විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට(07) ලැබුණු තොරතුරකට අනුව කිලිනොච්චිය නයාගපුරම් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ හැට එකක් හා පුද්ගල නාශක බිම් බෝම්බ දෙකක් සොයාගත් අතර එම පරීක්ෂා කිරීමේදී එම නිවසතුලට රැගෙන එන ලැබු මෝටාර් උණ්ඩ වල ඇති උසස් පුපුරණ ද්‍රව්‍ය ලබාගැනීම සදහා ග්‍රයින්ඩරයක් මගින් කපා පුපුරණ ද්‍රව්‍ය මෝටාර් තුලින් පිටතට ගැනීමට ගන්නා ලැබු උත්සාහයේදී එම මෝටාර් උණ්ඩයක් පිපිරී කිලිනොච්චිය ප්‍රදේශයේ එකම පවුලේ වයස අවුරුදු 13ත් 24ත් අතර වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් මියගොස් ඇති අතර ඔහුගේ බාල සහෝදරයා මේවන විට යාපනය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අණදෙන නිලධාරී විශේෂ කාර්ය බලකාය නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත යාපනය උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි D.D.D.K හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ කිලිනොච්චිය කදවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ගමගේ නිලධාරියා සිදුකල විමර්ශනයේදී මොවුන් දීර්ඝකාලයක් මුලුල්ලේ යුධ සමයේදී LTTE ත්‍රස්තවාදීන් කැලෑබද ප්‍රදේශවල අතහැර දමා යන ලැබු උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය මොවුන් විසින් රැගෙන පැමිණ ඉහත පුපුරණ ද්‍රව්‍ය ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මත්ස්‍යය සම්පත ලබාගැනීම සදහා නීතිවිරෝධී ක්‍රියාමාර්ග තුලින් මසුන් අල්ලාගැනීමට කටයුතු කළ බවට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදු කල විමර්ශන තුලින් කරුණු අනාවරණය කරගෙන තිබේ.එස සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.
මේ අතර විශේෂ මෙහෙයුම් අංශ 1හි නිලධාරීන් කණ්ඩායමක් වැල්ලම්පිටිය පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතරක් හා මිලිග්‍රෑම් 850ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය11හි නිලධාරී කණ්ඩායමක් මට්ටක්කුලිය පොලිස් වසමේ දී නීති විරෝධි විෂ මත්ද්‍රව්‍යයක් වන කේරළ ගංජා ග්‍රෑම් 108ක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 33,750ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් ගලේවෙල පොලිස් වසමේදී නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 45,000ක් පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.අක්මීමන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේදී නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 75,00ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම කඳවුරේ නිලධාරි පිරිසක් ඉලුප්පුකඩවායි පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කන්තලේ කඳවුරේ නිලධාරි පිරිසක් අග්බෝපුර පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ට්‍රැක්ටර් රථ දෙකක් ඇලට බස්සවා වැලි පටවිමන් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරි පිරිසක් රිදීගම පොලිස් වසමේදී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කඩකරමින් බලපත්‍ර නැතිව දැදුරු ඔයෙන් වැලි කැණීම් කර ටිපර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරි පිරිසක් ගොවිපුර පොලිස් වසමේදී බලපත්‍ර නැතිව වැලි පටවමින් සිටි අයකු ට්‍රැක්ටර් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.