21.4 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්පකිස්තානයේදී අමානුෂිකව ඝාතනයට ලක්වෙච්ච ප්‍රියන්ත කුමාර සොහොයුරාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන...

පකිස්තානයේදී අමානුෂිකව ඝාතනයට ලක්වෙච්ච ප්‍රියන්ත කුමාර සොහොයුරාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාතිශය සංවේගය පල කරනවා.

  • පකිස්තානයේදී අමානුෂිකව ඝාතනයට ලක්වෙච්ච ප්‍රියන්ත කුමාර සොහොයුරාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාතිශය සංවේගය පල කරනාබවපාර්ලිමේන්තු මන්ත්‍රි උදයන කිරිඳිගොඩ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදිපාර්ලිමේන්තු මන්ත්‍රි උදයන කිරිඳිගොඩමහතා අදහස් දක්වමින්,

“පකිස්තානයේදී අමානුෂිකව ඝාතනයට ලක්වෙච්ච ප්‍රියන්ත කුමාර සොහොයුරාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාපොදුජන පෙරමුණේ සාතිශය සංවේගය පල කරනවා. පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම නියෝජනය  කරමින් ඊයේ මන්ත්‍රි කණ්ඩායමක් ශ්‍රි ලංකාවේ වැඩබලන පකිස්තානයේ මහා කොමසාරිස්වරයා හමුවුණා. එහිදි මේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සංවේගය සහ විරෝධය ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ වගේම එහිදි මහාකොමසාරිස්තුමාගෙන් ඉල්ලා සිටියා මේ සිදුවුණු අසාධාරණය, ඝාතනය සම්බන්ධයෙන් නිසියාකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරලා වරදකරුවාට දඩුවම්  කරන්න කියලා. එසේම ‍මේ ඝාතනයට ලක්වෙච්ච ප්‍රියන්ත කුමාරගේ පවුලට කලයුතු යුතුකම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා ඉල්ලා සිටියා. මෙයට සාධනීය පිළිතුරක් ලබාදෙමින් මහා කොමසාරාස්වරයා ප්‍රකාශ කළා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා මෙම සිද්ධියට බලවත් සංවේගයට පත්වෙලා තිබෙනවා. එම නිසා ඔවුන් මෙය සුළු සිද්ධියක් ලෙස සලකන්නේ නෑ කියලා. පකිස්තාන රජයම මේ සම්බන්ධයෙන් ගතයුතු නිතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන අංශ එකතු කරගෙන වැරදිකරුවන් අත්තඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේ නිරතවී සිටිනවා.

ඒ වගේම ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරනවා. අයවැය විවාදය වර්ජනය කරලා ඔවුන් බොහෝම සතුටින් පාර්ලිමේන්තුවේ මහජන පිවිසුම් දොරටුව අසල රැස්ව සිටියා.නමුත් ඔවුන් විදේශ මාධ්‍ය වෙත පණිවිඩය යැව්වේ පාර්ලිමේන්තුව තුළ අනාරක්ෂිතයි කියලා. එහෙත් ඔවුන් බොහෝම සුහඳව විනෝදයෙන් වැඩ කරගෙන යනවා. ඔවුන් අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරලා තිබෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නෑ. ඒ වගේම ඔවුන් උත්සහ කරනවා මෙයින් වැරදි ප්‍රතිරූපයක් වර්තමාන රජය කෙරෙහි විදේශයන්හි මවන්න. මේක සම්පූර්ණයෙන් අසත්‍ය ක්‍රියාවලියක්. ඒ නිසා මෙය තවදුරටත් මාධ්‍ය සංදර්ශනයක් පමණයි.

ඒ වගේම පාර්ලිමේන්තුව තුළ වෙන සාධනීය දේවල්, වැදගත් සාකච්ඡා, වැදගත් මාතෘකා සම්බන්ධයෙන් මාධ්‍යවල ආවරණයක් ලැබෙන්නේ නෑ. එහෙත් විවාදයකට පැටලෙනවානම් වැරදි දෙයක් කියනවානම් ඒකට තමයි මාධ්‍ය තුළ අවකාශය තිබෙන්නේ.මෙය පාර්ලිමේන්තුවේ සාධාචාරයසකස්  කරනවා වගේම මාධ්‍ය සාධාචාරයත් රැකෙන්න ඕන. නැතිනම් මේ රටේ ඉදිරිගමනට ලොකු බාධාවක් වෙනවා.

ඒ වගේම 2022 අයවැය පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක්වෙන අවස්ථාවේ වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමන් ගෙනල්ලා තිබෙන අයවැය අභියෝගාත්මක යුගයක ගෙනාපු අභියෝග ජයගැනීම සඳහා වෙනස්ව හිතලා ගෙනාපු අයවැයක්. මේ තුළින් රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම තමයි මූලික අභිප්‍රාය සහ අරමුණ වෙලා තිබෙන්නේ. එහි පියවරක් වශයෙන් සෑම ග්‍රාම නිලධාරි වසමකටම මිලියන 03 ක මුදලක් ලබාදිලා තිබෙනවා. ඒ වගේම පක්ෂ විපක්ෂය ගැන නොතකා සෑම පළාත් පාලන මැතිවරණ කොට්ඨාශයකටම ලක්ෂ 40 ක මුදලක් ලබාදිලා තිබෙනවා.”

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී අනූපම පැස්කුවෙල් මහතා අදහස් දක්වමින්,

“ඉතා කෘර ලෙස අන්තවාදීන්ගේ ප්‍රහාරයට  ලක්වෙලා ඝාතනයට ලක්වුණා අපේ ප්‍රියන්ත මහතා. අන්තවාදය කෲර ලෙස ඝාතනය කළා, මනූෂ්‍ය ඝාතනය ප්‍රසිද්ධියේ සිදු වුණා. 69 ලක්ෂය  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්කරලා ඉල්ලා සිටියා පාස්කු ප්‍රාහාරය කරපු අන්තවාදය නැවතත් මේ රට තුළ ජනිත නොවෙන්න කටයුතු කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා කටයුතු කරගෙන යනවා. අපි දැනගන්න ඕන මේ රට තුළත් අරාබි පාසල්, මධ්‍යසා පාසල් තුළින් රෝපණය වන අන්තවාදය අවසන් කළේ නැත්නම් අහිංසක මුස්ලිම් ජනතාවටත් මේ රට තුළ වාසය කරනන් බැරි අන්තවාදයක් නිර්මාණය වනවා කියන එක. එම නිසා සියලුම ජනතාව ඉතා සාමකාමීව අවබෝධ කරගෙන රජය විසින් මේ අන්තවාදය අවසන් කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ අවබෝධ කරගත යුතුයි.

ඒ වගේම පාර්ලිමේන්තුව තුළ අනාරක්ෂිත තත්වයක් ඇතිවෙනවා කියපු සජබ වැඩවර්ජනය ආරම්භ කළේ. මොවුන්ට පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාව නෑ කිව්වට පාර්ලිමේන්තුව ඇතුලේ සම්පූර්ණ ආරක්ෂාව තිබෙනවා. මෙය ජාත්‍යන්තර මිඩියා ෂෝ එකක් තමයි මේ කරගෙන යන්නේ.

එසේම ගෑස්වල තත්වය යම්කිසි ප්‍රශ්නයක් තිබෙන නිසා අතිගරු ජනාධිපතිතුමා ඒ සඳහා කමිටුවක් පත් කරලා තිබෙනවා.

ඒ වගේම පොහොර ප්‍රශ්නය සඳහා ජනාධිපතිතුමා විසින් හොඳ තීන්දුවක් ගත්තා. නමුත් ඒ තින්දුව ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්න තිබෙනවා. ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ ප්‍රශ්න තිබෙන නිසා අපි නැවතත් රසායානික පොහොර භාවිතා කිරීම සඳහා අවස්ථාව ලබාදිලා තිබෙනවා. ඒ වගේම කාබනික පොහොර සහනාධාරය දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒකනිසාසියලුම ජනතාව ඉල්ලා සිටිනවා පුළුවන් තරම් බිලියන 90 ක් මේ රටින් පිටරටට රසායනික පොහොර සඳහා ඇදිලා යන මුදල පුළුවන් තරම් අඩුකරලා මේ රටේ කාබනික පොහෝර නිෂ්පාදනය කරලා මේ රටට වස විසෙන් තොර වගාව සඳහා යොමුවෙලා මේ තුළින් නිරෝගි සම්පන්න ජනතාවකට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමටයොමු වෙන්න කියනවා. එම නිසා හරිත සංවර්ධන මත ඉලක්ක කරගත් රජයක් විදිහට ඒ සියලුම ක්ෂේත්‍ර තුළ තිබෙන අභියෝග ජයගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා.

ඒ වගේම මේ අයවැය තුළ තිබෙන්නේ නිෂ්පාදන අයවැයක්. ජනතාවගේම ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන්ම අවධානය යොමු කරලා තිබෙනවා. ආර්ථික අර්බුදය ජයගන්න නම් දළ ජාතික නිෂ්පාදනය වැඩි විය යුතුයි.”යනුවෙන් මෙහිදි සඳහන් කළෝය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments