21.6 C
Sri Lanka
Wednesday, May 7, 2025
HomeTOPපළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයෙන් පළාත් පලාන ආයතන සභිකයන්ට හා නිලධාරින්...

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයෙන් පළාත් පලාන ආයතන සභිකයන්ට හා නිලධාරින් 75 දෙනෙකුට ඩිප්ලෝමා ප්‍රදානය කෙරේ.

ප්‍රජා සංවර්ධනය පිළිබඳව ඩිප්ලෝමාව සහ පළාත් පාලනය පිළිබඳ උසස් ඩිප්ලෝමාව හැදෑරු 2016-2018 වසර වල ඩිප්ලෝමාධාරින් 75 දෙනෙකුට ඩිප්ලෝමා ප්‍රදානය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා සිදු කෙරිනි.පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යාංශ යටතේ ඇති පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මගින් මෙම පාඨමාලා පැවැත්විණි.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.බී. විරසේකර, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය සූරතිස්ස දිසානායක, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සුරංග ද සිල්වා, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතන අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වන මහින්ද පාලිත, අමිල රංමණ්ඩල, චම්පිකා දිල්හානි සහා ආචාර්ය කරුණාරත්න ගමගේ, අමාත්‍යාංශ නීති උපදේශිකා ගයනි ප්‍රේමතිලක යන මහත්ම මහත්මීන් ඩිප්ලෝමා ප්‍රදානයට එක්විය.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය විසින් 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා සිසුන් 335 දෙනෙකු සදහා සහතික පත්‍ර පාඨමාලා පැවැත් වූ අතර ඉන් ලබා ඇති ආදායම රුපියල් 18,748,700.00 කි. (එක්කෝටි අසු හත් ලක්ෂ හතලිස් අට දහස් හත්සීයකි.) එසේම 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය සදහා ඩිප්ලෝමා පාඨමාලාවන් සදහා සිසුන් 580 දෙනෙකු සහභාගී වූ අතර එයින් ආයතනය ලබා ඇති ආදායම රුපියල් 14,500,300.00 කි. (රුපියල් එක්කෝටි හතලිස් පන්ලක්ෂ තුන්සීයයකි)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments