පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී
වතුකොළ කන්ද කඳවුරේ ස්ථාපිත
දකුණු පළාත් මෙහෙයුම් ඒකකයට
අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක්
ශ්‍රී ලංකා යුධ හමුදා සන්නද්ධ බුද්ධි
අංශය වෙත ලැබුණු තොරතුරකට
අනුව නීති විරෝධි ලෙස තහනම්
පිහිය, තහනම් කඩු හා අත්විලංගු
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ.
පුවරසන්කූලම් කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් මඩු පොලිස් වසමේ
මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන
තුවක්කුවක් සැකකරුවන්
නොමැතිව අත්අඩංගුවට ගෙන
ඇත. පුල්මුඩේ කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් කුච්චිවේලි පොලිස්
වසමේ මෙරට නිෂ්පාදිත කොටන
තුවක්කුවක් ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන ඇත.
ගෝනහේන කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් කිරිබත්ගොඩ
පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්
03යි මිලිග්‍රෑම් 60ක් හා හෂීස්
මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම්
250 ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ.
සෙට්ටිකුලම කඳවුරේ නිලධාරීන්
පිරිසක් සකස් කරන ලැබු ගංජා
(ඈෂ්) ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 400ක්
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි
කොට්ඨාශ නිලධාරී පිරිසක් මෝදර
පොලිස් වසමේ වැටලීමක් සිදුකර
ඉන්දියාවේ රැඳිසිටිමින් මෙරට
මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන
ගමගේ සුරංග ප්‍රදීප් නොහොත්
වැල්ලේ සුරංගගේ අනුගාමිකයෙකු
වන වර්ණකුලසූරිය ආරච්චිලගේ
මධුසංඛ පෙරේරා නොහොත් දුමියා
යන අය කේරළ ගංජා ග්‍රෑම් 10යි
මිලිග්‍රෑම් 200ක් හා නඩරාජා
නිරෝෂන් යන අය කේරළ ගංජා
ග්‍රෑම් 10 සමග අත්අඩංගුවට ගෙන
තිබේ.
මේ අතර වාලච්චේන කඳවුරේ
නිලධාරි පිරිසක් වැලිකන්ද පොලිස්
වසමේ එම පොලිස් ස්ථානයේ
නිලධාරී සමග ඒකාබද්ධව
සිදුකරනු ලබන වැලිකන්ද පොලිස්
මාර්ග බාධකයේදී කේරළ ගංජා
ග්‍රෑම් 02 බැගින් අඩංගු කට්ට04
ළඟ තබාගෙන සිටි අයකු සමග ඔහු
ගමන්ගත් ලොරි රථය සමග
අත්අඩංගුවට ගෙන
ඇත.සංවිධානාත්මක අපරාධමර්දන
ඒකකය1හි නිලධාරි පිරිසක්
වැටලීම් දෙකක් සිදුකර
මට්ටක්කුලිය පොලිස් වසමේ
තීරුබදු රහිතව මෙරටට ගෙනවන
ලැබු සොඛ්‍යමය,රූපමය අවවාද
රහිත මෙරට භාවිතය සඳහා
තහනම් MANCHESTER
වර්ගයේ දුම්වැටි 400ක් ළඟ
තබාගෙන සිටි අයකු හා
SMOKERS DIE
YOUNGER ලෙස සඳහන්
දුම්වැටි 100ක් ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන ඇත.
සූරියවැව කඳවුරේ නිලධාරි පිරිසක්
තණමල්විල පොලිස් වසමේ
වැටලීම් දෙකක් සිදුකර පර්චස්
40ක පමණ භූමි ප්‍රමාණයක වගා
කර තිබු උස අඩි පහක් අඟල් තුනක්
පමණ වන ගංජා ගස් 3515ක
ගංජා හේනක් සැකකරුවකු
නොමැතිව හා පර්චස් 10ක පමණ
භූමි ප්‍රමාණයක වගා කර තිබු උස
අඩි දෙකයි අඟල් තුනක් පමණ වන
ගංජා ගස් 392ක ගංජා හේනක්
සැකකරුවන් නොමැතිව
අත්අඩංගුවට ගෙන ඇත.
ගෝනහේන කඳවුරේ නිලධාරි
පිරිසක් නීති විරෝධි මත්පැන් මිලි
ලීටර් 67,500ක් ගෝඩා360,000ක්
හා භාණ්ඩ ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන ඇත.
අක්මීමන කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් එම පොලිස් වසමේ
නීති විරෝධි මත්පැන් මිලි ලීටර්
14,000ක් ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම මුලතිව් කඳවුරේ නිලධාරි
පිරිසක් වැටලීම් තුනක් සිදුකොට
රක්ෂිතයට ඇතුළුවි කැලෑ කපා
එළිපෙහෙළි කරමින් (පර්චස්
15)පමණ සිටි තිදෙනකු
අත්අඩංගුවට ගෙන ඇත.අලුත්ගම කඳවුරේ නිලධාරීන් පිරිසක් නීතිවිරෝධි ලෙස වැලි කැණීම් කරමින් හා වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු ගෙන ඇත. කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් බලපත්‍ර නැතිව වැලි කැණීම් කර ටිපර් රථ දෙකකට වැලි පටවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. වව්නතිව් කඳවුරේ නිලධාරී පිරිසක් කොක්කඩිචෝල පොලිස් වසමේ නීති විරෝධි ලෙස මල්පිටිය ආර තුලට බස්සවා ඇළ ඉවුරට හානිවනසේ වැලි කැණීම් කර පටවමින් සිටි අයකු අදාල ට්‍රැක්ටර් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් සෝදිසි කරන ස්ථානයේදී රැඳවියකු 440.00ක මුදලක් කොළ පැහැති පොලිතින් කවර කෑල්ලක ඔතා ගුද මාර්ගයේ සඟවාගෙන තිබියදි අසුවි අත්අඩංගුවට ගෙන ඇත.