21.9 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්නාවික හමුදා 71 වන සංවත්සරය නිමිත්තෙන් මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවිපිදු විරෝධාර නාවික...

නාවික හමුදා 71 වන සංවත්සරය නිමිත්තෙන් මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවිපිදු විරෝධාර නාවික විරුවන්ට ආචාරය පුද කරයි.

ශ්‍රි ලංකා නාවික හමුදා 71 වන සංවත්සරයට සමගාමීව මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවි පිදූ විරෝධාර නාවික හමුදා විරුවන් සිහිපත් කිරීමේ සහ පුෂ්පෝපහාර දැක්විමේ උත්සවයක් (09) වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියස දී පැවැවිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස්මත පැවැති මෙම රණවිරුවන් සිහිපත් කිරිමේ සහ පුෂ්පෝපහාර දැක්විමේ අවස්ථාව ජ්‍යෙෂ්ඨ උපදේශක (සෞඛ්‍ය හා පෝෂණ) වෛද්‍ය රියර් අද්මිරාල් ජිඑස්ආර් ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදි ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය පුද කරන ලදී. අනතුරුව විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පවත්වා අප මාතෘ භූමියේ නිදහස හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද නාවික රණවිරුවන්ට ආචාරය පුද කෙරිණි.

මෙම සැමරුම් අවස්ථාව සඳහා, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ‍රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, නාවික හමුදා ‍ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් සීමිත පිරිසක් ද සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments