22.3 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්police newsපොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 37.1 ක් සමග අයකු...

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 37.1 ක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව (11) පිහිඹියගොල්ලෑව පොලිස් වසමේ රළපනාව, කිරිගල්වැව, මැදවච්චිය ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය උසස් පුපුරණ ද්‍රව්‍යක් වන වෝටර් ජෙල් කරල් 265 වන අතර පිපිරවීම සඳහා භාවිතා කරන විදුලිමය නොවන ඩෙටනේටර් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා දිග අඩි 170 ක් වන සාමාන්‍ය සේවා නූල් රෝල් 56 ක් අත්අංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු මැදවච්චිය, කිරිගල්වැව පදිංචි වයස අවු. 26 ක් වූ පුද්ගලයකු වේ. සැකකරු හා පුපුරණ ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කිසිදු අවසරයක් නොමැතිව කිලෝග්‍රෑම් 37 කට අධික පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගැනීම සම්බණ්ධයෙන් විශේෂ කාර්ය බලකාය විශේෂ විමර්ශනයක් සිදුකරනු ලබයි. විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කලාප අණදෙන නිලධාරී වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි අනුරාධපුර කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්‍ෂක ජී.ජී.වයි.ආර්. දයාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments