වටිනාකම රුපියල් ලක්ෂ 70ක්වු කේරළ ගංජා තොගයක් ලොරියකින් ගෙන යමින් සිටිද්දි එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

ඉන්දියාවේ සිට රහසිගතව මෙරටට රැගෙන ආ දළ වටිනාකම රුපියල් ලක්ෂ 70ක්වු කේරළ ගංජා තොගයක් පසුව ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටිය දී විශේෂ කාර්ය

බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස්

අධිකාරි පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන්

කණ්ඩායමක් (04) මිණුවන්ගොඩ පොලිස් වසමේ ගල්කන්ද හන්දියෙන් යකහටුව මාර්ගයේ ග්‍රින් ගාර්ඩ්න් පාරට හැරෙන මාර්ගය අසල දී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයකුවු

වයස අවුරුදු 39 ක පුද්ගලයෙකු කේරළ ගංජා ළඟ තබාගෙන ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටිද්දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිණුවන්ගොඩ

පොලිස් ස්ථානය වෙත වෙත භාර දී ඇත.

එහිදි කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 30, ග්‍රෑමි 673 යි, ජංගම දුරකථන 01 යි,ලොරි රථයක් ⁣

අත්අඩංගුවට ගෙන ඇත. මෙම කේරළ ගංජා වල දළ වටිනාකම රුපියල් ලක්ෂ 70වකට

අධිකවේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී මූලස්ථාන කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි ලෙස Pre-gab Capsule 65ක්, කේරළ ගංජා ග්‍රෑම් 23ක් හා හෑෂ් ග්‍රෑම් 08ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි කොට්ඨාශයේ නිලධාරි කණ්ඩායමක් ECSTASY වර්ගයේ මත්පෙති ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දැනට ඉන්දියාවේ සැඟව සිටින සුරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සුරංග යන අය සමග සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර තිබෙන පුද්ගලයින් වේ. ගෝනහේන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් හෙරොයින් ග්‍රෑම් 82ක් ළඟ තබාගෙන ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කළ අයකු අත්අඩංගුවට ගෙන තිබේ. උඩවලව කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධිව රජයේ ඉඩමක පර්චස් දහයක භූමි ප්‍රමාණයක වගාකර තිබු ගංජා පැළ 1,260ක් පමණ තිබු හේනක් අත්අඩංගුවට ගෙන ඇත. පුලියන්කුලම කඳවුරේ නිලධාරී පිරිසක් මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන ගිටිඅවි දෙකක් සැකකරුවකු නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක්, මිලි ග්‍රෑම් හාරසිය පනහක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ලාහුගල කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි කැණීම් කර ට්‍රැක්ටර් රථයකට පටවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් බන්ධනාගාරය වෙත රැගෙන එන ලැබු රැඳවියකු ළඟ තබාගෙන සිටි සිම්කාඩ් පතක් අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව පතල් කැණීම් සිදුකරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙනියාය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් පස් ප්‍රවාහනය කළ අයකු අත්අඩංගුවට ගෙන ඇත. තලවකැලේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් වැලි ප්‍රවාහනය කළ අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ග්‍රෑම් විසිහතරක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.පස්සර කඳවුරේ නිලධාරි පිරිසක් පර්චස් එකක භූමි ප්‍රමාණයක් ගංජා වගාවක් පවත්වාගෙන ගිය අයකු මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවක් සමග අත්අඩංගුවට ගෙන ඇත. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් බොරළු පස් පටවිමන් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරි හා යාපනය අඩවිවන කාර්යාලයේ නිලධාරි ඒකාබද්ධව මනාල්කාඩු කසුරිනා කස කැලේ රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවී දැව කපමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පරයනාලන්කූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර නැතිව වැලි කැණීම්කර ටිපර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් රැඳවියන් සෝදිසි කීරිමේදී දුම්කොළ කැබලි තුනක් හා සිම්කාඩ් පතක් සමග සැකකරුවන් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments