22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPදැයේ දූදරුවන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑම පහසු‍වෙන්න මෙවැනි ශිෂ්‍යත්ව දහසක් ලබදෙන්න...

දැයේ දූදරුවන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑම පහසු‍වෙන්න මෙවැනි ශිෂ්‍යත්ව දහසක් ලබදෙන්න කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමියෝ ගත් තීරණය ඉතිහාස ගත වෙනවා.

මුළු ලෝකයම ව්‍යසනයකට පත්වෙලා, ආර්ථික අමාරුකම් තිබෙන අවස්ථාවක රජයම සෑමදේම කරන කල් බලා නොසිට දැයේ දූදරුවන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑම පහසු‍වෙන්න මෙවැනි ශිෂ්‍යත්ව දහසක් ලබදෙන්න කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමියෝ ගත් තීරණය ඉතිහාස ගත වෙන බව රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, මිරිසවැටිය විහාරාධිකාරි මහාචාර්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ ප්‍රකාශ කරති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඉකුත්(10) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති කොළඹ විශ්වවිද්‍යාල සිසුසිසුවියන්ට ශිෂ්‍යත්ව දහසක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්ය. එහිදි තවදුරටත් අදහස් දැක්වු රජරට විශ්වවිද්‍යාලයේ කුලපති නායක හාමුදුරුවෝ මෙසේද කීහ……….අද දවස රටක් රාජ්‍යක් ලෝකයක් ලෙස ගත්තත් හැමෝටම අමරු කාල පරිච්ඡේදයක් යන්නේ. අපේ බණපොත්වල සඳහන්වන ආකාරයට මෙය විපත්ති කාලයක්. මෙවැනි කාලයක කාටත් කරදර කම්කටොළු බාධක මැද තමයි කාටත් ජීවත්වෙන්න සිදුවන්නේ. වර්තමාන සමාජය දෙස බලනවිට දාඩියෙන් කඳුළෙන් තමයි කව්රුත් මේ ගමන ගමන්කරන්නේ. රටක් රාජ්‍යක් ලෙස බැලුවත් මේ දුප්පත් රාජ්‍යය අවුරුදු දෙකක් තිස්සේ ගමන ගැන හිතලා බැලුවොත් සතුටුවෙන්න පුළුවන්කම දැනෙනවා. රාජ්‍ය සේවයේ සිටින දාහත් ලක්ෂයටම ඉකුත් වසර දෙක තුල වැටුප් ගෙවලා , කොවිඩ්19 වසංගතයෙන් රටේ ජනතාව බේරගැනීම සඳහා එන්නත් ලබාදීලා. මිනිසුන් නීරෝගිමත් කරන්නට රජයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජය ගත් වෙහෙස ගැන අපි පුණ්‍යානුමෝදනාත්මකව ස්තූති වෙනවා. ඒ නිසාත් රටක් ණය බරින් බරිත වෙලා, ව්‍යසනයකට පත්වෙලා තිබෙන කාලයේ, රටේ විදේශ විනිමය නැතිවෙලා. සංචාරක ව්‍යාපාර කර්මාන්ත නැතිවෙලා. ආනයන අපනයන ආදායම් අන්තිම අඩුවු තත්ත්වයක තිබෙද්දීත් මේ ආකාරයක ගමනක් පැමිණීම ගැන අපි සමහර අවස්ථාවල පුදුම හිතෙන තත්ත්වයකුත් තිබෙනවා. දෙකෝටි දාහත් ලක්ෂයක් ජනතාව ජීවත්වන මේ රටේ හතළිස් තුන් ලක්ෂයක් පාසැල් දරුවන් සිටින, දහදහස් අටසීයක් පාසැල් තිබෙන මේ රටේ දරුවන්ගෙන් හත්ලක්ෂ පනස් දහසක් පමණ සාමාන්‍යපෙළ ලියලා , හාරලක්ෂ පනස් දහසක් පමණ උසස්පෙළ ලියලා හැටපන්දහසක් පමණ ළමයි විශ්වවිද්‍යාලයට ඇතුළත්වන රටක් තමයි මේ. වත්මන් ජනාධිපති පැමීණීමේන් පසු දරුවන් පහළොස් දහසක් විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම වැඩිකිරීමට කටයුතු කළා.

විසිදහසක් පමණ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වර්තමාන කුලපති ලෙස අපේ ගෞරවණීය පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනාන්ද නාහිමියෝ පත්වුණාට පස්සේ දරුවන් දහසකට ශිෂ්‍යත්ව ලබාදෙන්න තීරණය කිරීම ඉතාම වැදගත්. මේභික්ෂු ජීවිතය කියන්නේ අනුන් වෙනුවෙන් මා ජීවත් වෙන්නේ කියන එක සිහි බුද්ධියේ තබාගෙන වැඩකරන්න ඕනේ. අපේ මුරුත්තෙට්ටුවේ ආනනද නාහිමියෝ එවැනි ජීවිතයක් ගත කරන කෙනෙක්. දශක හයක් තිස්සේ සමාජ සේවාවන්වල නිරතවෙලා පාසැල් හදලා පන්සල් හදලා. වෙහෙර විහාරස්ථාන ගොඩ නගලා. පාසැල්වලට උපකරණ ලබාදීලා. ශිෂ්‍යත්ව අප්‍රමාණව ලබාදිලා. එවැනි සමාජසේවයට වෙනුවෙන් කැපවු අයෙක් තමයි අපේ මුරුත්තේට්ටුවේ හාමුදුරුවෝ. අව්‍යාජ ගති ස්වාභවයන් සිටින හාමුදුරුවො කෙනක තමයි අපේ නායක හමුදුරුවෝ.ජීවිතය ලැබුණාට මනුෂ්‍යත්වය ලැබෙන්නේ නැහැ. ඒ අතින බලන කළ අපේ නායක හාමුදුරුවො ළඟ මනුෂ්‍යත්වය තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලට ආඩම්බරයක් වෙන්න පුළුවන් අපේ නායක හාමුදුරුවන්ගේ පැමිණීම. උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයට පත්වී සති කිහිපයයි. ශීෂ්‍යත්ව දහසක් ලබාදුන් අයකු හැටියට ඉතිහාස ගතවෙයි. මම ලබාදී ලා තියෙන්නේ හයසීය ගණනයි. හාමුදුරුවෝ ශිෂ්‍යත්ව දහසක් ලබාදෙනවා. විද්‍යාර්ථයින් දහසකට වසරක් ඇතුළත ශිෂ්‍යත් දහසක් ලබාදීමේන් මුරුත්තේට්ටුවේ නාහිමියෝ ඉතිහාස ගත වෙනවා. එම නාහිමියෝ කර තිබෙන බොහෝ සමාජ සේවා බොහෝ තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ සිදුකල සමාජසේවා පිළිබඳ අපිට වැටහීමක් තිබෙවනවා. නායක ස්වාමින් වහෙන්සේගේ මෙම සමාජසේවයේදි මෙම දරුවන් ඉතා වටිනවා.මේ ලබාදෙන්නේ අනාගත පරපුරටයි. මේ ලෝකය වෙනස් කරන රටේ පරිසරය යහපත් කරන අනාගතය භාරගන්න මේ දරුවන්ගේ අනාගතයට ඔබ වහන්සේට පුළුවන් ප්‍රමාණයේ විවිධ මිනිසුන් තමන් විනෝද වෙන ඒවා සමාජසේවයක් ලෙස කල්පනා කරලා මේ දරුවන්ගේ ජීවිතයට ශක්තියක් වෙන්නට කියලා මෙතැන සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මේ ළමයින්ගේ ජීවිත මල් වගේ අපේ ජීවිත තව වෙසක් පෝය හතරක් ලෙස ජීවත් වෙයි.දරුවන්ගේ ජීවිතය තමයි අපිට ලබන්න පුළුවන් ඉහලම සතුට ක් ලබන්න හැකි වෙන්නේ මේ දරුවන් මේ රට පාලනය කරන දවසකයි. මේ වේලාවේ අපි සියලු කල්පනා කරගමු විශ්වවිද්‍යාලවල ළමයි දිහා බලනවිට හැත්තෑපන්දහසක් පමණ තමයි දරුවන් සිටින්නේ. දෙකෝටි දාහත් ලක්ෂයකින් අපිට මේ දරුන්ට ලබාදෙන්න හැකි සෑම දෙයක්ම රජයෙක් කරන කල් බලන් සිටින්නේ නැතිව අපිට පුළුවන් පුළුවන් ලෙස සහයෝගය ලබාදීලා. මේ ළමයි නැගිට්ටවලා ගත්තොත් අපේ ජීවිත අපේ රටට හොගමනක් යෑමට හැකිවේවි. අභයාරාමය සැම විටම සමාජ සේවයට කැපවු ස්ථානයක් අනන්තවත් ඇති දන්දීපුවා. සෑම විටම මිනිසුන්ට අනන්ත අප්‍රමාණ උදව් කළ ස්ථානයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔබවහන්සේව මෙම තනතුරට පත් කරන්න ඇත්තේ මෙවැනි ශක්තියක් කොළඹ විශ්වවිද්‍යාලයට ලබාදීමට වෙන්න ඇත. එවැනි තනතරුකට පත්වුණාම එහි වගකීම් නිසි ලෙස හඳුනාගෙන කටයුත කළාම හොඳ ගමනක් යෑමට හැකියි. ඔබ වහන්සේ මෙවැනි කටයුතු තවතවත් කිරීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

මෙහිදි අරමුණ පැහැදිලි කළ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති,අභයාරාම විහාරාධිපති හා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ…….. දැයේ දූදරුවන් විනයගරුක, ගුණගරුක බුද්ධිමත් පිරිසක් කිරීම අප කාගේත් වගකීමක් හා යුතුකමක්. ඒ සඳහා අපට හැකි උපරිම දායකත්වය ලබාදිය යුතුයි. මේ දරුවන් මාව හමුවු අවස්ථාවේදී ඔවුන්ට තිබෙන අඩු පහසුකම් පිළිබඳ කියා සිටියා. විශ්වවිද්‍යාලය කොළඹ 07 තිබුණාට මේ දරුවෝ එන්නේ දුර පළාත්වල සිටයි.ඒ දරුවන් බොහෝම දුකසේ තමයි මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා මෙම ශිෂ්‍යත්ව දහස ලබාදෙන්න මම තීරණය කළා. එමෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ඇතිව නේවාසික පහසුකම් පුළුල් කිරීමටත් හැකි උපරිම දායකත්වයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මට මේ ශිෂ්‍යත්ව දහස ලබාදෙන්න මෙතැන සිටින දානපති මහත්ම මහත්මිහු විශාල දායකත්වයක් ලබාදුන්නා.

මෙහිදි කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මල්වානේ චන්ද්‍රරතන නාහිමියෝ, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්මිය අදහස් දැක්වු අතර මේ අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි කේ.ඒ.එස්.එඩ්වඩ් , ටානියා අබේසුන්දර , මහින්ද මඩිහේවා යන මහත්ම මහත්මිහු ඇතුළු සම්භාවනී අමුත්තන් කිහිප දෙනකුම එක්ව සිටියහ. මෙහිදි ශිෂ්‍යත්ව දහස සංකේතවත් කරමින් සිසුසිසුවියන් විසිදෙනකුට රෙදිසෝදන යන්ත්‍ර පරිත්‍යාගය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය අතින් සිදුකෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments