උත්සව සමයට ලංකා සතොසෙන් භාණ්ඩ වර්ග 50ක් වෙළෙඳපොළ මිලට වඩා අඩුවෙන් ලබාදෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ (11) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් සඳහා එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය………..එළඹෙන උත්සව සමය හා නව වසර ඉලක්ක කරගනිමින් ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා තවදුරටත් පාරිභෝගික ජනතාවට සහන ලබා දීමට කටයුතු සලසා තිබෙනවා. මෙතෙක් ලංකා සතොස හරහා ලබා දුන් සහනදායි මිල ගණන් අනුව භාණ්ඩ හිඟයක් නොවන ආකාරයෙන් සෑම පාරිභෝගිකයෙකු සඳහාම භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව සලසා දිමේ අරමුණින් සහල් වැනි භාණ්ඩ ප්‍රමාණයන් නිකුත් කිරීමේ සීමා පැනවූවා. උත්සව සමයේ එම භාණ්ඩ සීමා යම් ප්‍රමාණයකට ලිහිල් කිරීමේ තිරණයට එළඹි තිබෙනවා.
ඒ අනුව, මුළු ලොවටම බලපා ඇති ආර්ථික අවපාතය හා සෞඛ්‍ය කඩා වැටීම් තුළ නිෂ්පාදනය හා බෙදාහැරීම් ජාලය අර්බුදයන් රැසකට මුහුණ පා ඇති නමුත්,නාඩු සහල් කිලෝවක් රු.99.50කට ද සුපිරි සම්බා කිලෝවක් රු.130ක මිලට ද, සීනි කිලෝවක් රු.125ක මිලටද වශයෙන්දැනට වෙළෙඳපොල තුළ පවතින මිලට වඩා අඩු මිලෙන් යුතුව අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 50ක් පාරිභෝගිකයා වෙත ලබා දීමට දිවයින පුරා පිහිටි ලංකා සතොස අළෙවිසැල් හරහා කටයුතු සලසා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අත්‍යාවශ්‍ය භාණ්ඩ අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරනු ලබනවා.
එහිදී මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් අමත්‍යවරයා ප්‍රකාශ කරන ලැබුවේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් සමඟ ඉදිරියේදී ගිවිසුමකට යනවාද යන්න සම්බන්ධව රට තුළ පුළුල් සංවාදයක් ඇති විය යුතු බවත්, එලෙසට ගිවිසුම්ගත වන්නේ නම් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිමය කොන්දේසි සඳහා එකඟ වීමේ තත්වයකට මුහුණ දීමට ද රටක් වශයෙන් සිදු වන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා….
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට වාර්තා කරමින් එම සහයෝගයන් ලබා ගැනීමට පෙර අපි සලකා බැලිය යුතු කාරණා බොහොමයක් තිබෙනවා. ප්‍රතිපත්තිමය කොන්දේසි මාලාව තුළ අයවැය පරතරය 5%ට වඩා අඩු කළ යුතුයි. මේ සඳහා සේවක වැටුප්/වේතන මෙන්ම විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම් සීමා කිරීමට සිදු වනවා. ගෑස් මිළ ඉහළ දැමීමට සිදු වනවා, නිදහසේ භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම පාර්ශ්වයකට ඉඩ දිය යුතු වනවා. ඩොලරය පා වෙන්නට ඉඩ දිය යුතු වනවා.මේවාට ජනතාව කැමතිද යන්න අපි විමසා බැලිය යුතුයි.අපිට රටේ ජනතාව අපහසුතාවයට පත් කරන්නට බැහැ. පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දී මෙම කොන්දේසි සඳහා එකඟ වෙමින් එම රජය කටයුතු කළ නිසා ඍණ අගයකට වැටුණු ආර්ථික වර්ධන වේගය නිසාම, නැවතත් මේ කොන්දේසි සඳහා එකඟ වුවහොත් ඇති වන තත්වයන්ට ජනතාවගේ කැමැත්ත ගැන අපි විමසිලිමත් විය යුතුයි. දේශපාලනයෙන් බැහැරව විෂය පිළිබඳ ප්‍රමාණික විද්වතුන් සමඟ හෝ මෙම කරුණ ගැන ප්‍රබුද්ධ සංවාදයක් සිදු කළ යුතුයි.එමෙන්ම ලෝකයේම පවතින තත්වයන්ට තනි තනිව විසඳුම් ලබා ගැනීමේ හැකියාවක් නොමැති තත්වයක් උද්ගත වී ඇති වකවානුවක, වර්තමාන රජයෙන් මෙම ලබා දෙන සහන සියල්ලක්ම දැඩි දුෂ්කරතා හමුවේ සෑම රටකටම වඩා ජනතාවාදීව සිතමින් ගත් තීරණ මත පදනම් වූ සහන බව අවධාරණය කළ යුතුයි. ජනතාව මුලා කර සෑමදේම ආනයනය කර කටයුතු කිරීම යහපාලන ආණ්ඩුවෙන් සිදු කිරීමේ ප්‍රතිඵල තමයි අද මේ අත්විඳින්න වෙලා තිබෙන්නේ. කොහොම නමුත් අපි එවැනි අදූරදර්ශී තීරණ නොගන්නා බවත්, රජයේ වැඩපිළිවෙල තුළ ජනතාවට මෙම සහන සියල්ලක්ම ලබා දීමට අපි විධිමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙන්වා දෙන්න කැමතියි