27.3 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අයවැය ලේඛනය හරහා අලුත් ගමනක් ආරම්භ කරන්න පුළුවන්කමක් තිබෙනවා. පා.ම.එස්.බී.දිසානායක

අයවැය ලේඛනය හරහා අලුත් ගමනක් ආරම්භ කරන්න පුළුවන්කමක් තිබෙනවා. පා.ම.එස්.බී.දිසානායක

රටේ ඉතාමත් පුංචි නිෂ්පාදකයින්ගේ ආර්ථිකය නඟා සිටුවමින් ග්‍රාමීය ආර්ථිකය හා ඉතා සුළු පරිමාණයේ  ව්‍යවසායකයින් ඉහළට එසවීමට මෙවර අයවැය තුළින් හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී.දිසානායක මහතා පවසයි.එසේ 2022 සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය තුළින් රටේ අලුත් ගමනක ඇරඹුමක් සනිටුහන් කළ හැකි බවද  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී.දිසානායකමහතා අදහස් දක්වමින්,

“අද අපි සම්මත කරන්න යන මේ අයවැය ලේඛනය හරහා අපි දිස්ත්‍රික් සංවර්ධන සභාවලට ලක්ෂ 1000 ක් දෙනවා. අපි ප්‍රාදේශීය සංවර්ධන සභාවලට ලක්ෂ 1000 ක් දෙනවා. ඒ අතර හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන්ට ලක්ෂ 100 ක් දෙනවා. නාගරික හා ප්‍රාදේශී සභා මන්ත්‍රිවරුන්ට ඒ අයගේ කොට්ඨාශ වලට මුදල් දෙනවා. සෑම ග්‍රාම සේවක කොට්ඨාශයකටමත් ලක්ෂ 30 ගානේ දෙනවා. මේ සියලුම මුදල් වලින් ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ මානව හිමිකම් සංවර්ධනයයි. දැන් මානව හිමිකම් සංවර්ධනය කරන්න කියනකොට අපිට ඉලක්ක දෙකක් තිබෙනවා. එකක් තමයි මේ රටේ සේවා හා කර්මාන්තවල කිසියම් නැගිට්ටවීමක් හා අපේ රටේ පහළ මට්ටමේ තිබෙන කෘෂි ආර්ථිකයේ නිෂ්පාදන තත්වය ඉහළට ගන්නයි මෙයින් කටයුතු කරන්නේ. ගමට යන මිනිස්සු අතරට යන මේ දැවැන්ත ධනය හරහා අපිට ධාන්‍ය නිෂ්පාදන උඩට ගේන්න පුළුවන් නම් මිනිස්සුන්ගේ ආදායම් තත්වය ජිවනෝපාය ශක්තිමත් වෙනවා. මේ තුළින් රටේ දළ දේශීය නිෂ්පාදනයත් ශක්තිමත් කර ගන්න පුළුවන්. අපේ රටේ කුරුදු කර්මාන්තය පොඩ්ඩක් තල්ලු කරලා ගත්තොත් අපිට ලොකුවට අපේ රටේ ජනතාවගේ ආදායම්තත්වය ගොඩ ගන්න පුළුවන් වෙනවා. ඒනිසා අපි එකින් එක එකින් එක මේ රටේ නිෂ්පාදන දේවල් බලලා අපි මේ අයවැය හරහා ගමට යන ඒ දැවැන්ත මුදල තුළින් කෘෂිකර්මාන්තයේ නියැලෙන 26% ආර්ථිකය උඩට ගේන්න පුළුවන්.

අපේ රටේ ආර්ථිකයේ තිබෙන දූගීකම දෙස බැලුවාම පේනවා 100 ට වඩා සේවකයෝ වැඩ කරන කර්මාත්නශාලා සේවා ආයතන ලංකාවේ තිබෙන්නේ 2410 යි. මුළු ව්‍යවසායකයින්ගෙන් 0.2 යි. ඒ නිසා රට පුරා විසිරි පැතිරි තිබෙන කර්මාන්ත, සේවා හා නොයෙකුත් ආධාරක සේවා ආදි ව්‍යවසායක කටයුතු කරන අයට අපේ ජිවනෝපාය හරා තල්ලුවක් දුන්නෝත් ඔවුන්ගේ ආදායම ශක්තියක් ලැබෙන අතර රටේ ආර්ථිකයටත් හොඳ ශක්තියක් එකතු වෙනවා. මේ වෙන් කරපු මුදලින් 40% ක් ම ඉලක්ක කරලා තිබෙන්නේ මේ රටේ ඉතාමත් පුංචි නිෂ්පාදකයින්ගේ ආර්ථිකය නඟා සිටුවීමයි. මේ හරහා මේ රටේ ග්‍රාමිය ආර්ථිකයත් , ඉතා සුළු පරිමාණයේ ව්‍යවසායකයාත්, නිෂ්පාදකයාත් ඉහළට ගන්න පුළුවන්වෙයි කියලා දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ විශ්වාසයෙන් තමයි අද අපි අයවැය ලේඛනයේ  තුන්වර කියවීමේ කාරක සභා අවස්ථාවේදී අපි මේ අයවැය සම්මත කරගන්න ක්‍රියාත්මක කරගෙන යන්නේ. මේ කාලය අපිට හරි අමාරුයි.අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග සේරම වැටිලා තිබෙන්නේ. එහෙත් විපක්ෂය බොහෝම සතුටින් ඉන්නවා.

අපි විශ්වාස කරනවා අද කඩා වැටිලා තිබෙන සංචාරක ව්‍යාපාරය ඉතා ඉක්මණින් යථා තත්වයට පත් වෙයි කියලා. ඒ වගේම අපේ රටේ ඇඟලුම් කඩා වැටිලා තිබෙනවා. නමුත් විශාල වශයෙන් ඇඟලුම් කර්මාන්තශාලාවල වැඩ වැඩි වෙයි. එයිනුත් අපේ නිෂ්පාදනය දවැඩි වෙයි. එනිසා අපේ රටේ ආර්ථික තත්වය යථා තත්වයට ආපහු ගන්න පුළුවන්. ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ විපක්ෂය සහ වෘත්තිය සමිති කරන මහා උද්ඝෝෂණ හා විරෝධතායි. ලෝකයේ මේ අවස්ථාවේ පඩි වැඩි කරන වෙලාවක් නොව පඩි කපන වෙලාවක්. විවිධ රටවල්වල වැටුප් වැඩි නොවුන කියලා පාරට බැස්සේ නෑ. හැබැයි අපේ සේවකයෝ මේ වෙලාවෙත් වැටුප් වැඩි කරන්න කියලා පාරට බහිනවා.මේ කොවිඩ් වසංගතය පාලනය කරගෙන එනකොට එය විනාශ කරන එකත් සහ දරා ගන්න බැරි වැටුප් වැඩීවීම් දීමනා, ඉල්ලීම් කරලා පාරට එක එකත් ඉතාමත් නරක වැඩක්.

ඒ නිසා මම කියන්නේ අයවැය ලේඛනය හරහා අලුත් ගමනක් ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා සැඩි විශ්වාසක් තිබෙනවා.”

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රීසුදර්ශන දෙනිපිටියමහතාදඅදහස් දක්වමින්,

“ කවුරුත් දන්නවා අද අයවැය විවාදයඅවසන් වෙනවා කියලා.ඒකත් එක්ක හැමෝම කතාවෙනවා අපේ රටේ ආර්ථිකය, ඉදිරි සැලසුම් කොහොමද වෙන්නේ කියලා. ලෝකයෙම තිබෙන කොවිඩ් අර්බුදයත් එක්ක තමයි අපි මේ ගමන පැමිණියේ. නමුත් 2005 වසරේදිමීටත් වඩා අර්බුදයක් අපේ ලංකාවේ තිබුණා. හැබැයි මනා කළමණාකාරිත්වයකින් යුක්තව අපි වැඩ කළා. ඒ අවස්ථාවේදී මුළු රටම එකතුවෙලා තමයි යුධ ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණේ. අවුරුදු 30 ක් තිස්සේ තිබුණු යුද්ධය දේශපාලන  නායකත්වය සහ ඒ රජය ශක්තිමත්ව දායක වුණ නිසා ජනතාව සියලුදෙනා එකාමෙන් කටයුතු කරපු නිසා තමයි අපිට ඒ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ.

ඒ වගේම අපිට මේ සැරෙත් අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට භාරගෙන කිහිප දවසක් යද්දි කොවිඩ් වසංගතය පැමිණියා. හැබැයි අපි ඒකට කලින් සෞභාග්‍ය දැක්ම යටතේ අපේ රට කොහොමද නිර්මාණය කරන්න, අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න සැලසුම් හදලා තිබුණේ කියලා. එසේම ජනාධිපතිතුමා පිටරටවලින් අපේ රටේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ගෙන ඒම නැවැත්තුවා.මේ තත්වයට වගකියන්න ඕන ඇත්තටම යහපාලන ආණ්ඩුවයි. මහ දවල් මහ බැංකු කොල්ලය  නිසා අපේ තිබුණු මුදල් ප්‍රමාණය හොරා කාලා මහ බැංකුව අස්ථාවර කරන තත්වයට පත් කරලා තමයි අපිට භාර දුන්නේ. අපි ගත්ත දවසේ ඉදන් අපි ටිකෙන් ටික නිෂ්පාදන ආර්ථිකයට ගියා. වහලා තිබුණු කර්මාන්තශාලා නැවත ආරම්භ කළා. මෙක්ට්‍රිටොන් 950 ක් මේ වසරේ කඩදාසි නිෂ්පාදනය කළා. මේ දේවල් කරගෙන එනකොට තමයි මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා අපේ ආර්ථිකය අස්ථාවර වෙන්න ගත්තේ.

මේ විපක්ෂය ඉන්න කණ්ඩායම වෙනත් මුහුණුවරකින් ඇවිල්ලා කිසිදෙයක් නොවුන ගාණට අපේ රටේ විනාශ කරන්න කත් අදිනවා.

අපි ලබන අවුරුද්දේ අවසාන වන කොට ජනතාවට පහසුකම් ලබාදෙන්න රාජ්‍ය ආයතන සියල්ලම ඩිජිටයිස් කරලා අපි online වැඩ කරන්නආරම්භ කරලා තිබෙනවා. රටේ සිටින softwaredevelopersගරු නාමල් රාජපක්ෂ මැතිතුමා සෑම දිස්ත්‍රික්කයේම ඒ අය එකතු කරලා විදේශ විනිමය ඉපැයිමේ ක්‍රමයට දායක වෙන්න මේ වන කොට ක්‍රියා කරනවා.

ඒ  වගේම විපක්ෂය චෝදනාවක් නඟනවා හමුදාවට කිරි දෙන්නේ නෑ ප්ලේන්ටි දෙන්නේ කියලා. ලෝකයේ තිබුණු තත්වයත් එක්ක යම්කිසි අපහසුතාවයක් , යම්කිසි අඩුපාඩු වුණා. නමුත් අපි ඔවුන්ට ඒ සඳහා ආදේශක ලබා දුන්නා.අපි හමුදා විරෝදාර රණවිරුවන්ට කවාදාවත් අඩුවක් කළේ නෑ. මේක වරප්‍රසාදවලට මුවා වෙලා විශාල වශයෙන් කතා කරපු  දෙයක් පාර්ලිමේන්තුව තුළ. විපක්ෂයෙන් මේක හමුදාවේ විරෝදාර රණවිරුන්ට කරපු අගෞරවයක්. එසේම මුළු ලංකාවේම සියලු දෙනාටම ජලය ලබා දෙන්න කටයුතු කරගෙන යනවා.2025 වෙනකොට අඩුම වශයෙන් 85% ක විතර ජලය ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. මේ ව්‍යාපෘති යනකොට විපක්ෂයෙන් විවිධ චෝදනා නඟනවා.

අපේ රට සුන්දර රටක්. එය ශක්තිමත් කරන්න , ආර්ථිකය ශක්තිමත් කරලා රට දියුණු රටක් බවට පත් කරන්නඑකතු වෙමු කියලා මාධ්‍යවලින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් මෙහිදි සඳහන් කළෝය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments